ඇඹිලිපිටිය කඩදාසි කම්හල රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරනවා.. විකුණන්නේ නෑ…- විමල්

January 20, 2021 at 3:00 pm | lanka C news
ඇඹිලිපිටිය කඩදාසි කම්හල රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරනවා.. විකුණන්නේ නෑ…- විමල්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට අවශ්‍ය භූමිභාගය කිසිසේත්ම වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමට ඉඩ නොතබන බවත් එම කම්හල රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ නුදුරේදීම යළි විවෘත කිරීමට කටයුතු කරන බවත් ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

පාර්ලිමේන්තුවේදී හේෂා විතානගේ මන්ත්‍රීවරයා වාචිකව ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට විෂය භාර අමාත්‍යවරයා ලෙස පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

ඇඹිලිපිටිය කඩදාසි කම්හල පිහිටා ඇති භූමිභාගය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතුව තිබුණත් එය කඩිනමින් ඇඹිලිපිටිය කඩදාසි කම්හල අයත් ජාතික කඩදාසි සමාගමට නීත්‍යනුකූලව පවරා ගැනීමට දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද මෙහිදී වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජාතික කඩදාසි සමාගමට අයත් ඇඹිලිපිටිය කඩදාසි කම්හල ඈවර කළ අවස්ථාවේදී එය මිලදී ගත් පුද්ගලයා එහි යන්ත්‍ර සූත්‍ර බැංකුවකට උකසට තබා ණය ලබාගෙන රටින් ද පැන ගොස් තිබූ බව ද අමාත්‍යවරයා හේෂා විතානගේ මන්ත්‍රීවරයාට සිහිපත් කළේය.

වාලච්චේන කඩදාසි කම්හලට පණ දුන්නා සේ ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ද යළි පණ දීමේ අරමුණින් ඒ පිළිබඳව සොයා බැලූ බවත් ඉහත කී ණය මුදලෙන් කොටසක් අදාළ බැංකුවට ගෙවා යන්ත්‍ර සූත්‍රවල අයිතිය මේ වන විට දේශීය ව්‍යාපාරික මහතකු ලබාගෙන ඇති බව එහිදී තමන්ට දැන ගැනීමට ලැබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එම දේශීය ව්‍යාපාරිකයාගේ කැමැත්ත වූයේ මෙම කම්හල පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම වුවත් තමන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම අමිල ජාතික සම්පත, ජාතික කඩදාසි සමාගම සමඟ රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ ඇරඹීමට එකගව ඇති බව ද වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව නුදුරේදීම ඇඹිලිපිටිය කඩදාසි මෙරට ජනතාව අතට පත් වීමට නියමිත බව ද කර්මාන්ත අමාත්‍යවරයා පැවසීය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

19,022 views

10 Comments to “ඇඹිලිපිටිය කඩදාසි කම්හල රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරනවා.. විකුණන්නේ නෑ…- විමල්”

  1. Maha sinhale says:

    රටේ සම්පත් විකුණන්නා වසලයෙක්. ඔබතුමාට අපේ ප්‍රණාමය

    සිංහල රන් කිරි කට ගා
    මගෙ පුතු හෙට ලොකු වෙනවා
    රට රකින්න රන් අසිපත
    පුතුගෙ අතට මම දෙනවා

    සැම මවකගේ පැතුම මෙය විය යුතුයි.

  2. S.Vitharana says:

    විමල් මහත්තයෝ,
    කරන්න හදන වැඩේනම් මහා ජාතික අපරාධයක්. කඩදාසි ගැන දන්න කෙනෙක්ගෙන් උපදෙස් ගන්න.

  3. S.Vitharana says:

    විමල් මහත්තයෝ,
    කරන්න හදන වැඩේනම් මහා ජාතික අපරාධයක්. කඩදාසි ගැන දන්න කෙනෙක්ගෙන් උපදෙස් ගන්න.

  4. අසංක says:

    බයියො චුන් කරන්න ඕක open කරා නේද.දැන් මොන විකාරද මේ කියන්නෙ.බයියොන්ගෙ අමුඩෙත් ගලවලා තියෙන්නෙ.දැන් ඉතුරැවෙලා තියෙන්නෙ හම ගහන්න විතරයි.

    • opps says:

      උඔ බත්බැලකම කරන්ට එපැයි දවසේ වියදම හොයාගන්ට පවි මු වටෙම පෝරියල් හින්ද නමි ගොඩයි මුට. එක කබිබෙක් නමි 25කින් කොමෙන්ටු කොටලා වංචාව ගෙන බන කියනවා රෙදි නෑ ඔීයි

    • ක්‍රිමිනල් says:

      පරන හෝදපු නැති අමුඩයක් තියෙනව, අසංකට දෙන්නද ලෙව කකා ඉන්න?

  5. Rata Wenuwen says:

    අන්න හරි. උඹට අයවැයෙන් සොච්චම් මුදලක් වෙන්කලේ ඕව විකුනල කීයක් හරි හරි හම්බකරගන්න.

    • බූරු පුතානෝ සජියා says:

      වැඩ කාරයට බොරු බෑ අරිද? විමල් මහත්තයා සල්ලි වෙන් කලත් නොකලත් කරන්න හිතපු දේ කරනවා. ඇතාගේ ගමන නවත්තන්න මොකාටවත් බෑ වගේ උත්සාහ වන්තයාව නවත්තන්න උඹලට බෑ. පලයන් ගිහින් හාමුගෙ වත්තෙ ලබු කඩපන්.

      • Alapaluwa says:

        රාජ්‍යය ආයතන පෞද්ගලික අංශයට විකුනලා කොමිස් එක සාක්කුවෙ දාගන්න එක හරිද, වැරදිද කියල උඹගෙ ගැති වහල් මොලේට වැටහෙන්නෙ නැහැ කාලකන්නියො.

  6. අපොයි අපි says:

    ඉඩමෙ ඉතුරු ටික මුස්ලිම් පල්ලි ය ක් ගහන්න අවසර දෙන් අමති තුමා. නෙත්නම් කර්මාන්ත අමත්‍යංශයේ යටතෙ made in Sri LLanka කියල චිනෙන් බාල රෙදි ආනයනය කොට පාසල් නිල අදුම් රෙදි හා ත්‍රිවිධ හමුදා පොලිස් නිල අදුම් රෙදි සපයන මුස්ලිම් වියපරක්‍යින් දෙදෙනා ට තරහ යයි

Main News