ඇලෝසියස්ගෙන් මං ලක්ෂ 10ක් ගත්තත් ඒක අල්ලසක් කියා කියන්න බෑ..- දයාසිරි
May 28, 2018 at 3:00 pm | lanka C news
තමන් ලක්ෂ 10ක මුදලක් අර්ජුන් ඇලෝසියස්ගෙන් ලබා ගත්තද ඔහු බේරා ගැනීම සදහා කිසි විටෙක පෙනී සිට නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි.
එම නිසා ලක්ෂ 10 මුදල අල්ලසක් යයි කිව නොහැකි බවත් ඔහු කියා සිටී.
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨශාය හමුවේ ප්‍රකාශයක් ලබා දීම සදහා පැමිණි ටී.බී. ඒකානායක මහතා සමග පැමිණ සිටි මන්ත්‍රී දයාසිරි මාධ්‍ය හමුවේ ඒ බව කියා සිටියේය.
තම මැතිවණ කටයුතුවලදී අර්ජුන් අලෝසියස් උදවු කර ඇති බව සැබෑ නමුත් තමන් ලක්ෂ දහය වෙනුවෙන් ඔහු නිර්දෝෂී යයි කීවේ හෝ ආරක්ෂා කිරීම සදහා පාද සටහන් දාන්න හෝ පොත් ලිවීමට ගියේ නැතැයිද ඔහු පෙන්වා දෙයි.
ඇලෝසියස් බේරා ගැනීමට කෑ ගැසූ 118 දෙනෙකු බැඳුම්කර වාර්තාවේ සදහන් බවත් ඒ පිරිස ප්‍රසිද්ධ කරන්නැයි තමන් අභියෝග කරන බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩි දුරටත් කීය.
Oka Allasak tamay.nikam pisses ta Alosius Sally Denney nehane.mokak Hari horakamak udaw karala ethy.miliyanayak kiyanne Kos ETA newei neda Dayasiri Jayasekara mahaththayo.
If everyone takes like this Sri Lanka has no future. All those who received money from Allosius should resign forthwith. Let people elect them if they want to.