ඇමැතිවරු හුඟ දෙනෙක් මට කියන්නේ ක්ලිනින් සර්විස් එකේ සභාපති කියලා.. – ඇමති අර්ජුන

January 2, 2018 at 4:40 pm | lanka C news
ඇමැතිවරු හුඟ දෙනෙක් මට කියන්නේ ක්ලිනින් සර්විස් එකේ සභාපති කියලා.. – ඇමති අර්ජුන

බොහෝ ඇමැතිවරු තමන්‍ට කියන්නේ ක්ලිනින් සර්විස් එකේ සභාපති යැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව වසර සදහා වැඩ ආරම්භ කිරීමේ නිල උත්සවයට සහභාගි වෙමිනි.

එම උත්සවය අද උදෑසන (02) දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ආයතනය ශුද්ධ කරනවා සේම සංවර්ධන වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට ඉකුත් මාස හයක කාලය තුළදී හැකි වූ බවයි.

“පසුගිය කාලේ IOC සමාගම තෙල් බෙදාහැරීමේ පාර්ශවයක් බවට පත් වුණා. අද වන විට තවත් බොහෝ අය මේ තෙල් බෙදා හැරීමේ තුන්වැනි පාර්ශවය එසේත් නැත්නම් සිව්වැනි පාර්ශය බවට පත් වෙන්න උත්සාහ කරනවා. නමුත් මේ ආයතනය පෞද්ගලීකරණය කිරීමට අපි කිසිම කෙනෙක් කැමැති නැහැ. ‍මේ ආයතන ආරක්ෂා කර ගැනීමට හැකියාව තියෙන්නේ අපිට විතරමයි. ඒ සඳහා මේ ආයතනයේ අය තමන්ගේ රාජකාරියෙන් සියයට අනූනවයයි දශම නවයක් කළත් වැඩක් වෙන්නේ නැහැ. ඉතිරි ‍සුළු කොටසත් අපි සම්පූර්ණ කළ යුතුයි. දැන් අපිට තියෙන්නේ මේ ආයතනයේ සංවර්ධන කටයුතු සිදු කරන්න.

වසර 40ක් ඉදි කරන්න බැරිවුණු තෙල් ටැංකි සංකීර්ණය සෑදීම අපි දැන් පටන් ගත්තා. තව ටැංකි 6ක් හදන්නට තව මාස හයකින් අපි මුල පුරනවා. ඒ වගේම අවුරුදු ගාණක් යනකම් කිසි කෙනෙකුට පිරිපහදුවක් හදන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. මම වගකීමෙන් කියනවා ඉදිරි මාස හයේදී අපි එය ආරම්භ කරනවා. එතැනදී මට ලොකු අභියෝග එනවා. දැනටමත් කියනවා මේක කරන්න එපා කියලා. මීට වඩා හොඳයි කියනවා වැඩි ගාණට පිටින් තෙල් ගේන එක. ඒත් මම තීරණ ගන්නකොට තීරණ ගන්නේ රට ගැන හිතලා. මට ඒක කරන්න දෙන්නේ නැත්නම් මම ඒ ආයතනවල තානාන්තරවල ඉන්න පුද්ගලයෙක් නෙමෙයි. මම ඇවිල්ලා තියෙන්නේ වැඩ කරන්න.

මේ වගකීම භාර දෙනකොට මට ජනාධිපතිතුමා කතා කරල කිව්වේ ප්‍රශ්න ගොඩාක් තියන තැනක් මේක බලල හදලා දෙන්න කියලා. මට අගමැතිතුමත් කිවුවේ ඒක. මට වරාය භාර දෙනකොට ඒ දෙන්නම මට කිවුවෙත් ලේසි තැනක් නෙවෙයි සුද්ද කරලා දෙන්න කියලා. මට අපේ ඇමතිවරු හුඟක් කියන්නේ ක්ලිනින් සර්විස් එකේ සභාපති කියලා. හැබැයි මම ඒ භාර ගත්ත දේවල් ඉතාමත් ඕන කමින් කරලා ලාභදායී තත්වයකට පත් කරලා තියෙනවා……” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

– තමීර මංජු

26 views

4 Comments to “ඇමැතිවරු හුඟ දෙනෙක් මට කියන්නේ ක්ලිනින් සර්විස් එකේ සභාපති කියලා.. – ඇමති අර්ජුන”

  1. Niru says:

    Why don’t you join the CMC cleaning service without ruining this country

  2. Krishantha says:

    Arjuna, do you know how Cepetco workers use their medical insurance? I think you need to look into that as well.

  3. Kamal says:

    රණතුංග පවුලම ක්ලීනින් සර්විස් තමා. සුද්දෙ දෙන්නම උපන් අය.

  4. modaya says:

    ohhhhhh i can not laughing!!!!!!!!!!!!!!!!!!!! people should check his canadian best friend account in toronto. to make sure how clean he is.

Main News