ඇඹිළිපිටියේ කොරෝනා සිඝ්‍ර ව්‍යාප්තියක්.. අමතර පන්ති, දහම් පාසල් වසා දමයි..
March 6, 2021 at 12:00 pm | lanka C newsඇඹිලිපිටියේ කොරෝනා අවධානම සිග්‍රෙයන් වැඩිවීමත් සමග කොවිඩ් මර්ධන කමිටුව විසින් සති දෙකක් සදහා දහම්පාසල් සහ පුද්ගලික උපකාරක පන්ති හා ගෘහස්ත උත්සව සියල්ලක්ම නතර කිරීමට තීරණය කර ඇත.
ඇඹිලිපිටිය හා ඒ අවට මේ දිනවල කොවිඩ් තත්වය පැතිරෙමින් පවතී. එබැවින් අද රැස්වූ කොවිඩ් කමිටුව විසින් එම තීරණය ගත් බව කොවිඩ් කමිටු සාමාජික ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ මහතා කීය.
මේ අනුව ගෘහස්ත උත්සව, දහම්පාසල්, පුද්ගලික පන්ති පැවැත්වීම සති දෙකක කාලයක් සදහා සම්පූර්ණ තහනම් කර ඇත.පෙර පාසල්ද මේ ගණයට ඇතුලත් කරන බව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා කීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇඹිලිපිටිය නගර සභාව නියෝජනය කරන ලද මන්ත්‍රී රුවන් පතිරණ මහතා කියා සිටියේ, වෙනත් උත්සව ශාලාවල ගන්නා උත්සව සදහා ද පිරිස් සීමා කිරීමටත්, මලගෙවල් වල කෑම ලබාදීම තහනම් කරන බවත් එක් දිනකින් ඒවා භුමදානය කිරීම සදහා උපදෙස් ලබා දීමට සාකච්ඡා කල බවද කීය.
– ප්‍රගීත් ජනක
හෙළ ඔසුව දැන්වත් වහාම ලබා දෙන්න මෙයට එකම පිළියම එය පමණයි.
ගොනා හැරෙන්නේ කෙහෙල් පැලේටලු.
දැන් සර්වලෝක පූට්ටුවේ මහ මොළකරු අහස පොළොව ගැටලමින් කල්පනා කරන්නේ පළාත් සභා ඡන්දය කල්දමා ගන්න ක්‍රමයක්..ඊලඟ “කොරෝනා නව ප්‍රභේදයක පොකුරක්” පොල්ගෙඩි අකුරින් ළඟදීම.
GMOA ඇස් තඩියා,දෙරණ ගැරඬියා ඒ එෙතිහාසික පුවතේ ත්‍රාසය භීතිය ඔබ වෙත ගෙන එන්නට දතකට මදිමින් සිටී.
ගොනා හැරෙන්නේ කෙහෙල් පැලේටලු.
දැන් සර්වලෝක පූට්ටුවේ මහ මොළකරු අහස පොළොව ගැටලමින් කල්පනා කරන්නේ පළාත්සභා ඡන්දය කල්දමා ගන්න ක්‍රමයක්..ඊලඟ “කොරෝනා නව ප්‍රභේදයක පොකුරක්” පොල්ගෙඩි අකුරින් ළඟදීම.
GMOA ඇස් තඩියා..දෙරණ ගැරඬියා ඒ එෙතිහාසික පුවතේ ත්‍රාසය භීතිය ඔබ වෙත ගෙන එන්නට දතකට මදිමින් සිටී.
ඊයේ පෙරේදා ඇඹිලිපිටියේ අවුරුදු 29 කොල්ලෙක් පපුවේ අමාරුව හැදිලා මැරුණම මිනියේ කටයුතු වලට පොලිසියට මැදිහත් වෙන්න උනා කියපුවහම අපිටනම් තේරුණා
දැන් හැමතැනම මිනිස්සු පොඩි පපුවේ අමාරු හැදිලා වැටෙනවද
උඹ නොදන්න ගොන් කතා නොකියා හිටපං. ඒ මල්ලිට ඉස්සර ඉඳලා හාට් එකේ ප්‍රශ්නයක් තිබුණා. මිනිස්සුන්ගෙ මරණ වලින් දේශපාලන ආතල් ගන්න එපා.