ඇල්පිටියේ සියළු කොට්ඨාශ අපි දිනනවා.. ප‍්‍රතිශතය 60% පන්නනවා.. සජිත් හැකිනම් පැමිණ ඇල්පිටියෙන් 40%ක් ගෙන පෙන්වනු..- පොහොට්ටුවෙන් ප‍්‍රසිද්ධියේ අභියෝග කෙරේ…

September 3, 2019 at 6:32 am | lanka C news
ඇල්පිටියේ සියළු කොට්ඨාශ අපි දිනනවා.. ප‍්‍රතිශතය 60% පන්නනවා.. සජිත් හැකිනම් පැමිණ ඇල්පිටියෙන් 40%ක් ගෙන පෙන්වනු..- පොහොට්ටුවෙන් ප‍්‍රසිද්ධියේ අභියෝග කෙරේ…

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වහා පවත්වන ලෙස නියෝග කර ඇති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් ඔක්තෝම්බර් 11 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙම මැතිවරණය එහි කොට්ඨාස 17 ම ජය ගන්නා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

ස්ථිර වශයෙන්ම තම පක්ෂය එම මැතිවරණයේදී 60% ඉක්මවූ ප්‍රතිශතයක් ජය ගන්නා බවද ඔහු පැවසීය.

මීලග ජනාධිපතිවරණයට එන බව කියන සජිත් පේ‍්‍රමදාස මහතාට හැකිනම් පැමිණ ඇල්පිටිවේ මැතිවරණය මෙහෙයවා 40%ක් ලබා ගෙන පෙන්වන ලෙසද ඔහු අභියෝග කලේය.

මේ අතර එම මැතිවරණය මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කමිටුවක් පත් කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනාම සහ පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඇතුළත් වන පරිදි මෙම කමිටුව පත් කර ඇත.

මැතිවරණ මෙහෙයුම සිදු කරනු ලබන්නේ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසිනි.

64 views

12 Comments to “ඇල්පිටියේ සියළු කොට්ඨාශ අපි දිනනවා.. ප‍්‍රතිශතය 60% පන්නනවා.. සජිත් හැකිනම් පැමිණ ඇල්පිටියෙන් 40%ක් ගෙන පෙන්වනු..- පොහොට්ටුවෙන් ප‍්‍රසිද්ධියේ අභියෝග කෙරේ…”

  1. Rata Wenuwen says:

    රජක සජියෝ ඔන්න හොඳ චලේන්ජ් එකක්, හැකිනම් කර පෙන්වනු, එහෙමවුනොත් පින්ගුත්තරයා ඉබේටම අස්වෙලා යයි, නැත්නම් ඌ මැරෙනතුරාවට ගෙවල පෙරේතයා වගේ අරක් අරන් ඉඳීවි

  2. අංකූරා says:

    මිනිස්සු රට ගැන හිතනවා අඩුයි , දුර දකිනවා අඩුයි , සමහරු පාඩම් උගන්වන්න කියලා ඡන්දය වර්ජනය කරන්න පුළුවන් , එහෙම වුනොත් ඒක පොහොට්ටුවේ ජයග්‍රහණයට බාධාවක් වෙන්න පුළුවන්!!.

    • Ratata Adhare says:

      I don’t think so, my friend! People are fed-up with this destructive government and anxiously waiting for the first available chance to teach them an unforgettable lesson in history.

    • kawinda says:

      paadam uganwanna chandaya nodunnoth pasuwa pasuthewili wenna wei. daruwange anaagathaya gena hithalaa niyama sudussaata chandaya denna.

