ඇමති ලක්‍ෂමන් කිරිඇල්ලට අස්ගිරි මහාවිහාරයෙන් ‘ශාසනමාමක ජනප්‍රසාදන’ ගෞරව නාම සම්මානය පිරිනමයි..

October 22, 2018 at 8:40 am | lanka C news
ඇමති ලක්‍ෂමන් කිරිඇල්ලට අස්ගිරි මහාවිහාරයෙන් ‘ශාසනමාමක ජනප්‍රසාදන’ ගෞරව නාම සම්මානය පිරිනමයි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජාතික හා සමාජීය වශයෙන් සිදුකල මෙහෙවර හා ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන්නට යෙදුන ඉමහත් වූ සේවයට උපහාර වශයෙන් ශාසනමාමක ජනප්‍රසාදන යන ගෞරව නාම සම්මානය පිරිනැමීම 20 දින අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී සිදුකෙරිණි..

අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය වරකාගොඩ ඥාණරතන මහානායක හිමියන් ප්‍රධාන විංසත්වර්ගික කාරක සංඝ සභාවේ සමානච්චන්දයෙන් පිරිනමන්නට යෙදුන මෙම ගෞරව නාම සම්මානය සහිත ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වූයේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන මහානායක හිමියන් විසිනි.

අස්ගිරි මහා විහාරය මගින් මෙවැනි ගෞරව නම ප්‍රධානයක් සිදු කරන්නේ වසර ගණනාවකට පසුව වීම ද විශේෂත්වයකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සම්මාන ප්‍රදානෝත්සවය සදහා මල්වතු අස්ගිරි උභය විහාරයන්හි අනුනායක හිමිවරුන් ඇතුළු මහාසංඝරත්නය, මැතිඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

– රාජිත සමරසුරිය

49 views

17 Comments to “ඇමති ලක්‍ෂමන් කිරිඇල්ලට අස්ගිරි මහාවිහාරයෙන් ‘ශාසනමාමක ජනප්‍රසාදන’ ගෞරව නාම සම්මානය පිරිනමයි..”

  1. sana says:

    MAY WAGE KALA KANNINITA SIURRA ANADAWAPU NISA THMA

    BUDDA SASANE METANATA WATUNNE ..

    MULU RATAMA DUSANAYA WELAL ..

    ANE ..MOKATA MEWA DAKINNA API GEEWATH WENAWADA ..

  2. sinha le says:

    මහනුවරින් බාගයක් මුසල්මානුවන්ට ලබා දුන් නිසාද මාලිගාව ලගින්ම පල්ලියක් හදා දුන් නිසාද? ඇහැලේපොල කුමාරිහාමි මාවත පල්ලිය පාර කරපු නිසාද? මුන්ට නැවත චන්දය දීමෙන් වලකින්න

    • point blank says:

      na..ara bawthisma karapu namal nam hora lawyer wage thawama dalada maligawa wata race padapu nathi nisa..

  3. Denzil says:

    Ssdu dadu
    ma mahanayaka hamuduruwru attstana wadak nate Kadenal tuma tramwath konda pana nate ,ratata jateyat szmdudda sasanata hanadahueath balanns nate kotasak .awasaraye mahama kewwata sasana ta wadak karala apawath wanna ballana.

  4. gadol says:

    එක්සත් ජාතික පක්ෂය කියන්නේ එන් ගලිකන් පක්ෂයක්

Main News