ඇලක තිබී පුද්ගල මල සිරුරක් හමුවෙයි…

August 22, 2020 at 2:06 am | lanka C news
ඇලක තිබී පුද්ගල මල සිරුරක් හමුවෙයි…

හැටන් සිට කාසල්රි ජලාශය දක්වා ජලය ගලා බසිනා දික්ඔය ඇල මාර්ගයේ දික්ඔය තේ කර්මාන්ත ශාලාව අසල ඇළේ තිබි නාදුනන පුද්ගල මල සිරුරක් හමු වු බව හැටන් පොලිසිය පැවසිය.

දික්ඔය තේ කර්මාන්ත ශාලාව අසල කැඩි ගිය පාලමට නුදුරින් ඇළේ පුද්ගල මල සිරුරක් තිබෙන බවට එම ස්ථානයේ තෘණ කැපිමට ගිය වතු කම්කරුවෙක් දැක ඒ පිලිබදව හැටන් පොලිසිය වෙත කරන ලද දැනුම් දි ඇත.

වයස අවු 30 – 35 වයසැති පුද්ගල මල සිරුර දින ගණනාවක් ජලයේ තිබි නරක් වි ඇති හැටන් පොලිසිය කියා සිටියේ.

හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසුව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් පැවසිය.

සිරුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය  පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

816 views
Main News