ඇඹිලිපිටිය කඩදාසි කම්හල යලිත් වැඩ අරඹයි..
October 26, 2018 at 2:06 am | lanka C news
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්බ කිරීම වෙනුවෙන් කම්හල් භූමියට ඇතුලු වීම ඊයේ(25) ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ඇඹිලිපිටිය ජාතික කඩදාසිකම්හල 2012 නොවැම්බර්මාසයේ වසා දමනු ලැබීය.කඩදාසිකම්හල් භූමියේ තිබූ බොහෝ දේපල විවිධ පුද්ගලයන් විසින් විනාශකර දමා බොහෝ වටිනා දේ රැගෙනගොස් තිබිනි.එහෙත් කම්හලේ යන්ත්‍ර සූත්‍ර වලට එතරම් හානි සිදුකර නොතිබූ අතර ඕමල්පේ සොභිත හිමියන්ගේ ඉල්ලීම පරිදි මේ වන විට ඇඹිලිපිටිය කඩදාසිකම්හල නැවත ආරම්බ කිරීමට සූදානම්ව පවතී.
ඒ අනුව තව මාස හයක ආසන්න කාලයකදී ඇඹිලිපිටියේදී කඩදාසි නිෂ්පාදනය ආරම්බ කරන බව ව්‍යාපාරික අනුරත් අබේරත්න මහතා නව ආයෝජක මහතා පවසයි.
පිරිත් සද්ගායනා මැද්දේ ඕමල්පේ සෝභිත,සහ නව ආයෝජක මහතා මෙන්ම ප්‍රදේශවාසීන් කම්හල් සේවකයින් කම්හල් භූමියේ පිරිත් පැන් ඉස කම්හල් භූමිය නිරීක්ෂණය කරන ලදී.
ව්‍යාපාරික මහතා කියා සිටියේ සංහල අලුත් අවුරුද්දට පෙර ඇඹිලිපිටිය කඩදාසි කම්හල් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන බවත් ටොන් 300ක් පමණ මසකට කඩදාසි නිෂ්පාදනය කිරීමට සූදානමක් ඇති බවයි.මෙවැනි තවත් කම්හල් දෙකක් ඉදිකිරීමටද තමන් අපේක්ෂා කරන බව ද ඔහු කීය.
– ප්‍රගීත් ජනක
2012? ඒ කියන්නෙ බයියගෙ කාලෙ වැහිච්ච තවත් දේශීය ව්‍යාපාරයක් යලි නගාසිටුවනවා.ජයවේවා යහපාලනයට.
කඩදාසි හදන කඩදාසි කම්හල් වහල ගුවන් යානා එන්නෙ නැති ගුවන්තොටුපොලවල් හැදුවනෙ ඒ කාලෙ.
මහජන දේපල අනුරත්ගේ අතට ගියේ කොහොමද?
ඇයි රජයට මේ දේ කරන්න බැරි?
හැමදේම ඇයි රජයම කරන්නෙ? රටක දියුණුවට ශක්තිමත් පෞද්ගලික අංශයක් අවශ්‍යයි.තමුන් තාම ඉන්නෙ ගල්යුගයෙද? එහෙම පුලුවන් නම් බයියගෙ කාලෙ ඒක වැහුවෙ ඇයි?