  3. Kandy says:

    ජනතාව වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවත් 225ත් ප්‍රතික්ෂේප කරන තත්වයක් රටේ ඇති වෙලා.මේ නව යටත් විජිතයේ නියම පාලකයන් වූ ඇමරිකාව හා එංගලන්තයට තම ලංකා නවයටත් විජිතයේ ට්‍රෝජන් අස්සයා වන වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවත්, ඒ තුල විවිධ නම් යෙදූ රතු,කොළ,නිල්,පාටපාට රෑකඩත් දමා ගෙන වසර 71ක් කරගෙන ආ බොරැවත් තව දුරටත් කරගෙන යන්න බැරි අවසානයක් කරා එලඹිලා.එලබෙන ජනාධිපතිවරණයකදි ඉදිරිපත් වන අපේක්ෂකයන් ලෙස මේ වන විටත් කරළියේ රඟ දැක්වෙන පුද්ගලයන් එක්කෝ හොරෙක්,දූෂිතයෙක් එහෙමත් නැත්නම් CIA හෝ MI6 ඒජන්තයෙක් ලෙසට ජනතාව හංවඩුගැසීමද යටත් විජිතයේ බටහිර හාම්පුතාලට උභතෝකෝටික ගැටලුවක් වී ඇත. තම රැකඩ,ජනතාව ඉදිරියේ එළිදරව්වී ආසාර්ථක හා දුබලවී, රෑකඩ පාලනය අභිබවමින් ජනතාවගේ බලය හිස ඔසවමින් ඇති නිසා ඇමරිකන් හා බ්‍රිතාන්‍ය හමුදා අවි අත දරාගෙන ශ්‍රී ලංකා වේදිකාවට බසිමින් සීටි.ආපදා තත්වය පාලනයට ඔවුන් නිල නොවන මට්ටමින් යටත් විජිතයට ආග්‍රාණ්ඩුකාරයෙක්වද පත් කර ඇත.මේ නව අග්‍රාණ්ඩුකාරධූරය හමුවේ රටේ ජනාධිපති අගමැතිධූර හුදු නාමමාත්‍රික ඒවා බවට පත්ව අග්‍රාණ්ඩුකාරධූරය ආරක්ෂක අංශ හා පොලිසියේද සර්වබලධාරියා වීම වලැක්විය නොහැක.ලක් මාතාව පෙලන දෙස් විදෙස් දුෂ්ඨ බලවේග,සතුරැ බලවේග පරදවමින්,පලවාහරමින් ඒවාට විනාශය අත් කර දෙමින් ලාංකික පොදු ජනතාව සිය ජාත්‍යන්තර මිත්‍රයන්ගේද සහය හා ශක්තිය ලබමින් බිහි කරන්නට යන “මහජන ශ්‍රී ලංකාව” වැලැක්විය හැකි බලවේගයක් නොමැත.

  4. රන්බණ්ඩා says:

    කට්ට කෛරාටික ආසියාවෙ ක්ලීනර් එක්ක මුළු යූ එන් පී වසල නඩයම ආයෙත් වංගියක් දඟලන්නෙ මුස්ලිම්, දෙමළ නඩයත් එක්ක හවුල ගහගෙන මේ රට මුහුදු මට්ටමටම සමතලා කොරන්න.
    ඒ බව මේ රටට, ජාතියට, ආගමට වගේම තමන්ගෙ අනාගත දරුමුණුපුරන්ට ආදරය කොරන සියලු සිංහල බෞද්ධ ජනතාව තමන්ගෙ බුද්ධියෙන් තේරුම් අරගෙන, ආයෙත් වතාවක් යහපාලන-ලිච්ඡවී කරුමක්කාරයින්ට අහුනොවී, රටට පණ දෙන්න පුළුවන් නායකයෙක් තෝරාගන්න දායක වෙයල්ලා.
    මේ උඹලාට ලැබෙන අවසාන අවස්ථාව බවත් අමතක නොකරපල්ලා.
    අවුරුදු හතරහමාරක් තිස්සේ, රටේ ජනතාව බදු බරෙන් හිර කොරලා, අපමණ පීඩාවක් කොරලා අන්තිමේට භාණ්ඩාගාරයත් හිස් කොරපු යූ එන් පී වසලයින් දැන් ආයෙත් ඇස් ගිල්ලවාගෙන, පාන්දර වෙනකං නිදිමරනවලු ජනතාවට සේවය කොරන්න.
    සිංහල මිනිසුනේ, අහුවෙන්න එපා ආයෙත් මුන්ගෙ කප්පරක් බේගල් වලට.
    එළවපල්ලා, ගෙදරට චන්දෙ ඉල්ලගෙන එන ඔය කාලකණ්නි ගෙරියන්ව ඉඩමේ හතර මායිමට වත් වද්දා නොගෙනම.

  5. kiribatha says:

    There were some news items talking about a guaranteed 65% for GR in the next presidential election. Now they are targeting 60% in one of the Southern strongholds. It looks like they do not understand that unless close to 70% is obtained in Sinhalese dominated areas, GR cannot even win the presidential election let alone getting 65%.

  6. Saradiel says:

    ජය සිකුරුයි යු එන් පි ජේ වී පි අන්ත පරාජයක්

  7. harsha says:

    2015 ජනාධිපතිවරණයේදීත් ගාල්ල දිස්ත්‍රක්කය මහින්ද 60%ක් අරගෙන දිනා ගත්තා.

  8. nimal says:

    Historic Victory for SLPP

Main News