ඇල්පිටිය දිනවන්න පක්‍ෂ නායකත්වය සජිත්ට දෙන්න සූදානම්.. බැරිවුනොත් සියල්ල අතහැර යටත් විය යුතුයි..

September 5, 2019 at 9:20 am | lanka C news
ඇල්පිටිය දිනවන්න පක්‍ෂ නායකත්වය සජිත්ට දෙන්න සූදානම්.. බැරිවුනොත් සියල්ල අතහැර යටත් විය යුතුයි..

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට එජාපයේ සම්පූර්ණ නායකත්වයේ බලතල නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට පවරා දීමට සූදානම් බව එම පක්ෂයේ රනිල් හිතවාදී පාර්ශ්වයේ ප‍්‍රබලයෙකු සදහන් කලේය.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව ජයග්‍රහණය කරවීමට පක්ෂ නායකත්වය අවශ්‍ය යයි යැයි සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් කර ඇති කරන ලද යෝජනා ගැන අදහස් පල කරමින් රනිල් පාර්ශවයේ ප්‍රබලයෙකු මෙම අදහස් පළ කළේය.

පක්ෂ නායකත්වයද සහිතව ඇල්පිටිය මැතිවරණය ජයගත නොහැකි වුවොත් ඇමති සජිත් පේ‍්‍රමදස මහතා තම නොහැකියාව පිළිගත යුතු යයිද ඔහු කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අභියෝගය බාර නොගන්නේ නම් වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැතිවරණයට මුහුණ දී එය ජය ගැනීමටද සූදානම් යයිද කී ඔහු එවන් තත්ත්වයකදී පක්ෂ නායකත්වයට එරෙහිව කැරලි ගසා පක්‍ෂය බේද බින්න නොකල යුතු බවත් යම් සුදුසු තනතුරක් තිබේනම් ඒවා නිසි අවස්ථාවේ එය ලැබෙනු ඇති බවත් පැවසුයේ.

48 views

7 Comments to “ඇල්පිටිය දිනවන්න පක්‍ෂ නායකත්වය සජිත්ට දෙන්න සූදානම්.. බැරිවුනොත් සියල්ල අතහැර යටත් විය යුතුයි..”

  1. සජියෝ ඔය වටේ ඉන්න උංගෙ ලණු නොකා මේ බූමරංගය ආපහු රනිලට ම දුන්නොත් හොදයී…නැත්නම් සජිත් ආවා…සජිත් ගියා…තමයි..
    අගමැටි ටම ඔය මැතිවරනය දිනවන්න කිව්වොත් ගොඩ..ඕක මේ කපේට යූඇන්පිය දිනනව බොරු…

  2. JANATHAAWA says:

    That challenge is upto anybody of the U.N.P.,including it’s present leader and
    to show that they can win.

  3. Dp says:

    සජියෝ ඕකම අගමැතිට අභියෝගයක් ලෙස දීපන් .රනියා අවුරුදු 4 1/2 ක්‌.රට පාලනය කලා නම් මේක දිනලා පෙන්නන්න නැත්නම් ගෙදර යන්න කියන්න.

  4. කෙසෙල්වත්ත ලැවරියා පාර්ශවය says:

    සජිත් ඔයා මෙහෙම යෝජනා කරන්න. රනිල් නායකකම තියාගෙන ඇල්පිටිය දිනලා පෙන්නන්න කියන්න. දිනුවොත් රනිල් කැමති අපේක්ශකයෙක් දාගන්න දෙන්න. නැත්නම් සජිත්ට ජනාධිපති අපේක්ශකත්වය දෙන්න කියන්න.

  5. john the baptice says:

    ගොටාබය ජනාදිපති වෙන දාට මුන් දෙන්නම කලන්තේ හැදිලා වැටේවි

Main News