ඇමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මැයි මාසයේදී.. අක්කර දොලොස් ලක්ෂයක් නොරටුන්ට.. චරිත රත්වත්තේ හරහා අගමැති රනිල් ගිවිසුමට අනුමැතිය දෙයි..
April 3, 2019 at 11:20 am | lanka C news
ශ්‍රී ලංකාව ආර්ථිකමය හා යුදමය වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට යටත් කෙරෙන ගිවිසුමක් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) නැමති ආයතනයත් සමඟ එළඹෙන මැයි මාසයේදී අත්සන් තැබීමට නියමිතව ඇති බවත් රටට අහිතකර එම ගිවිසුම අත්සන් තැබීම නතර කිරීමට කළ හැකි සියල්ල ජනතාව සමඟ එක්ව සිදුකිරීමට සූදානම් බවත් ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
‘ශ්‍රී ලංකාවේ භූමිය විදේශිකයන් සතු කෙරෙන ඇමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් මෙහෙයුම පරදවමු’ යනුවෙන් පත්‍රිකාවක් බෙදාහැරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.
“ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය 2016 දී තමයි පළමුවරට ශ්‍රී ලංකාවට එන්නේ. ඇවිත් ඔවුන් අරලියගහ මන්දිරයේ තමන්ගේ නිල කාර්යාලය පවත්වාගෙන යමින් කටයුතු කරනවා. ඔවුන් ඒ කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට අදාළව වාර්තාවක් සකසා තිබෙනවා. එහි තිබෙනවා, ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රතිපත්තියට, වෙළඳාමට, කම්කරු නීතිවලට ආදී වශයෙන් බොහෝ ක්ෂේත්රවලට අදාළව තම නිර්දේශයන්
එහි තිබෙන එක් භයානක නිර්දේශයක් තමයි ශ්‍රී ලංකාවේ සියලු රාජ්‍ය ඉඩම් එක තැනකට එකතු කළ හැකි නීතිමය ප්‍රතිපාදන සහිත රාජ්‍ය ඉඩම් බැංකු පනතක් ගෙන ඒම. ඒ වගේම ඉඩම් (විශේෂ විධිවිධාන) පනතක් ගෙන ඒම. එමගින් තනි පුද්ගල ඉඩම් අයිතිය පිළිබඳ අක්කර 50 සීමාව ඉවත් කෙරෙනවා. මෙම නිර්දේශ දෙක ක්‍රියාත්මක කළහොත්, එනම් මේ පනත් දෙක සම්මත වුවහොත් ආයෝජකයන්ට මේ රටින් අක්කර දහස් ගණනින් මිලදී ගත හැකියි.
‘චරිත රත්වත්තේ ලවා රනිල් ගිවිසුමට එකඟතාව පළ කරලා’
ඒ වගේම, එම වාර්තාවෙන් කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා දිස්ත්‍රික්ක 07ක් හරහා දිවෙන ඉඩම් අක්කර ලක්ෂ 12ක් ඇතුළත්, කිලෝමීටර් 200ක දිගින් යුත් විශේෂ ආර්ථික කොරිඩෝවක් හදන්නත් නිර්දේශ කොට තිබෙනවා. ඒ ආර්ථික කොරිඩෝව තුළ ආයෝජන සිදු කරන විදේශිකයන්ට බල පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ නීතිය නොවෙයි, ජාත්‍යන්තර නීතිය යන්නත් එම වාර්තාවේ අඩංගු තවත් නිර්දේශයක්. මේ සියල්ල ඇතුළත් ගිවිසුමක් ශ්‍රී ලංකා රජය සමඟ එළඹෙන මැයි මාසයේදී අත්සන් තැබීමට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය බලාපොරොත්තු වෙනවා. එය දැනටමත් කෙටුම්පත් කර අවසන්. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මේ කටයුතු සිදු කරන්නේ ඔහුගේ උපදේශකයකු වන චරිත රත්වත්තේ මහතායි. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට ගිහිල්ලා මේ රටට අහිතකර ගිවිසුමට එකඟත්වය පළ කර තිබෙනවා.
