ඇඹිලිපිටිය හා බලංගොඩ නගරාධිපතිවරුන් ධුරයෙන් පහ කරයි..
January 16, 2021 at 12:00 pm | lanka C news
සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් බලංගොඩ සහ ඇඹිලිපිටියේ නගර සභාවල නගරාධිපතිවරුන්ගේ ධුරයන් අත්හිටුවා තිබේ.
ඒ අනුව එම බලතල ඒවායේ උප සභාපතිවරුන්ට පවරමින් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඔවුන්ගේ ධුරයන් අත්හිටුවා ඇත්තේ නගර සභා පනත උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමිනි.
මෙම දෙදෙනාට එල්ල වී ඇති චෝදනා මාස තුනක් ඇතුළත විභාග කර වාර්තා කරන්නැයි ඒක පුද්ගල කොමිසමක් ද ආණ්ඩුකාරයා විසින් පත් කර තිබේ.
ලෝභ කමයි තණ්හාවයි දෙකක්
තණ්හාව ඇතිවන්නෙ විදිම නිසා අහිංසකකමට හා කපටි කමට නැත්තම් අවිද්‍යාවට නමුත් ලෝබ කම ඇතිවන්නෙ තමන් සතු දෙයකට. හෝ ආස කරන අනුන් සතු දෙයකට. මේ දෙකේ වෙනස හරි සරලයි. නමුත් තේරුම් ගන්න සැහෙන්න කාලයක් ගියා.
කෝට්ටේ නගරාධිපති ටත් ඒක විය යුතුයි. කිසි මොලයක් නෑ. වැඩක් කරන්නෙ නෑ. කොන්ත්‍රාත් කාරයන් ලව්වා ගසා කනවා.