ඇමැති දෙදෙනෙක්‌ දොට්‌ට…!

February 5, 2017 at 3:22 am | lanka C news
ඇමැති දෙදෙනෙක්‌ දොට්‌ට…!

දූෂණ චෝදනා එල්ල වී ඇති ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනෙක්‌ වහාම එම ධුරවලින් ඉවත් කරන ලෙස මැති ඇමැතිවරු පිරිසක්‌ ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලීම් කර ඇත.

ජනතාවට බලපාන ප්‍රධානතම අමාත්‍යාංශ දෙකක්‌ භාරව කටයුතු කරන මෙම ඇමැතිවරු දෙදෙනා එම අමාත්‍යාංශවල මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇති බවට පැමිණිලි ලැබී තිබේ.

මොවුන් දෙදෙනාගේ ක්‍රියාකලාපයන් රජයට ද කැළලක්‌ බවත් රජයත්, ජනතාවත් අපහසුතාවට පත්කරමින් සිදුකරන ඔවුන්ගේ කටයුතු නතර කිරීමට නම් ඔවුන් සිය ධුරවලින් ඉවත් කළ යුතු බවත් සෙසු මැති ඇමැතිවරුන්ගේ අදහස වී තිබේ.

පූර්ණ කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයක්‌ ඉදිරි මාස කිහිපය ඇතුළත සිදුකිරීමට නියමිත වුවත් ඉහත ඇමැතිවරුන් දෙදෙනාගේ අමාත්‍යධුර එතෙක්‌ නොසිට ඊට පෙර වෙනස්‌ කරන ලෙසත් ඉහත ඇමැති පිරිස ජනාධිපතිවරයාගෙනුත්, අගමැතිවරයාගෙනුත් වැඩිදුරටත් ඉල්ලීම් කර ඇත.

– දිවයින

16 views

4 Comments to “ඇමැති දෙදෙනෙක්‌ දොට්‌ට…!”

  1. Donald Isuru Wilegoda says:

    One is Ravi Karunanayagam. Not sure who the other one is. Any know who it is?

  2. shantha dissanayake KURU says:

    ranil – ravi – malik

  3. ගිහාන් says:

    මොකා අහක් කලත් මහා රත්තරන් කරන විල්පත්තුවේ ඉඩම් කොල්ලකන නිතරම කටාර් වලට සවුදි අරාබියට ඩුබායි වලට කුවේට් වලට සංචාරය කරමින් මොනවදෝ කරන රිෂාඩ් බද්යුද්දීන් ඇමතිවරයා ඇමතිකමෙන් ඉවත් කරන්නේ නෑ .උට මුන් ඔක්කොම බයයි

  4. Boo says:

    සද්දෙයි ගදයි විතරයි.

Main News