ඇමැති සරත් වීරසේකරගේ ලේකම් කියන අයෙක් ගිරාඳුරුකෝට්ටේ නිධානයක් කඩන්න ගිහින්..

December 7, 2021 at 10:40 am | lanka C news
ඇමැති සරත් වීරසේකරගේ ලේකම් කියන අයෙක් ගිරාඳුරුකෝට්ටේ නිධානයක් කඩන්න ගිහින්..

මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් යැයි කියන පුද්ගලයකු ඇතුළු කණ්ඩායමක් ගිරාඳුරුකෝට්ටේ ගල්පෝරුයාය රක්ෂිතයේ නිධානයක් ගොඩගැනීමට උත්සහා දරා ඇතැයි ගිරාඳුරුකෝට්ටේ පොලිසිය සඳහන් කරයි.

ගිරාඳුරුකෝට්ටේ, ගල්පෝරුයාය රක්ෂිතයේ කිලෝමීටර් දෙකහමාරක් පමණ ඈතින් වන ස්ථානයක ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් බැලීම සඳහා පසුගිය 27 වැනිදා යම් කණ්ඩායමක් පැමිණ ඇත.

ගම්වාසීන්ගේ තොරතුරු මත මෙම සිද්ධිය පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන් විසින් ගිරාඳුරුකෝට්ටේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යූ.ටී. චතුරංග වෙත දැනුම් දෙනු ලැබීය.

මෝටර් රථයකින් පැමිණ සිටි පුද්ගලයාගෙන් පොලිස් විශේෂ කාර්යංශය ප්‍රශ්න කිරීමේදී තමන් මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකරගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රියසාද් සේනාරත්න යැයි පවසා ස්ථානයෙන් පලාගොස් තිබේ.

මොහු රක්ෂිතයේ ඇතැයි කියන නිධානය ගැනීමට යම් පිරිසක් හා පැමිණ ඇති බවත් පිරිස් තැනින් තැන සිට ඇති බවත් පොලිස් විශේෂ කාර්යංශ නිලධාරීන් පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.

ගිරාඳුරුකොට්ටේ පොලිස් ස්ථානාධිපතිවරයා බදුල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් මත පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ප්‍රියසාද් සේනාරත්න නමින් සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නොමැති බව එහි උසස් නිලධාරියකු පැවැසීය.

– aruna

23,235 views

9 Comments to “ඇමැති සරත් වීරසේකරගේ ලේකම් කියන අයෙක් ගිරාඳුරුකෝට්ටේ නිධානයක් කඩන්න ගිහින්..”

  1. කොන්ත්‍රාත් says:

    සරත් වීරසේකරට මඩ ගැසීමේ කොන්ත්‍රාත්තුව අලි සබ්‍රිගේද?

    • sahan says:

      හම්මේ සරත් ට අමුතුවෙන් මඩ ගහන්නේ මොකටද මිනිහ මඩ නාගෙන ඉන්නේ… ආයිත් parliament එනවා බොරු

      • හසිත says:

        ම්න්හො සරත් වීරසේකර විරුවාට චන්දය දුන්නෙ අපි .එතුමාගෙ දෙශපාලන ආගමනය ගෙන බයවෙලා ඉන්නෙ isis කාරයො LTTE කාරයො .උන් සජ උන්ගෙ කුලී ලියන්නො වන උම්බලා නෙවෙයි එතුමා පාර්ලිමෙන්තු යවන්නෙ අපි තමයි ඒක කරන්නෙ අපියලි වතාවක් එතුමා පාර්ලිමෙන්තු යවනව

  2. Jude perera says:

    Jangi sara giya udak

  3. nimal says:

    apo meka police amathita namai hoda kakussi hodanne… katha keranne danne nane… hirikithaki dakkama okkoma keranne hora wada…. police tath awanwamubak me wage minihek inne eka

  4. Ravana Parapura says:

    ඇත්ත දේශප්‍රෙමියා විමල්. නමුත් සරත් මනාප වලින් ඉතා සැක සහිත ලෙස විමල් අභිභවාගෙන ආවා. සරත් බොරු දේශප්‍රෙමියෙක් බව දැන් ඔප්පු වී හමාරයි.

  5. The Funeral Director says:

    විමර්ශනය වැඩිය පුලුල් කරන්න එපා. යට ඇදුමි මාටිටු වෙන්න පුලුවන්.

  6. 0.00069 BIYYO says:

    හම්මේ සරත් ට අමුතුවෙන් මඩ ගහන්නේ මොකටද මිනිහ මඩ නාගෙන ඉන්නේ… ආයිත් parliament එනවා බොරු

  7. Kalu Albot says:

    Ape Desha premeen ovaa haaralaa badu tika gedara genihin aarakshaa korannayi hadanne. Eka kochchara yahaath kriyaawakda. Nidan tika okkoma goda daalaa weerasekara unnaheta baara deema thamayi koranna thiyenne!!

Main News