ඇමරිකා හමුදාව 6500ක් සහිත යුද නැව ත‍්‍රිකුණාමලය ඉදිරිදියේ.. අන්තිම ගිවිසුම අත්සන් කරන්නට විදේශ ඇමති ඇමරිකාවේ.. ගිවිසුම් ගත සැණින් භටයන් ලංකා භූමියේ..

May 21, 2019 at 12:02 am | lanka C news
ඇමරිකා හමුදාව 6500ක් සහිත යුද නැව ත‍්‍රිකුණාමලය ඉදිරිදියේ.. අන්තිම ගිවිසුම අත්සන් කරන්නට විදේශ ඇමති ඇමරිකාවේ.. ගිවිසුම් ගත සැණින් භටයන් ලංකා භූමියේ..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

ගිවිසුම් ත්‍රිත්වයක් සහ බෝම්බ බිය හෙවත් “අතිකම්පන ප්‍රතිකාරය” හරහා සිදු කෙරෙන ඇමෙරිකානු මැදිහත්වීම පිළිබඳව

ඔබතුමා ඉතා හොඳින් දන්නා පරිදි මේ වන විට අගමැති කාර්යාලයේ පිහිටුවා ඇති මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නම් වූ ඇමරිකානු රාජ්‍ය සමාගමේ කාර්යාලයේ මෙහෙයවීමෙන් සකස් කළ ව්‍යාපෘති යෝජනාවක් සහ ගිවිසුමක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඇත. ඔබතුමා විසින් ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා, අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමත කිරීමෙන් වැළකී එය කල් තැබූ බව වාර්තා විය. නමුත් එය අනුමත කර ගැනීම සඳහා අගමැතිවරයා විසින් ප්‍රබල උත්සාහයක් දරන බව ද වාර්තා වේ.

ඒ අනුව මීට පෙර අමාත්‍ය මණ්ඩලයේ විධිමත් අනුමැතිය නොමැතිව කූඨ ක්‍රියාවලියක් හරහා අනුමැතිය ලැබුණු බව පෙන්වා අදාළ ගිවිසුම අත්සන් කිරීමට බලය ලබා ගැනීමේ අනතුරක් පවතින බව පැහැදිලිව පෙනේ. කෙසේ වෙතත් මේ වනතුරු ඔබතුමා විසින් එම බරපතළ ශ්‍රී ලංකා – ඇමෙරිකානු ගිවිසුම අත්සන් කිරීමට බලය ලබා දෙන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්හිටුවීම පිළිබඳව ජාතියේ ගෞරවය ඔබතුමාට හිමි වේ. නමුත් එම ගෞරවය දීර්ඝකාලීනව පවත්වාගෙන යාම සඳහා ඔබතුමා අසමත් වුවහොත් එමගින් රටේ ස්වාධිපත්‍යය බරපතළ අනතුරකට ලක්වන බව ඉතා ඕනෑකමින් ඔබතුමා වෙත දන්වනු කැමැත්තෙමු.

එසේම එම ශ්‍රී ලංකා – ඇමෙරිකානු ගිවිසුම එනම් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය මගින් දියත් කෙරෙන ආයෝජන සංවර්ධන කලාප පිහිටුවීම, ඉඩම් ප්‍රතිසංස්කරණ සහ මහාමාර්ග ආදී ව්‍යාපෘති ආවරණය වන ගිවිසුම අත්සන් කළහොත් එය ක්‍රියාත්මක වන්නේ තවත් ආරක්‍ෂක ගිවිසුම් දෙකක ආවරණය යටතේ ය. ඒවා Status of Forces Agreement (SOFA) සහ Aquisitaion and Cross Services Agreement (ACSA) ලෙස හැඳින්වෙන බව ද ඔබතුමා දන්නවා ඇත. එම ආරක්‍ෂක ගිවිසුම් දෙක ඔබතුමාගේ අනුමැතිය ඇතිව හෝ නැතිව මේ වන විට අත්සන්කොට අවසන් බව ද වාර්තා වේ. මෙම ගිවිසුම් ත්‍රිත්වයේ බරපතළකම සැලකිල්ලට ගත යුත්තේ පාස්කු ඉරිදා ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදීන් විසින් සිදු කළ ම්ලේච්ජ ප්‍රහාරයෙන් පසුව සමාජය තුළ ඇති වූ කම්පනය ඊට කුමන ආකාරයට බලපානු ඇත් ද, යන කරුණ ද සැලකිල්ලට ගනිමිනි.

1. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මගින් රටේ ඉඩම් අයිතිය විදේශීය සමාගම් සතු කිරීම සඳහා නව පනතක් හඳුන්වා දීමට සහ පවතින පනත් දෙකක් සංශෝධනය කිරීමට යෝජනා කරයි. ‘ඉඩම් බැංකු පනත’ මගින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම් සහ රජයට අයත් සෙසු ඉඩම් පෞද්ගලික අංශයට විකිණීම සඳහා ප්‍රතිපාදන සලසයි. ඉඩම් විශේෂ විධිවිධාන (සංශෝධන) පනත මගින් ගොවීන්ට ලබා දී ඇති විවිධ බලපත්‍ර යටතේ පවතින ඉඩම්වලට වෙළඳපලේ විකිණිය හැකි අයිතිය ලබාදීම හරහා ඒවා පුද්ගලික සමාගම්වලට විකිණීම සඳහා පෙළඹවීම් ඇති කරයි. තෙවන පනත වන ඉඩම් අයිතිය සීමා කිරීමේ (සංශෝධන) පනත මගින් දැනට පවතින අයිතිය සීමා කිරීමේ බාධක ඉවත් කෙරේ. ඒ අනුව අක්කර දහස් ගණනින් නොව ලක්ෂ ගණනින් මහා සමාගම් සතු කර ගැනීමේ අවස්ථාව නිර්මාණය වේ. ආයෝජන කලාප 4 ක් යටතේ ඇමරිකානු, ඉන්දියානු සහ ජපන් සමාගම් සතු කිරීම සඳහා නියමිත ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 12කි. (අක්කර ලක්ෂ 30කි)

2. ACSA නැමති ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ වරායන් සහ ගුවන් තොටුපළ පමණක් නොව අභ්‍යන්තර කඳවුරු පිහිටුවීම සඳහා ද අමෙරිකානු හමුදාවට බලය ලැබේ. දැනට ත්‍රිකුණාමල වරාය පිටත සැපයුම් කේන්ද්‍රයක් ලෙස නවතා ඇති ජෝන් සී. ස්ටෙනින්ස් නම් යුද නෞකාවේ හමුදා භටයින් 6500ක් රැඳවිය හැකි අතර යුද ගුවන් යානා 100ක් රැඳවිය හැක. ඒ අනුව ලෝකයේ විශාලතම හමුදා අනුඛණ්ඩය වන ඇමරිකානු ‘7 වන ඉන්දු – පැසිෆික් කොමාන්ඞ්’ වශයෙන් හැඳින්වෙන හමුදාවේ ප්‍රධාන සැපයුම් කේන්ද්‍රය ශ්‍රී ලංකාව බවට පත් වේ. ඊට පහසුකම් සැලසීම සඳහා ත්‍රිකුණාමල සහ කොළඹ වරායන් සහ කටුනායක ගුවන් ගුවන්තොටුපළ යා කෙරෙන ආයෝජන කලාපයක් පිහිටුවීම ආවරණය වන්නේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ ය.

