මුඩුබිම් පනත පරදන මහා පාවාදීම සූදානම්.. පණ අදින ආණ්ඩුව සමගින් ඇමරිකාව මිලේනියම් ගිවිසුමට එක්වෙයි..

November 2, 2019 at 12:00 pm | lanka C news
මුඩුබිම් පනත පරදන මහා පාවාදීම සූදානම්.. පණ අදින ආණ්ඩුව සමගින් ඇමරිකාව මිලේනියම් ගිවිසුමට එක්වෙයි..

‘ස්ටොප් යූඑස්ඒ’ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය ඇමෙරිකාවට මංකොල්ලා කෑමට ඉඩ සලස්වන මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට පසුගිය අඟහරුවාදා ඇමති මණ්ඩල අනුමැතිය ලැබුණා. ජනපතිවරණයට පෙර මේ ගිවිසුම අත්සන් කරන බවට අගමැති පවසනවා. ජනාධිපතිවරණයට පෙර මෙම ගිවිසුම අත්සන් තැබීමට ඉඩ ලබා නොදෙන බවට ජනාධිපතිතුමා ඊයේ අපට පොරොන්දු වුණා. හැබැයි ඉතින් අගමැති සහ ඇමති මංගල ජනාධිපතිගේත් කනින් රිංගලා මේ ගිවිසුම අත්සන් තබන්න ඉඩ තිබෙනවා.

අගමැතිතුමා නම් අහන්නේ ඩොලර් මිලියන 480ක් තෑග්ගක් විධියට ලැබෙන නිසා මේ ගිවිසුම අත්සන් කිරීමේ වැරැද්ද මොකද්ද කියලා. තමන්ගේ අම්මාට මිළක් නියම වුණොත් විකුණලා දාන්න ඔබ සූදානම් ද කියලා අපි අගමැතිගෙන් ප්‍රශ්න කරනවා. ඔබේ අම්මාට මිළක් නියම කරන්න ඔබ සූදානම් වුවත් අපේ ලක් අම්මාට මිළක් නියම කරන්න අපි සූදානම් නෑ කියලා අපි අගමැතිට කියනවා.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමේ ව්‍යාපෘති දෙකක් තිබෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය. ප්‍රවාහන ව්‍යාපෘතියට අපේ විරෝධයක් නෑ. ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියටයි අපේ විරෝධය තිබෙන්නේ. මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට තියෙන විරෝධය පෙන්වා දීලා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හි ශ්‍රී ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරිනියට යෝජනා කරනවා ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට ලබාදෙන මුදල්ද ප්‍රවාහන ව්‍යාපෘතියට යොදවලා එය පුලුල්ව සිදු කිරීමට. ඇමෙරිකාව ඒ යෝජනාවට විරුද්ධයි. ඇමෙරිකාවට මේ රටේ ඉඩම් මංකොල්ල කෑමේ යටි අරමුණක් නැති නම් රටේ විරෝධය තිබෙන ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අත් හරින්න අකැමැති ඇයි?

මේ සියවස ආසියාවේ සියවස බවත් ආසියාවේ හරි මැද පිහිටි ලංකාව මේ සියවසේ වැදගත්ම රට බවත් ඇමෙරිකානු යුද විශේෂඥ රොර්බට් කප්ලාන් පවසනවා. ඒ නිසා මිලේනියම් චැලේන්ජ් ගිවිසුමේ සැබෑ අරමුණ වන්නේ මේ සියවසේ වැදගත්ම රට බවට පත්වී තිබෙන ශ්‍රී ලංකාව තුල ඇමරිකාව පැළපදියම් කරගැනීමයි. ඒ අනුව මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කර ගැනීමට ඇමරිකාව සමත් වුවහොත් ඒ හරහා ශ්‍රී ලංකාව ලෝක බල අරගලයේ කේන්ද්‍රස්ථානය බවට පත් වෙලා මේ රට ලේ විලක් ගිණිගොඩක් බවට පත්වීම කාටවත් වලක්වාගන්න බෑ.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට එම ආයතනය විසින් යැවූ වාර්තාවේ 6 වන පිටුවේ සඳහන් වෙනවා, මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමරිකාව විසින් නිර්දේශ කරපු ඉඩම් ප්‍රතිසංස්කරණවලට අදාල පනත් කෙටුම්පත් 2ක ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් සකස් කර අවසන්. පනත්කෙටුම්පත් දෙක සම්මත කරගැනීමේ ප්‍රගතිය අනුව තමයි මෙම මුදල් නිදහස් කරන්නේ කියලා. පළමුවන පනත් කෙටුම්පත මීට මාස හතරකට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අප ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළා. පළාත් සභා යළි සක්‍රිය වන තුරු පළාත් සභාවල එකඟතාවය ලබා ගන්නා තුරු ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නා. අනික් පනත් කෙටුම්පත කුමක්ද කියන එක අපි දැකලත් නැහැ. දන්නෙත් නැහැ. මෙය ඉතාම රහසේ කරගෙන යන බව ඉතාම පැහැදිළියි.

