ඇඹිලිපිටියට සුළි සුළගක්.. කෙසෙල් අක්කර සිය ගණනක් විනාශයි.. නිවාස දේපල හානි.. විදුලියත් ඇණහිටී..

September 24, 2018 at 12:40 pm | lanka C news
ඇඹිලිපිටියට සුළි සුළගක්.. කෙසෙල් අක්කර සිය ගණනක් විනාශයි.. නිවාස දේපල හානි.. විදුලියත් ඇණහිටී..

23දා සවස් කාලයේදී ඇඹිලිපිටිය හා ඒ අවට  වැස්සත් සමග ඇතිවූ සුලං තත්වයක් හේතුවෙන් කෙසේල් අක්කර සියගණනක් විනාශවී නිවෙස් කිහිපයකටම හානිසිදුව ඇත.

මෙසේ ආපදාවන්ට ලක්ව ඇත්තේ ඇඹිලිපිටියේ පදලංගල,කුට්ටිගල,15 ඇල,මහයාය,නින්දගම,ඌරුපැලැත්ත,වෙහෙර ගොඩැල්ල,යන ප්‍රදේශවලට දැඩි වගා හානි සිදුව ඇත.මෙම ප්‍රදේශ වල කෙසෙල් අක්කර 150ක් 200ක් අතර ප්‍රමාණයක් සම්පූර්ණ විනාශයට ලක්ව ඇත.

නිවෙස් කිහිපයකටද ගස් කඩාවැඩී,විදුලි කණු කඩා වැටීම හේතුවෙන් ආපදා සිදුව ඇත.කෙසෙල් කැන් සහිත වගාවන් බොහොමයක්ම මේ අධික සුලං තත්වය හේතුවෙන් සම්පූර්ණ විනාශ වී ගොස් අ‍ැත.

ගොවීන් පවසන්නේ වැස්සත් සමග අහස ගොරවමින් විදුලිකොටමින් සුලං හටගත් බවයි කෙමෙන් සුලං තත්වය දැඩිව ඇතැම් ස්ථාන වල සුලං   කැරෙකෙන ආකාරය ගොවීන් දැක ඇත.මේ හේතුවෙන් කෙසෙල් වගාවන් මුලුමනින්ම විනාශ වී ගොස් ඇත.

මේ වන විටත් විදුලි රැහැන් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශයට විදුලිය විසන්දි වී ඇත.මේ තත්වය සොයා බැලීම සදහා ගොවිජන අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති ගයාන් මේනක දිසානායක මහතා එම ආපදාවන් ලක්වූ ප්‍රදේශවල සංචාරය සිදුකල අතර,ඔහු මාධ්‍යයට කියා සිටියේ ආණ්ඩුව විසින් මේ ආපදාවන්ට ලක්වූවන් සදහා වන්දිමුදලක් ලබා දීමට කටයුතු කල යුතු බවයි.

කෙසේ වෙතත් ගයාන් දිසානායක මහතා විසින් ගොවීන්ට කියා සිටියේ සියලු දෙනා මේ සම්බන්ධයෙන් පොලීසියිට පැමිණිලි කරන ලෙසයි.

ගොවීන් කියා සිටියේ කණ කර උකස් කර තමන් කෙසෙල් වගාවන් සිදුකලා,අපි ඉතාම දුක් මහන්සියෙන් තමයි මේවා වගා කලේ අපේ එකම ජීවන මාර්ගය මේක,පසුගිය කාලයේ නියග වතුර තිබුනේ නැහැ.ලොකු මුදලක් ගෙවල මේ වට වතුර ගහල කැන් කපන්න තව මාස කිහිපයයි තිබුනේ ඉතින් මේ සියල්ල වතුරෙ ගියා.දැන් අපිට වහ බොන්න වෙලා තියෙන්නේ යයි ගොවීන් කීය.

23 දා සවස මේ ආපදා තත්වය සිදුවුවද 24 දහවල් වන විටත් කිසිදු බලධාරියෙක් මේ ප්‍රදේශ වලට පැමිණ නොසිටීම පිළිබදව ගොවීන් දක්වන්නේ දැඩි විරෝධයකි.

– ප්‍රගීත් ජනක

5,877 Viewers

4 Comments to “ඇඹිලිපිටියට සුළි සුළගක්.. කෙසෙල් අක්කර සිය ගණනක් විනාශයි.. නිවාස දේපල හානි.. විදුලියත් ඇණහිටී..”

  1. Nalaka says:

    ආපදා තත්වයක් ප්‍රකශ කරගත්තොත් අපදා නීතියට අනුව සාධාරණ වන්දියක් ගන්න පුලුවන්.

  2. Nimal Perera says:

    Don’t worry. Yamapaluwo will import Banana at a lower price:)

  3. Love nature says:

    කොසොල් රජු දුටු සිහින
    1 වන සිහිනය

    කොසොල් රජු –
    “කළුපාට වෘෂභයෝ සතර දෙනෙකු යුධ කරන්නේ යැයි සතර දිශාවෙන් රාජාංගනයට පිවිසෙයි. උන් එනවිට නරඹන්නෝ මහා උද්යෝගයකින් ජය ඝෝෂා පවත්වමින් වට වී බලා සිටී. වෘෂභයෝ සතර දෙනා යුධ කරන අයුරක් දක්වා නාද කොට ගර්ජනා කොට යුධ නොකර ඉවත්ව ගියහ. ඔල්වරසන් දුන් නරඹන්නෝ වෘෂභ යුද්ධය බලන්නට බැරිව හොදටම දුක්වුණා”
    බුදුන් වහන්සේ –
    අනාගතයේ අධාර්මික පාලනය නිසා රටේ දේශගුණයත් කාලගුණයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කළට සිදුවන සිදුවීමක් පිලිබදව මෙයින් කියවේ. අනාගතයේ මිනිසුන් අදැහිමි වී මුදලට මුල් තැනක් දෙයි. වනාන්තර කපා පරිසරය ද විනාශ කරයි. මේ හේතුව නිසා නිසි කලට වැසි නොලැබේ. මහා ශබ්දයෙන් අහස ගෙරෙව්වත් වැස්ස නොලැබෙයි.

    • Asaranaya says:

      අම්මට හුඩු ආප්පෙට හඩු ජනතාවට අවනඩු පඹයට බලුකජු’, යමපාලනේ දේව ශාපය

Main News