3. SOFA නම් වූ තුන්වන ගිවිසුම අත්සන් කිරීම සඳහා විදේශ අමාත්‍යවරයා ඇමෙරිකාවට ගොස් සිටින බව වාර්තා වේ. එම ගිවිසුම මගින් අනෙක් ගිවිසුම දෙක හරහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට අවශ්‍ය ඇමෙරිකානු හමුදා සහ සිවිල් නිලධාරීන්ට තානාපති මුක්තිය ලබා දේ. එම නිලධාරීන්ට නිල ඇඳුම් සහිතව සහ ආයුධ සන්නද්ධව ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ක්‍රියාත්මක වීමට අවසරය ලැබේ. ඊට අමතරව ඔවුන්ගේ භාණ්ඩ ආනයනයේදී සහ අපනයනයේදී බදු අය කිරීම හෝ පරීක්‍ෂා කිරීම සිදු කළ නොහැකි අතර ඔවුන් අපරාධ වරදක් සිදුකළහොත් ඔවුන්ට ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ දඬුවම් කළ නොහැක. එම ප්‍රතිපාදන සියල්ල මගින් ඇමෙරිකානු හෝ නේටෝ හමුදා කඳවුරු ශ්‍රී ලංකාවේ පිහිටුවීමට අවශ්‍ය සියලු නීතිමය තත්වයන් නිර්මාණය වේ.

4. මෙම සියලු ගිවිසුම් මගින් නිර්මාණය කරන තත්වය ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව තුළ ඍජු හමුදාමය මැදිහත්වීමක් සහ ක්‍රියාකාරීත්වයක් ආරම්භ කිරීම සඳහා සමාජය තුළ එවැනි අවශ්‍යතාවක් සහ පිළිගැනීමක් ඇති කළ යුතු ය. එය මූලික මානසික යුද උපක්‍රමයකි. ඒ සඳහා සමාජයක් පෙළඹවීම මුල්කරගෙන ප්‍රචණ්ඩත්වය යොදාගැනීම පිළිබඳව ලෝකය පුරා බොහෝ සාක්ෂි ඇත. ඊට අදාළ ප්‍රචණ්ඩත්වය මුදාහැරීමේ ක්‍රියාවලිය මනෝ විද්‍යාත්මක යුද උපක්‍රම අනුව තාක්ෂණිකව හැඳින්වෙන්නේ “අතිකම්පන ප්‍රතිකාරය” හෙවත් Shock Treatment ලෙස ය. ඊට අදාළ න්‍යාය හැඳින්වෙන්නේ “අතිකම්පන න්‍යාය” හෙවත් Shock Doctrine ලෙස ය. මේ පිළිබඳව නයෝමි ක්ලේන් (Niomi Klain) නම් වූ පර්යේෂණ මාධ්‍යවේදිනිය විසින් වටිනා ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කොට ඇත. The Shock Doctrine නමින් ප්‍රකාශයට පත්කොට ඇති එම වටිනා ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කිරීමට අපි කටයුතු කරමින් සිටිමු. අප සමාජය වෙත එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරය විග්‍රහකරගත යුත්තේ මෙම න්‍යායාත්මක පසුබිම තුළ ය.

මෙම බරපතළ තත්වය රටේ උත්තරීතර නායකයා වන ඔබතුමා ඇතුළු සෙසු සියලුම දේශපාලන පක්‍ෂ නායකයින් සහ පොදු ජනතාව විසින් නිසි බරින් වටහා ගැනීමට අසමත් වුවහොත් ලිබියාව සහ සිරියාව වැනි රටවලට අත් වූ ඉරණම අපට ද අත්විය හැකි බව කිව යුතු ය. එම නිසා එම අභියෝගයට මුහුණ දීමේ පළමු පියවර ලෙස දැනට ඔබතුමා සතුව ඇති බලතල පාව්චිචි කරමින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ ලබා නොදෙන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

මෙයට,
විශ්වාසී,

විමල් වීරවංශ (පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,

97,095 Viewers

25 Comments to “ඇමරිකා හමුදාව 6500ක් සහිත යුද නැව ත‍්‍රිකුණාමලය ඉදිරිදියේ.. අන්තිම ගිවිසුම අත්සන් කරන්නට විදේශ ඇමති ඇමරිකාවේ.. ගිවිසුම් ගත සැණින් භටයන් ලංකා භූමියේ..”

  1. කැපුවත් කොල says:

    මාරපනේ මේ අහන්න.