1840 මුඩු බිම් පනතින් ඉංග්‍රිසි ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ඉඩම් මංකොල්ලා කෑවා. බණ්ඩාරනායක මැතිණියට පින් සිදු වෙන්න ඒ ඉඩම් යළි ජනසතු කර ගන්න පුළුවන් වුණා. එදා 1840 දී ඉංග්‍රිසින් බලහත්කාරයෙන් කරපු දේ 2019 දී ඇමෙරිකානුවන් තමන්ගේ රූකඩ ආණ්ඩුවක් ලවා කැමැත්තෙන්ම කර ගන්නයි යන්නේ.

ඇමරිකාවට අවසාන වශයෙන් කියන්නේ මේ ආණ්ඩුව පණ අදින ආණ්ඩුවක්. මේ ආණ්ඩුව තියෙන්නේ තව දින පහලවයි. ඒ නිසා පනඅදින මලමිනියක් එක්ක අත්සන් කරන ගිවිසුම් අප වලංගු යැයි සලකන්නේ නැහැ. මලමිනියක් සමග ගිවිසුම් අත්සන් කර එහි වලංගුතාවය රට මත පටවන්නට මෙරට ජනතාව ඉඩ තියන්නේ නෑ කියන පණිවිඩය ඇමරිකාවට ලබා දෙනවා.

– අරවින්ද අතුකෝරල

 

147 views

31 Comments to “මුඩුබිම් පනත පරදන මහා පාවාදීම සූදානම්.. පණ අදින ආණ්ඩුව සමගින් ඇමරිකාව මිලේනියම් ගිවිසුමට එක්වෙයි..”

  1. Lokka says:

    This article is a complete lie and fabrication of actual facts to mislead the public. These all are aimed at next election. It is very sad if we miss this grant, it was something the government of Sr Lanka worked many years to get. Please do not betray the island in the name of politics. Who ever comes to power must get this opportunity, please do not miss. Sri lanka will not get this opportunity again

    • හැඳි මිටේ නුවණ says:

      At least you got the brains to absorb that. That’s exactly my opinion. It is a crime if we lost this grant. Whoever run this country these types of funds are important as these are not loans. But these culprits mislead the general public…

    • Boo says:

      It is not a grant. Grants are for free. This is for exchange of many rights and perks from Sri Lanka, so it is a deal and not a grant. Dont get deceived by suger coated words with a begger mentality.

    • charles says:

      If there is nothing to worry , wait till the presidential election. Only two weeks to go What’s the hurry.

    • Victor says:

      … and we are supposed to believe you ? Except a few stooges no one has seen the agreement. Why is it so secretive? This is the very reason why we should vehemently oppose it. Go and sell your mother if you wish. Not my motherland.

    • නොදකිං says:

      🤑 කන්ඩ දෙනව නං මට බොන්ඩ දෙනව නං මොන කෙංගෙඩියද තව ඕනැ කොරන්නේ ..නේද බං🤑

    • Brave says:

      How do you judge USA ? The country with poor qualities, the policeman to the world…
      You narrow minded idiot … ! Voice of Ponil

      • Criminal says:

        Then why the hell you idiots are trying your utmost best to elect an american citizen ?

        • Victor says:

          An American citizen or any foreign citizen cannot be elected … Are you still hung up on this ? Stop beating the dead horse.

