ඇලෝසියස්ගෙන් මුදල් ගත් අය අද සුදනන් වෙලා.. අපේ පක්‍ෂයේ කිසිවෙකු ඔහුගෙන් මුදල් ගෙන නෑ…

June 5, 2018 at 6:31 am | lanka C news
ඇලෝසියස්ගෙන් මුදල් ගත් අය අද සුදනන් වෙලා.. අපේ පක්‍ෂයේ කිසිවෙකු ඔහුගෙන් මුදල් ගෙන නෑ…

දමිළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරන කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන නොමැතිබව අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසයි.

ඉන්දීය රජයේ ආධාර ඇතිව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගයෙන් නුවරඑළිය වටගොඩල මැදකුඹුර වතුයායේ ඉදිකිරීමට නියමිත නිවාස 250 ක් සඳහා මුලගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ආණ්ඩුවෙන් ඉවත් වූ අමාත්‍යවරුන් 16 දෙනා අමාත්‍යධුර නොමැතිවීම නිසා විවිද ප්‍රකාශ සිදුකරද ආණ්ඩුව 2020 වන තෙක් පවතින බව අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා කියයි.

දමිළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරන තමන් මෙන්ම අමාත්‍ය මනෝ ගනේෂන් මහතාල රාජ්‍ය අමාත්‍ය වී රාධ ක්‍රිෂ්ණන් මහතාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම් තිලකරාජ් මහතා, අරවින්ද් කුමාර් මහතා සහ වේලුකුමාර් මහතා කිසිවිටෙකත් අර්ජුන් ඇලෝසියස් සමඟ සම්බන්ධතා පවත්වා නොමැති මෙන්ම මුදල් ද ලබාගෙන නොමැති බව මෙහිදි පලනි තිගාම්බරම් අමාත්‍යවරයා සඳහන් කලේය.

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පිරිස් අද සුදනන් ලෙස කථාකිරීම කණගාටුවට කරුණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ එසේ මුදල් ලබාගෙන ඇති මන්ත්‍රීවරුන්ගේ නම් කඩිනමින් හෙළි කරන ලෙසයි.

ඉන්දීය ආධාර සහ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය එක්ව වැවිලි ප්‍රජාව වෙනුවෙන් නිවාස 14000 ක් ඉදිකිරීමට නියමිතයි.

නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල, මොණරාගල යන දිස්ත්‍රික්කවල මෙම නිවාස ඉදිකිරීම මේ වන විටත් ආරම්භ කර තිබේ.

– අරුන රත්නායක

45 views

One Comment to “ඇලෝසියස්ගෙන් මුදල් ගත් අය අද සුදනන් වෙලා.. අපේ පක්‍ෂයේ කිසිවෙකු ඔහුගෙන් මුදල් ගෙන නෑ…”

  1. SUNIMAL says:

    අර්ජුන් ඇලෝසියස් මුදල් දෙන්නේ උසස් කුලයේ දෙමලුන්ට පමනයි

Main News