    මවුබිම පාවා නොදෙන්න!

  2. මගෙ රට says:

    ජනාධිපති තුමනි,මේ රට විකුනන පරයා කර තිබෙන අපරාධ මදිද මේකාව අත්අඩංගුවට අරගෙන අපේ රට බේර ගන්න? අඩු තරමින් බටලන්ද කොමිසන් වාර්තාව අනුව ප්‍රජා අයිතිය අහෝසි කර දමන්න ? ඔබතුමාට විතරයි පුලුවන් දැන් අපේ රට බේර ගන්න.

  3. සේනක says:

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මුවා වී අඩව්ව අල්ලන්න හදන්නෙ…
    2015 ඉදලම ආවෙ මෙතෙන්ට….

  4. dinesh,fernando says:

    Dont worry IRAN will finish USA!!!and Israel °°°

  5. Jay says:

    Anurayi, champikayi, rathana hamuduruwoyi inna nisa bayak nehe. Jathiye wasanawata pahala wunu nayakayo. Ane wasanawan.

  6. RATA WESIYO says:

    Has this unpopular (as shown in the last local elections),election -phobia (as due provincial council elections were not held) temporary ruler ,a moral right or authority to take such decisions which ruin the Sovereignty of the motherland and also the future generation’s independence?

  7. Helayo says:

    If the present unpatriotic rulers try to ruin the motherland’s sovereignty and independence in a such obstinate way, the emergence of thousands of another Wijemuni Vijitha Rohana De Silva’s ( like in 1987 ) are unavoidable .

  8. CHAMINDA -SADA STF says:

    WIMAL MALLI
    THANK YOU. ARINNA EPA KALLEN KALLA GIYATH.
    WE ARE WITH YOU….

  9. UD says:

    මේ ජනාධිපති හිටං රට ගැන හිතන කෙනෙක් කියලා අපි හිතං හිටියේ.
    නමුත් මෙයා සිහින මවාගෙන ඉන්නේ මීළඟ ජනාධිපතිවරණයට ඉල්ලන්නේ කොහොමද කියලා…
    මේ නිසා තමයි මෙයාට සෘජු තීරණ ගන්න බැරි.
    අනේ මේ මෝඩයා රට ගැන කල්පනා කරනවා නම් කොච්චර දෙයක්ද?

    • අනේකාලේ වනේ වාසේ says:

      රාජපක්ෂලා ඇමෙරිකාවට මිලිටරි පහසුකම් සැපයෙන ගිවිසුම් ගහලා…ඉස්ලම් අන්තවාදීන්ට පඩිත් ගෙවලා… ෂරියා විශ්ව විද්‍යාල වලට අවසර දීලා.
      පනික්කිරාලට දැන් ඩෝබියා වැඩේ පැවරිලා රෙදි අපුල්ලන්න.

  10. Dilini says:

    Ko dan uda pana pana yahapalanaya pihituwapu kattiya. Dan thamai prashna patan ganne. Oya Ranilawa allala eliyata danna one genapu numbalama thamai. Rata winasha karanakam numbalata ninda giyye nahane.

  11. Dilini says:

    Monawada me wenna yana maha winashaya. tonedo ekak awa wage thamai.Ranil kiyanne thanikarama kodiwinayak.Sirisenata malapote akurak bari eka unta thawath wasiyak wela.Japannu bohoma amaruwen pelapali gihilla Okun panna gate. dan numbalata pelapali yannath baha giyoth mokada karanne kiyala issellama nithirithith hadagena.

  12. Boo says:

    මංගල සමරවීර නමැති වසලයා සහ පාවාදෙන්නා දැනටමත් ඇමරිකාවට ගොස් ඇත්තේ එම ගිවිසුමක් විදේශ ඇමති ධුරයේ සිටිමින් අත්සන් කිරීමටනම්, එම අත්සන් කිරීමට පෙර එම වසලයා විදේශ ඇමති ධුරයෙන් ඉවත් කිරීම පමණයි දැන් එම ගිවිසුම අත්සන් කිරීම වැළැක්වීම සඳහා කල හැක්කේ. එවිට ගිවිසුම අත්සන් කරන්නේ මංගල නම් වූ ටේලර් මිස විදේශ ඇමති නොවේ,එවිට එම ගිවිසුම වලංගු නොවේ.

