ඇල්පිටි ඡන්දයට කලින් ජනාධිපතිවරණ නාම යෝජනා කැදවනවා.. ජනාධිපතිවරණය පහසුම නොවැම්බර් 15..- මැතිවරණ කොමිසම
September 5, 2019 at 12:00 pm | lanka C news
ඇල්පිටිය ප්රාදේශීය සභාව මැතිවරණය පැවැත්වීමට කලින් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැදවීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති මහින්ද දේශප්රිය මහතා කියා සිටින්නේ මෙම මස 15 වන දින සිට නාමයෝජනා කැඳවන දිනය දක්වා සූදානමින් සිටින ලෙස රජයේ සේවයන්ට දැනුම් දී ඇති බවයි.
ජනාධිපතිවරණය පැවැත්විය හැකිය ආසන්නම දිනය නොවැම්බර් 10 බවත් පහසුම දිනය නොවැම්බර් 15 වන දින බවත් පැවැත්විය යුතු අවසන් දිනය දෙසැම්බර් 09 වන දින බවත් දේශප්රිය මහතා තවදුරටත් පැවසීය.