Exclusive : ඇලෝසියස්ගේ දුරකතන දත්ත වාර්තාවෙන් අගමැතිගේ අංකයත් මතුවෙයි..

August 16, 2017 at 1:20 pm | lanka C news
Exclusive : ඇලෝසියස්ගේ දුරකතන දත්ත වාර්තාවෙන් අගමැතිගේ අංකයත් මතුවෙයි..

බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන හෝ පර්පෙචුවල් ට‍්‍රෂරීස් අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ගේ දුරකථන දත්ත වාර්තාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දුරකථන අංකය ද කිහිප අවස්ථාවකදීම සටහන් වී ඇති බව සමාජවාදී ජනතා පෙරමුණ පවසයි.

එම පක්ෂය විසින් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මේ හේතුව නිසා බැදුම්කර මගඩිවය අගමැතිවරයාද සම්බන්ධ බවට සැක මතුවන බවයි.

ඒ අනුව ඉදිරියේදී බැඳුම්කර වංචාව ගැන සොයන ජනාධිපති කොමිසම විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ද කොටුකරගනු ඇති බවට එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් පළ විය.

224 views