  2. හැඳි මිටේ නුවණ says:

    ඇමෙරිකාව ඔච්චර අවුල් නම් ඇයි ඇමරිකාවේ පුරවැසියෙක් වෙලා හිටපු කෙනෙක් ගෙන්නන්න මෙච්චර දඟලන්නේ? කවුරු කරත් හොඳ දේ හොඳයි. දේශපාලන කෝණයෙන්ම හැම දේම බලන ඔය එක ආණ්ඩුවක්වත් ඇමෙරිකන් විරෝධී නෙමෙයි. ප්‍රශ්නය මේවත් ඇත්ත කියල ගන්න මිනිස්සු ගොඩක් ඉන්නවා. සෝෆා, එට්කා ගෙනාපු අයම ඒවා මෙයාල කරනකොට වැරදියි කියනවා. රටේ ඉඩම් සින්නක්කර චීනයට දීපු අයම අනිත් අය කරනකොට වැරදියි කියනවා. රට සංවර්ධනය කරන්න ඔය දේවල් කාට උණත් කරන්න වෙනවා. එත් එක කෙනෙක් එහෙම කරනකොට එයා දේශප්‍රේමී වෙන්නත් තව කෙනෙක් ඒකම කරනකොට එයා දේශද්රෝභී වෙන්නත් හේතුව ඒවා ඒ විදියට දකින සමාජයක් තියෙන එක. සයිටම්, උමාඔය, විල්පත්තු ප්‍රශ්න පටන් ගන්න ඉඩ ඇරපු අය මේ ගැන කථා කිරීමත් විහිළුවක්.

    • Boo says:

      හරියට අර චීනේ දීපු වරාය නගරය හොද නෑ කියපු අය ආයෙත් ඒක චීනෙටම දුන්නා වගේ. එතකොට අර චීනෙ ආර්ථික ආක්රමනිකයෙක් කියපු අයම චීනෙට හම්බන්තොට වරාය වික්කා වගේ නේ……

      • Criminal says:

        චීනේ දීපු වරාය නගරය ? යකො , චිනෙට මහින්දලා හෙක්ටයාර බර ගානක් සින්නක්කර දෙන්න පොරොන්දුවට තමයි ,චීන නය දුන්නේ පොර්ට් සිටිය හදන්න , ඒ ගිවිසුම වෙනස් කලේ මේ ආණ්ඩුව. බයියො දන්න තරම තමයි.

        • hila says:

          අම්මට හුඩු උඹ දන්න තරම්. අක්ටා ගිවිසුම සෝෆා ගිවිසුම, අර ගිවිසුම මේ ගිවිසුම ඔක්කොම උඹ කියවලා තියෙන බව පේනව. අපිට පිස්සුද උඹ වගේ සියල්ල දත් එකෙක් එක්ක වාද කරන්න. උඹට නම් මෙතන කොටනවට කීයක් හරි ලැබෙනව. අපට එහෙමත් නෑනෙ. ඉතිං අපි කට වහගෙන ඉන්නං. පුහ් !

        • බඹර දමිල says:

          යකෝ කිරිමේල් උඹ කට ඇරපු ගමන් ගොනා බව මෙතන ලියන සාමාන්‍ය දැනුමක් තියන අය පවා දන්නව. ඔය ගොන් ටෝක් ගිහින් දාපන් සජියගෙ මීටිමකට.

    • Palit says:

      Amerikawe sapaththu lewakana ponilage samanalaya… gon wassa kisiwak notherena… paw !

    • hila says:

      තොට නම් හැඳි මිටේ නුවණවත් නෑ. ඇමෙරිකාවෙ පුරවැසියෙක් වෙලා හිටිය පලියටම මිනිහෙක් තම මව් රටට ද්‍රෝහී වෙනව කියල හිතුවද ? මොන බූරු කතාද මේ. තොගෙ අනිත් හරියත් අන්ඩර දෙමළ විතරයි.

  3. Criminal says:

    එතකොට මහත්තයො 2006 , ඇක්සා ගිවිසුම ගහලා ලංකාව ඇමේරිකාවට පාවලා දෙනකොට , යුධ හමුදා මූලස්ථානේ චිනෙට සින්නක්කර ලියලා දෙනකොට , පොර්ට් සිටියේ අක්කර සිය ගානක් නිකම්ම චිනෙට දෙන්න පිභුරු පත් අදිනකොට ඔය කියන උන්දැලැ හිටියේ මහින්දලා ,ගොඨාභයලා එක්ක රෙදි ඇදගෙනද ? ගලොලද ?

