ඇමැති චම්පිකගේ රියේ ගැටුණු සන්දීප් ආබාධිතයි.. චම්පික අද වනතුරු බලන්නවත් ගිහින් නෑ..

August 19, 2017 at 3:50 pm | lanka C news
ඇමැති චම්පිකගේ රියේ ගැටුණු සන්දීප් ආබාධිතයි.. චම්පික අද වනතුරු බලන්නවත් ගිහින් නෑ..

ඇමැති පාඨලී චම්පික ඇමැතිවරයාගේ ජීප් රියේ ගැටී බරපතළ තුවාල ලැබූ සන්දීප සම්පත් අනතුරට පත් වී වසර 1 1/2 ක කාලයක්‌ ගත වී ඇති අතර ඔහුට තවමත් හරිහැටි ඇවිදීමට නොහැකි තත්ත්වයක පසුවෙන බවද මේ හේතුව නිසා සන්දීපගේ අනාගතය අවසනාවන්ත තත්ත්වයක පවතින බව ඔහුගේ පියා වන හෝමාගම පිටිපන දයානන්ද ගුණවර්ධන මහතා පැවසීය.

මෙම අනතුර සිදු වීමෙන් පසු මේවන තුරුත් ඇමැතිවරයා තම දරුවාගේ දුක සැප බැලීමට පැමිණි නැති බවද ඒ මහතා සඳහන් කළේය.

දරුවා පිටරට යවා හෝ ඔහු සුවපත් කර ගැනීමට අදහසක්‌ ඇති නමුත් ඊට උදවු කරන්නේ කවුදැයි කියා ප්‍රශ්නයක්‌ පවතින බව ඒ මහතා කීවේය.

2016 වසරේ පෙබරවාරි 28 වැනිදා රාත්‍රියේ පාඨලී චම්පික ඇමැතිවරයාට අයත් ජීප් රියේ සන්දීප සම්පත් පැදවු යතුරුපැදිය ගැටී මෙම අනතුර සිදුව තිබුණි.

– දිවයින

104 views