ඇමරිකා හමුදා කදවුරක් ශ‍්‍රී ලංකාවේ.. ගිවිසුම සූදානම්..

January 19, 2019 at 1:20 pm | lanka C news
ඇමරිකා හමුදා කදවුරක් ශ‍්‍රී ලංකාවේ.. ගිවිසුම සූදානම්..

ශ්‍රී ලංකාව ඇතුළත ඇමෙරිකානු හමුදා කඳවුරක්‌ පිහිටුවීම සඳහා අවශ්‍ය ගිවිසුමක්‌ ඇතිකර ගැනීමට ආණ්‌ඩුව කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඇමෙරිකානු රජය හා ශ්‍රී ලංකා රජය අතර මේ පිළිබඳව ගිවිසුමකට එළඹීමට ඉකුත් අගෝස්‌තු මස 18 වැනිදා සාකච්ඡා පවත්වා ඇති බව ද ඊයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මෙරටට ඇමෙරිකානු හමුදා භටයන් හා හමුදා භාණ්‌ඩ, සන්නිවේදන උපකරණ ඇතුළු උපකරණ මෙරටට ගෙනැවිත් ලංකාව සමඟ කටයුතු කිරීමට සැලසුම් කරන බව ද හෙතෙම කීය. පැමිණෙන පිරිසට ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන්ට රජය දී තිබෙන හිමිකම් සියල්ල ලබාදීමට යෝජනා වී ඇති බව ද එය රටට ඉතා හානිදායක විය හැකි බව ද ඒ මහතා කීවේය.

ඉරාකය ඇතුළු රටවල් රැසක්‌ ඇමෙරිකානු කඳවුරු නිසා දැඩි ගැටලුවලට මුහුණ දුන් බව ද ලංකාවේ ද ජාතික ආරක්‍ෂාවට මෙමඟින් තර්ජන එල්ල විය හැකි බව ද කී ඒ මහතා වහාම ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

එජාප ආණ්‌ඩුව අත්සන් කළ ගිවිසුම් රැසක්‌ රටට ඉතා අහිතකර නිසා මේ පිළිබඳව ජනතාව හා අනෙක්‌ වගකිවයුත්තන් සොයා බැලිය යුතු බව ද ජයසේකර මහතා කියා සිටියේ ය.

– divaina

10,358 Viewers

10 Comments to “ඇමරිකා හමුදා කදවුරක් ශ‍්‍රී ලංකාවේ.. ගිවිසුම සූදානම්..”

  1. Sam says:

    Ape ewunta barinam rta palanaya karanna, me ayatawth dila balamu.

    Chineta denavata wadiya hodai me ayata dena eka.

    • Nagasinha says:

      ඇමෙරිකාව රටවල් පාලනය කරන්නේ නැහැ මල්ලි.
      රටවල් වල යුද්ධ මවලා ඒ යුද්ධ වලට එයාලගේ ආයුධ විකුණන එකයි එයාලගේ ක්‍රමය.
      අපේ තේ වගේ එයාලගේ ප්‍රධානම අපනයනයක් ආයුධ.
      ඒකට කියන්නේ රටවල් සූරා කනවා කියලා.
      පාලනය සහ සූරා කාම කියන්නේ දෙකක්.
      1948 ට පෙර සුද්දෝ කරේ යටත් විජිත කොලනියක් ලෙස පාලනය කිරීම.
      අමෙරිකාවෙන් එහෙම දෙයක්වත් බලාපොරොත්තු වෙන්න බෑ.

  2. RATAWESSYA says:

    The people have to be vigilant and alert as the present rulers , though ,they have no sufficient , justifiable majority or right to make the present and especially the future generation , permanent slaves of foreign powers , they may do it to consolidate their power ,doing any form of Betrayal to the Motherland.Just as he signed a pact with Prabhakaren , without informing then President even.

    • Janathawa says:

      Will the present power greedy ,crafty politicians do such a dangerous, irreversible and irrecoverable damage to the Motherland?If they are honest and conscientious, they should enlighten the Parliament and the people,without doing underhand, as it affect the whole Nation and would make the future generation ,slaves of the super powers. Is the the Country ,their ancestral property, to take an upperhand on these very crucial matters,which decide the destiny of the future generation?

  3. Sam says:

    Does our children has a future now?
    The country is in critical debt and they are taking loan after loans…

    Only the politicians has a future…..

  4. Gamini Abaya says:

    do not bring american forces to our mother land..the result will be very harmful…..

  5. Lolla says:

    Sam kiyala American misile ekak thiuanawa

  6. Rupa says:

    දනුත් ඉතින් ඒ විදියටනෙ යන්නෙ. රට බෙදල, කැරලි ඇති කරල ආයුද බලෙන් සාමය ඇති කරන්න ඒ කට්ටියට හොඳ අවස්තාවක් දෙන්න තමයි මේ හදන්නේ.

  7. david milibanda says:

    No American Militaries on our soil.
    They are creating trouble for Sri Lanka Internationally to gain a foot hold on Sri Lanka.

    If it happens, people must drag Ranil out to the Galle Face Green and punish him.
    No mercy should be shown.

    • The Parents says:

      If the present Short_sighted rulers ,merely for their survival, try to create to the future generation, a very gloomy, miserable situation ,to be in the custody of the foreign powers as slaves, they would not only furiously curse them,but would curse their tombs also to be struck with rainless thunders.

Main News