    • කිඹුලා🐊 says:

      ඒ ඇක්සා එක එකක් මේක තව එකක්. දෙක දෙකක්. පුරවැසියෙක් නොවුනට රනිල් සීයා ඇමරිකානු වහලෙක්. ඒකා ගහන ගිවිසුමෙන් රට දෙකට මැද්දෙන් බෙදෙනවා. තොට අකුරු බැරි නම් තේරෙන කෙනෙකු ලවා හෝ
      කියවලා තේරුම් ගන්න බලපන්.තෝ කුලියට කැහැලා ගිහිං නිදාගන්න සජියා දීපු සෙල්ලං ගෙයක් හරි ඇතිනේ. ඒ ඉඩමටත් කෙලවෙන පොටක් තමයි ලොන්තපෝල් රනිලා ගේන්න යන ඔය ගිවිසුම.

      • Criminal says:

        අනේ බයියෝ ! උබ ඇක්සා ගිවිසුම ගැන කියොලවත් තියෙනවද ? නෑනේ , ඒක හින්දා නොදන්න උලව් ගැන කතානොකර හිටපං.

        • කිඹුලා🐊 says:

          තෝ රැජිනගෙ බෝඩිමේ ඉඳන් ඔය ඇක්සා 2ම කියෙව්ව ? මාරයිනෙ.😄 මොංගල් බලකායෙ එවුන්ට යමක් කියවා තේරුම් ගැනීමේ හැකියාව මදි. ‍රෑ ඉස්කෝලෙකටවත් පලයං . please.

      • jsk says:

        එළ, කිඹුලා ! 👍

  4. sukiri batta says:

    මෙයා කියන්නෙ මේ ගිවිසුම රටට අහිතකරයි පණ අදින ආණ්ඩු එක්ක අත්සන් කරන්න එපා කියලනෙ… ඒ කියන්නෙ ඊ ළඟට පත් වෙන රජය අත්සන් තිබ්බොත් ගිවිසුම හිතකර වෙනවාද…
    mcc ගිවිසුම කොහොමත් අහිතකරයි.හැබැයි මෙයාලගෙ විරෝධය පිටුපස තියෙන්නෙ ජාතික හැඟීමක් නොවෙයි..

    • jsk says:

      නෑ කොහෙත්ම හිතකර නෑ ! එහෙම හිතකරයි කියලා මේකෙ කියලත් නෑ. ආයෙත් හොඳට කියවලා බලපං.

  5. Sun says:

    We need sufficient time to understand the case well even ministers do not understand the issue from their heads. Other thing we cannot trust Americans as they are creating problems round the world for their benefit. Not the amount of financial gains we are in long term this is going to create political issues within the region. Our freedom is a top priority as we cannot trust these people as happened in 1505 with Portugese.

  6. sinha le says:

    “ අපේ රටට පිළිමල් වන සතුරු මල
    අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”

    ”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
    ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”

    “පැරකුම් ගැමුණු ගජබා රාජසිංහ සු රෝ
    ඉවසුම් නැතිව විමසති තොපි කරන අරෝ
    එම නම් මතුරමින් සිංහල සොහෝ වු රෝ
    එක පිම් මෙන්ම කවුරුත් ඉදිරියට ව රෝ”

  7. sunimal says:

    යහපාලන කලු සුද්දෝ

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.

    අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශයක්

  8. Saradiel says:

    අපට එපා බිම් අඟලක්වත්
    අනුන්ගෙ දේසෙක මහ පොළොවේ
    මළත් නොදෙමු බිම් අඟලක්වත්
    අප ඉපදුණ මේ මව් පොළොවේ…

    අපේ උපන්බිම අපි රැකගන්නට
    අවසන් ලේ බිඳුවත් හෙලමු
    අපේ හපන්කම් සතුරන් අබිමුව
    කේශර ලීලාවෙන් මවමු…

    ජාතිය නැතිදා රටක් කොහේදෝ
    රට නැති වුණ දා දැයක් කොහේදෝ
    මළත් නොදෙමු බිම් අඟලක්වත්
    අප ඉපදුණ මේ ලක් පොළොවේ…

  9. Piyasiri says:

    As the crown lands easily transferable poor people will sell and big company can purchase.In mahaweli areas although can’t be transferable most of the poor farmers have sold underhand.Once make transferable all will sell to big companies and what will remains will be Amude

    • Victor says:

      Good point. Besides, the country will be thus divided in to two, the consequences of which, will be completely unknown. No hank you !

  10. Victor says:

    Good point. Besides, the country will be thus divided in to two, the consequences of which, will be completely unknown. No hank you !

Main News