ඇලෝසියස්ට-පලිසේනට මරාගෙන මැරෙන්න අවස්ථාවක්..
June 4, 2018 at 3:50 pm | lanka C news
පර්පචුවල් ටෙසරීස් සමාගම හෝ එයට අනුබද්ධ සමාගම් විසින් මැතිවරණ සදහා හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් ආධාර හෝ පරිත්‍යාග ලබා දී ඇති සංවිධාන හෝ පුද්ගලයින්ගේ නාම ලේඛණයක් ලබා දෙන ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) පර්පචුවල් ටෙසරීස් සමාගමේ විධායක අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් හා එහි මූල්‍ය ප්‍රධානි කසුන් පලිසේන යන මහත්වරුන් වෙත ලිපියක් යවමින් තිබේ.
කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය වැලිකඩ බන්ධනාගාරයේ කාර්ය භාර නිලධාරිවරයා මගින් අර්ජුන් ඇලෝසියස් මහතා වෙත සහ කසුන් පලිසේන මහතා වෙත යොමු කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ ගෞරවය රැක ගැනීම උදෙසා කරන කාරුණික ඉල්ලීමයි යන ශිර්ෂය යටතේ යොමු කර ඇති ලිපිය මගින් කැෆේ සංවිධානය පෙන්වා දෙන්නේ මෙසේ සත්‍ය ලෙස මුදල් අධාර හෝ පරිත්‍යාග ලබාගත් අය හෙළි කිරීම තුලින් එසේ නොගත් අයගේ ගෞරවය ආරක්ෂා වන බවයි.
මුදල් අධාර හා පරිත්‍යාග මෙන්ම මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් පරිත්‍යාග ලබාදුන් අයගේ නාම ලේඛනය වෙන් වෙන් වශයෙන් ලබාදෙන ලෙසද කැෆේ සංවිධානය පර්පචුවල් ටෙසරීස් සමාගමේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා තිබේ. 2010 ජනවාරි 01 දින සිට 2017 දෙසැම්බර් 31 දක්වා දක්වා කාලය තුල තොරතුරු ලබා දෙන ලෙසද අදාල ලිපිය මගින් ඉල්ලා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනෙක් පර්පචුවල් ටෙසරීස් සමාගමෙන් මුදල් ලබාගත් බව එක් අවස්ථාවකදීත් 116 දෙනෙක් මුදල් ලබාගත් බව තවත් අවස්ථාවකදීත් කියවෙන බව අදාල ලිපියෙන් පෙන්වා දෙන කැෆේ සංවිධානය මෙහි සත්‍ය සංඛ්‍යාව දැන ගැනීම සියළු මන්ත්‍රීවරුන්ගේ ගෞරවයට හේතු වන බවද අදාල ලිපියෙන් පෙන්වා දී ඇත. රටේ නීතියට අනුව අල්ලස් හා කප්පම් ඉල්ලා සිටීමත් ලබා දීමත් වරදක් නමුත් එවන් ඉල්ලීමක් මෙම ලිපියෙන් නොකරන බවත් තමන් කැමති ඕනෑම අයෙකුට ආධාර හා පරිත්‍යාග ලබා දීම රටේ නීතියට අනුව වරදක් නොවන බැවින් මෙම ඉල්ලීම කරන බවත් කැෆේ සංවිධානය සිය ලිපිය මගින් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
මෙම නාම ලේඛණය රුපියල් ලක්ෂයට වැඩි හා ලක්ෂ 05 ට වැඩි වශයෙන් වෙන්ව ලබා දෙන ලෙසත් මැතිවරණ කටයුතු සදහා ලබාදුන් අයගේ ලේඛණය වෙනම ලබාදෙන ලෙසත් අදාල ලිපියෙන් ඉල්ලා ඇත. මෙම ලේඛණය තමන්ට ලබා දීම නොසුදුසු යැයි හැගෙන්නේ නම් කතානායක තමා වෙත ලබාදෙන ලෙසද කීරිති තෙන්නකෝන් මහතා විසින් ඉල්ලා තිබේ.
මෙම ලිපියේ පිටපත් කතානායක, සභානායක, විපක්ෂ නායක, දිනේෂ් ගුණවර්ධන හා මහින්ද දේශප්‍රිය යන මහත්වරුන්ටද යවා ඇත.
– ජයකාන්ත ලියනගේ
මුන් දෙන්නට වැඩ දෙන්න එපා.තුනෙන් දෙක අල්ලාගෙන හිර කරලා. මහා මොළ කාරයෝ නිදැල්ලේ. උන් හන්ගන් ඉන්න උන් ගල් ගසා ලයිට් කණුවල එල්ලන්න නීතියක් පාර්ලිමේන්තුවට අරන් වරෙව්. මේකේ මහා මොලේ ජනපති අගමැති බානයි.
Aloysius jaathika weerayek.
mun okkotama address nathi wenna wade set kala…
umba hama ekagema katata Hakka Patas damma.
saradiyel horakam karala nathibari unta dunna…..
umba horakam karala thiyena unta dunna un nathiwenna..
saradiel niyamaye wilomaya.