ඇමෙරිකා එක්සත් ජනපදය මේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය යම් රටකට එවන්නේ නිකම් නොවෙයි. ඒ රට යටත් කරගන්නයි, අත්පත් කරගන්නයි. ඒ නිසා අපි මේ රටට අහිතකර ගිවිසුම අත්සන් තැබීමට එරෙහිව ජනතාව දැනුම්වත් කිරීමට තීරණය කළා. ජාතික නිදහස් පෙරමුණ හැටියට මේ ගිවිසුම අත්සන් තැබීම නතර කිරීමට ගත හැකි සියලු පියවර ගන්නවා”
මෙම අවස්ථාවට ජානිපෙ ප්‍රධාන ලේකම්, නීතිඥ කපිල ගමගේ, අධ්‍යාපන ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දීපාල් ගුණසේකර, ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය ඇතුළු ජානිපෙ මහජන නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.
– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
CAN SOME ONE UPLOAD THE ACTUAL AGREEMENT WITHOUT GIVING TWISTED INTERPRETATIONS TO IT?
පණුවෙක් අමුණලා බිලී කොක්කක් මුහුදට දැම්මා.
“ඔය පණුවා රසයි, නොකා ඉන්නේ මෝඩ බයියෝ” කියලා මාළුන්ගෙන් එක කොටසක් කිවුවා.
“රස පනුවෝ අල්ලලා, කොකු වල ගහලා අපිට දික් කරන්නේ අපිට ගේමක් දෙන්න තමා” කියලා අනික් මාළු කණ්ඩායම කිවුවා.
එක කොකෙක් දිය සිදුනු විලක මාළුන් දිය පිරිච්ච විලකට ගෙනිහින් දාන්න ඉදිරිපත් වුනා.
“දිය පිරිච්ච විලකට යන්න අකමැති උන් මෝඩ බයියෝ” කියලා මාළුන්ගෙන් එක කොටසක් කිවුවා.
“ඔච්චර මහන්සි වෙලා අපිට උදවු කරන්න කොකාට ඇති අමාරුව මොකද්ද? ඕක උගුලක් වෙන්න ඕනේ” කියලා අනික් මාළුන් කිවුවා.
ඇමෙරිකාවේ උදවු ගන්න ගිහින් ඉරාකය, ලිබියාව වගේ රට වලට වෙච්ච දේවල් පොඩ්ඩක් මතක් කරලා බලන්න.
ලංකාවේ ඉඩම් ඇමෙරිකාවට නොවෙයි බලුකිස්තානෙට උනත් දෙන්න රනිල්ට පුළුවන්. මොකද උගේ ගෑනිට දෑවැද්දට හම්බඋන ඉඩම්නේ. කාලකන්ණි පොන්නයා අපේ දරුවන්ට අයිති ඉඩම් නොරටුන් සන්තක කරනවා. හැබැයි නියත වශයෙන්ම අනාගතයේ බලයට එන පොහොට්ටු ආණ්ඩුවක් ඔය පරයට එරෙහිව නීති හදල හෝ හිරේට ඇරියේ නැත්නම් පොහොට්ටුවේ ඉන්නෙත් රනිල්ගේ type එකේ උන් කියල තමයි අපට හිතාගන්න වෙන්නේ.
හරියට හරි නියම යි
ලංකාවේ මුළු ඉඩම් ප්‍රමාණය ආසන්න වශයෙන් අක්කර ලක්ෂ 162යි.
ඒකෙන් අක්කර ලක්ෂ 12ක් දෙනවා කියන්නේ ඉඩම් වලින් 7.4%ක් දෙනවා කියන එකයි.
me rate agamettata ihalin naayakayek nedda..? mewa Cabinet eken pass karaganna uwamana nedda..?
එක දෙයක් එන්න එන්න දැන් පැහැදිලි මේ දේශපාලකයෝ රැල දවසින් දවස රය විනාශ කරනවා! පාරේ ගියත් දකින්න තියෙන්නේ විනාශය! – බෙහෙත් ටිකක් ගන්න ඉස්පිරිතාලේට ගියත් දකින්න තියෙන්නේ විනාශය! රජයේ ආයතනයකට ගියත් දකින්න තියෙන්නේ විනාශය! දේශපාලකයෝ පය ගහන හැම තැනම දකින්න තියෙන්නේ විනාශය! මුං එකෙක්වත් රටේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන්නේ නැ!