ඇලෝසියස්ගේ දුක බෙදාගන්න මන්ත‍්‍රීන් පිරිසක් බන්ධනාගාරයට යයි..

February 7, 2018 at 10:40 am | lanka C news
ඇලෝසියස්ගේ දුක බෙදාගන්න මන්ත‍්‍රීන් පිරිසක් බන්ධනාගාරයට යයි..

රක්‍ෂිත බන්දනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස් හා කසුල් පලිසේනගේ සුවදුක් බැලීම සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් මැගසින් බනධනාගාරයට ගොස් ඇති බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.

එම පිරිස කවුදැයි පාර්ලිමේන්තුව නම් ගව් ඉදිරිපත් කල යුතු බවත් කී මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවට කිසිවෙකු එම නම් ඉදිරිපත් නොකරයි නම් ඒවා හෙලි කිරීමට තමන් සූදානම් බවද සදහන් කලේය.

මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති පැදුම්කර කොමිසමේ වාර්තාව හා බරබතප වංචා කොමිසමේ වාර්තාව ගැන වූ විවාදයේදීය.

මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් රහස් පොලීසිය අත්අඩංගුවට ගත් අර්ජුන් ඇලෝසියස් හා කසුල් පලිසේන අධිකරණය විසින් මෙම මස 16 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

32,631 Viewers

10 Comments to “ඇලෝසියස්ගේ දුක බෙදාගන්න මන්ත‍්‍රීන් පිරිසක් බන්ධනාගාරයට යයි..”

  1. අහිංසක මිනිස්සු දෙන්නෙක් බලනා විදියට ගියානම් අනිත් සිරකරුවනුත් බලන්න ගියාද. එහෙම නැත්නම් බැංකුවෙ සල්ලි බෙදාගත්තු කල්ලියේ වැදගත් මන්තිරිලද……

  2. Kolitha says:

    oya horaakaapu salli walin kotasak ubage pocket ekatath watila athi ee nisa poddak kata parissam karagaththoth hadaa!

  3. ඇලෝසියස් ගේ ජරාව කාපු එවුන් ගිහින් බලන්නම එපාය නැතින්ම් උන් ගේ ගිලපු සල්ලි පාවා දෙයි කියලා බයේ තමයි ෂේප් එකයි පාරයි .
    මුන් රැලම අර ඇටිකෙහෙල් ගිලපු උගුඩුවෝ වගේ තමයි/////?????

  4. sujeewa says:

    apita thawa pothak liyanna barida…….?

  5. anura says:

    mun 12 dina wanwita mosamakin epa labenawa

  6. ඔබ දන්නවද says:

    මගේ රටට ශ්‍රී දළදා පිහිටයි .

    අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවේ උපත ලද දෙමළ ජාතිකයෙකි . පසු කලක සිංගපුරු පුරවැසි බාවය ලැබුවෙකි .අර්ජුන මහේන්ද්‍රන් පසුගිය 2002-2004 රනිල් වික්‍රමසිංහ අගමැති සමයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය දරණ ලද අතර
    ඔහුගේ පියා චාලි මහේන්ද්‍රන් කලක් කොළඹ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධුරයක්ද දැරිය.

    දෙමළ ඩයස් පෝරාව හා සම්බන්දකම් ඇති අර්ජුන් මහේන්ද්‍රන් සුදීර් ජයරාම් නම් Straits Grid Pte. Ltd මැලේෂියානු වියාපරිකයා සමග ඍජු සම්බන්ධ කම් ඇති පුද් ගලයෙකු බවට ඕන තරම් සාක්ෂි තිබේ . ස්වර්ණවාහිනිය සහ EAP සමූහය මිලදී ගැනීමට දැන් සැරසෙන්නේ සුදීර් ජයරාම්වේ .

    ඔහුගේ දියණිය ඇන්ජලී මහේන්ද්‍රන් ප්‍රකට කොටස් වෙළෙඳපළ ආයෝජක හා පර්පෙචුවල් කැපිටල් හෝල්ඩිංග්ස් හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ බිරිඳ වේ.

    අර්ජුන් ඇලෝසියස් යනු දකුණු ඉන්දියාවෙන් පැමිණි කට්ට්රාර් ඇලෝසියස්ගේ මුනුපුරා ය.

    සැලකිය යුතු කරුණු .කට්ට්රාර් ඇලෝසියස් සහ “ඇලෝසියස් මුදලාලි” යනු දෙදෙනෙකි .”ඇලෝසියස් මුදලාලි” යන අයගේ සැබෑ නම සමරසේකර මහමලිකා ආරච්චිගේ (එස්. එම්. ඒ. ඇලෝසියස්) යන අයයි. ප්රේමදාස මහතා සමග දේශපාලන සම්බන්ධතා ගොඩනඟා තිබුනේ ඇලෝසියස් මුදලාලි වේ . කට්ටාර් ඇලෝසියස් සහ ඇලෝසියස් මුදලාලි අතර ව්යාපාරයක් හෝ පවුල් බැඳීමක් තිබුණේ නැත.

    මේ සියල්ල දැනගෙන මෙයාලව පත් කරන්න යෝජනා කලේ කවුද ? පත වීමට අත්සන් කළේ කවුද ?

    රට දෙමළ ඩයස් පෝරාව ආක්ක්‍රමණය කර ඇත .

  7. kadiya says:

    පක්ෂෙට ආපුවම හැමෝටම කොටස හම්බවෙනවා. 2015 චන්දෙටත් ලැබුන, මැයි 1 ටත් ලැබුනනෙ. බලන්න නොගියත් සැපපහසුකම් සපයන එක ලොක්ක කරයි.

  8. Raawanaa says:

    age kara kara inne nethiwa, giya aya kawuda kiyala dannawanam kiyala daanawako.

  9. Sri lankan says:

    Salli gaththu foot note kalliya

  10. gamarala says:

    You too are in the parliament. Why don’t you divulge the names without asking someone else to do it , if you ae so certain that they have gone?

Main News