‘ඇලෝසියස් දන්නවා නේද.. හමුවුනා නේද..’ කොමිසම අසයි…- ‘මට මතක නෑ.. මං දන්නෙ නෑ’ ඇමති රවී
August 2, 2017 at 2:10 pm | lanka C news
අද දිනයේ බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිටි ඇමති රවි කරුණායකගෙන් කොමිසම විසින් ප්රශ්ණ කරනු ලැබීය.
නීතිපති දෙපාර්තමේතුව විසින් කොමිසම හමුවට අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතනය සම්බන්ද වාර්තාවක් ඉදිරිපත් කර තිබූ අතර එහි තිබූ කෙටි පණිවුඩවල ඇමති කරැුණානායකගේ නම තිබීම ගැන දීර්ඝ ලෙස ප්රශ්න කෙරින.
ඒ ගැන තමන් කිසිත් නොදන්නා බව ඇමති රවී කරුණානායක පවසා ඇති ඇතත් ඇමතිවරයා හා අර්ජුන් ඇලෝසියස් එකම අවස්ථාවේදී සිංගප්පූරැුවේදී අවස්ථා 13ක රැඳී සිට ඇතැයිද හෙලිවිය.
ඒ සම්බන්ධයෙන් කල ප්රශ්න කිරීමට ඇමතිවරයා කියා ඇත්තේ තමනට ඒ ගැන කිසිත් මතක නැති බවයි.
කොමිසම ඇති ප්රදේශය අවට ඇමති රවි කරැණානායකගේ ආධාරකරැවන්ගෙන් පිරී ගොස් යම් උණුසුම්කාරී තත්වයක්ද මතුව ඇත.