ඇමැති කැඳවූ සාකච්ඡාව මහේල සහ සංගක්කාර වර්ජනයේ…

April 23, 2022 at 11:20 am | lanka C news
ඇමැති කැඳවූ සාකච්ඡාව මහේල සහ සංගක්කාර වර්ජනයේ…

ජාතික ක්‍රීඩා සභාවේ හිටපු නිලධාරී මණ්ඩලය කැඳවමින් නව ක්‍රීඩා ඇමැති තේනුක විදානගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22 වෙනිදා) පැවැති සාකච්ඡාව සඳහා ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති මහේල ජයවර්ධන මහතා සහ එම සභාවේ හිටපු සාමාජික කුමාර් සංගක්කාර මහතා සහභාගි වී නොමැත.

ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ඊයේ පෙරවරු 10.30ට පමණ පවත්වන ලද එම සාකච්ඡාව සඳහා සූම් තාක්ෂණය ඔස්සේ සහභාගි වන ලෙස ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන මහත්වරුන්ට ආරාධනා කර තිබුණි.

ඔවුන් දෙදෙනා මේ වන විට අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ පුහුණු කාර්යය මණ්ඩලයට අනියුක්තව කටයුතු කරමින් සිටින නිසා සූම් තාක්ෂණය ඔස්සේ ඔවුන්ව අදාළ සාකච්ඡාව සඳහා සම්බන්ධ කර ගැනීමට කටයුතු යොදා තිබුණද ඔවුන් දෙදෙනා එම සාකච්ඡාව සඳහා සම්බන්ධ වී නොමැති අතර ක්‍රීඩා ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ සාකච්ඡාව ඉදිරියට පවත්වා ගෙන ගොස් ඇත.

ජාතික ක්‍රීඩා සභාවේ හිටපු නිලධාරීන් කිහිප දෙනකු ඒ සඳහා සම්බන්ධ වී ඇති අතර හිටපු නිලධාරීන් නැවත ජාතික ක්‍රීඩා සභාවට සම්බන්ධ වන්නේද නැද්ද යන්න ඇමැතිවරයා එහිදී අදාළ නිලධාරීන්ගෙන් විමසීමට ලක් කර ඇත.

නිලධාරීන් සියලු දෙනා මේ සාකච්ඡාව සඳහා සහභාගි වී නොමැති හෙයින් සියලු දෙනාගෙන් ඒ සඳහා පුද්ගලිකව අදහස් විමසීම වඩාත් උචිත බව රැස්වීමට පැමිණ සිටි නිලධාරීන් ඇමැතිවරයාට පිළිතුරු සපයා ඇත.

ඒ අනුව ඇති කර ගත් එකඟතාවය මත සාකච්ඡාව අවසන් වී තිබෙන අතර ඉදිරියේ දී ඊට අදාළ කටයුතු ඇමැතිවරයා විසින් සිදු කෙරෙණු ඇති බව වාර්තා වේ.

කුෂාන් සුබසිංහ
– දිවයින

64,611 views

14 Comments to “ඇමැති කැඳවූ සාකච්ඡාව මහේල සහ සංගක්කාර වර්ජනයේ…”

  1. ගෞම් ඊයාරාජ් says:

    ප්‍රමොද්‍ය වික්‍රමසිංහටයි , තිලංගගේ සුරතලා ශම්මිටයි ක්‍රිකට් කරගෙන ඉන්න දීපල්ලා , මොන කොච් ආවත් , මොන විශේශඥයො උපදෙස් දුන්නත් , මොන කමිටි දැම්මත් ඔකුන් ටික ඉන්නකං ක්‍රිකට් හදන්න බෑ ! එච්චරයි !

    • GU-VP NGO PRIVET LIMITED says:

      හින මානෙන් පෙලෙන මානසික රෝගියෙක් හිතන්නේ හරියටම මනෝ විකාර. උබ වගේ ගු-VP-NGO PVT LIMITE එඋන්ගේ ප්‍රවේණිය ගතිය ඒක තමා.
      උබට තේරෙන බාසාව, උබේ ඇට දෙක පුක වටේ කැරකෙන්ඩ ගහන්ඩ ඕනෑ.

      • ගෞම් ඊයාරාජ් ගේ අම්ම says:

        උබ වගේ හින මානෙන් පෙලෙන මානසික රෝගියෙක් හිතන්නේ හරියටම මනෝ විකාර. උබ වගේ ගු-VP-NGO PVT LIMITE එඋන්ගේ ප්‍රවේණිය ගතිය ඒක තමා.
        උබට තේරෙන බාසාව, උබේ ඇට දෙක පුක වටේ කැරකෙන්ඩ ගහන්ඩ ඕනෑ.

  2. Rojer says:

    Hope these millionaires contribute to the country’s development rather than doing politics
    If you want to do the politics let the people know which side they are on and work accordingly

    You both benefited from all the previous governments to enhance your position

  3. Lokunilame says:

    Mona puke emathiwaruda? Un kiyana de ballowath ganan ganne nehe. Palayaw Yako gedara

  4. Full aathal says:

    Meelanga kreeeda amathi bandu samarasinghe nè dha

  5. Balana Rala says:

    For Mahela and Sanga always country second. Money first.

    • Kandy wtrhip says:

      True. Mahela who is getting paid by SLC not giving his 100% to SL. He returned to SL important stages of last T20 WC citing personal reasons ( he got married again soon afterwards) and supposed to have adviced the team through zoom. Then he wasn’t with team in their tours with Australia and India we lost badly. Then suddenly he emerged in West Indies ( good honeymoon destination for newly weds) with SL U19 team. These days he gives his 110% to MI by being presence with the team in the ground during IPL. So it is clear where his loyalties lies. It with money and his personal agendas. Face he tries to project as patriotic is a mask

  6. Lalla says:

    කෙටි කාලීන කොමිටල්…ඵලයක් නැති වැඩ.

  7. Felix says:

    Mee Dedenawa Cricket Walin Tahbi Nambuwa Thiyanna…..Sportmen La Widiyata
    Mun Dennage Political Dealing Gena …. Kataha Gena Kisima Wiswasayak Thiyanna Epa…. Epa…Epa …. Awasthawadiyangen Denenek.

  8. athula says:

    ඔන්න ඔහෙලගෙ නම් එක්කම නාමල් පරයාගේ ජඩකම් හොරකම් ගෑවිලා බල්ලෝ එක්ක නිදා ගත්තොත් නැගිටින්න වෙන්නෙ මැක්කොත් එක්ක 😜

  9. David Milli-banda says:

    these millionaires have lost their focus.

  10. මහේලගේ කෙරුවාව ඉවරයි. ඌ උපදෙස් දෙන ඉන්දීය කන්ඩායමට රෙවිලා. ලොකුවට හිතාගෙන හිටියේ. මහේල, සංගක්කාර මුං දෙන්නා හින්දා තමා ලංකාවේ ක්රිකට් විනාශ උනේ. තරුන කොල්ලන්ට එන්න ඉඩ නොදී නාකි වෙනකම් කන්ඩායමේ එල්ලිලා හිටියා. අද වෙනකම් ගොඩගන්න බැහැ. හැබැයි කතාව දේශපාලකයන්ට උපදෙස් දෙන්න.

Main News