  13. අනාවැකිය says:

    2007 මැයි මාසයේ අත්සන් කල බ්ලේක් – ගෝඨා ගිවිසුමෙන් ඇගිල්ල ඔබාගත් ඇමෙරිකාව දැන් ඔලුවත් ඔබන්න පටන් අරන්.

  14. Sun says:

    Today’s is full of dirty happenings under the flag of democracy. So called developed and the world organisations together trying to eliminate the nation they don’t like but say democracy. Other side the muslim nations are sitting together to create situations to disable Sri Lanka’s morality in a crude way .Innocent people know nothing and in an embarasing situation. No one to complain as all are crooks. That is the world today.

  15. Mangala Gamage says:

    Hold on everyone…
    He’s the head of the state and he engaged in the cabinet.
    He hold few decisions in the cabinet before as we seen and heard..

    So, why president didn’t declined this proposal unless he also go with it.
    Is it obvious, this is just a media show??

    • Passer_by says:

      Has any foreign army landed on our soil during 2005-2015 period ,as a result of Gota’s so called pact with U.S.A. ,except Sri Lankan forces greatly benefited from it? It was again due to Ranil’s uncle J.R.’s unability to maintain good relation with India(mismanagement of the war),which caused him to sign a pact with Rajiv Gandhi ,bringing foreign force to our Motherland
      to which many U.N.Pers like Premadasa,Lalith Athulathmuali,Gamini Jayasuriya etc.opposed.

  16. Ravana Parapura says:

    අපි රාවනා පරපුරේ බලය මුන්ට පෙන්වමු

  17. Ravana Parapura says:

    අවිගත්තෝ අවියෙන්ම නැසෙති ! Those who use the sword will die by the sword

  18. Love nature says:

    ලොව බිහිවූ ඒකාධිපතීන් බලය තමන් අත තිබෙනවිට සිතන්නේ ඔවුන් තරම් ලොක්කන් මේ ලෝකයේ නැතිබවයි… ඔවුන් තමන්ට සිතුණු සිතුණු දේ කරයි… ජනතාව තලා පෙලා දමයි… මිනිස් ජීවිතවල වටිනාකම නොසලකාහරියි… අනික් මිනිසුන් දුක් විදිනවිට ඉහළ සැප සම්පත් ලබමින්, වස්තු ධනය උපයමින් වැජඹෙයි…

    ඒත් ඒ හැමදේම නැතිවෙන්නට යන්නේ සුළු මොහොතයි… ඒ හැමදේම මරණයට යටයි…

  19. LION says:

    සිංහලයෝ කිසිවකුට කිසි දා යටත් නොවුහ. ඒ අපේ සංස්කෘතියෙහි උරුමය නිසා සිදුවූවකි.

  20. Sun says:

    Some countries are following the rules to the point but they are looking for ways to get into other countries by using loopholes in human rights and other issues. They say democratic but not in their hearts. Our politicians are the same. They cry in front of people but not from their hearts. Politics is like gambling. Nobody knows but all talk.Innocents are just entangled the game of politics.

  21. D.Nimal says:

    We an opposed that USA Military base in Sri lank soil.
    The UNP current leadership of Wickmasinge claim that US military troops in Island request by Ranil Wicaks and CBK!
    This is where we lost ours sovereignty and independence of People of Islandres
    Are going to another colonial regime rule by USA Military Junta.

  22. gonsun says:

    We have no option but to take up arms against the Americans, from day one they step here. The SL Army and LTTE must join to pack this bums off our mother land. I am sure the Muslims will Join too. Lets get help from countries that support Mother Lanka. Must send the UNP off, jail Sira and Ranil too for allowing this. A revolution is needed if the Yanks come here.

Main News