ඇලෝසියස් මහ මන්දිරේදී ඉහල බලවතාට සියළු බැදුම්කර රහස් පාපොච්චාරණය කරයි.. මාධ්‍ය කැදවා සියළු රහස් රටටම කියන්න සූදානම්..

February 3, 2018 at 9:20 am | lanka C news
ඇලෝසියස් මහ මන්දිරේදී ඉහල බලවතාට සියළු බැදුම්කර රහස් පාපොච්චාරණය කරයි.. මාධ්‍ය  කැදවා සියළු රහස් රටටම කියන්න සූදානම්..

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් සෘජුව චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ආසන්නතම දිනකදී රටේ මහා මන්දිරයකදී ඉහලම බලවතෙක් මුණ ගැසී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

ඔහු විසින් ඉහල බලවතාට බැදුම්කරය ගැන විශාල රහස් තොගයක්ම පවසා ඇති බවද සදහන්ය.

වාර්තා වන ආකාරයට ඉතා ඉක්මනින්ම ඇලෝසියස් විසින් මාධ්‍ය හමුවක් කැදවා මෙම සියළු රහස් ප‍්‍රසිද්ද කිරීමට සූදානමින් සිටී.

තමන් බේරා ගැනීම සදහා කිසිවෙකුත් ඉදිරිපත් නොවීම ගැනත් සියල්ලන් එක්ව සිදුකල මගඩියට අවසානයේ තමන් බිලි දී ඔවුන් බේරෙන්නට උත්සාහ දරන බවටත් ඇලෝසියස් විසින් නිතර චෝදනා කරන්නේ යයිද වාර්තා වෙයි.

46 views

11 Comments to “ඇලෝසියස් මහ මන්දිරේදී ඉහල බලවතාට සියළු බැදුම්කර රහස් පාපොච්චාරණය කරයි.. මාධ්‍ය කැදවා සියළු රහස් රටටම කියන්න සූදානම්..”

  1. nimali says:

    ඔව් තමුන්ව යොදවාගෙන මහ හොරා මුදල් හොයා ගත්තා උගේ දේශපාලන උවමනාවලට. උඹටත් හොඳ වැඩේ ඔය කරියට උදව් දුන්නට.

  2. Neville de Alwis(attorney at law) says:

    සාමුහික ලෙස ඒකරාශිවී සැලසුම් සහගතව කටයුතු කර රජය සතු මහජන මුදල් අවබාවිත කොට අයථා ලෙස ලාභ ඉපැයීම පොදු දේපල පනත යටතේ මෙන්ම අපරාධ නිතිය යටතේ ද ඇප නොලැබෙන බරපතල ගනයේ වැරදි ලෙස සැලකිය හැක.

  3. Maha Banku Hora says:

    Chandiyeknam Feb. 10 ta issella helikaranalesa abiyoga karanawa.

  4. ඇලෝ....... says:

    අන්න හරි . එලිකරමු ඔක්කොම හොරු ටික රටටම දැනගන්න

  5. ගමරාල says:

    හිරේට ගියත් සත්‍ය රට ඉදිරියේ තබන්න.. මෙම වංචාව ඔබ සහ ඔබගේ මාමා පමණක් සැලසුම් කල එකක් නං ඔබලා දඬුවම් විඳිය යුතුය.. නමුත් මෙයට ඔබලා පමණක් නොව තවත් අයද සම්බන්ධ නම් ඔවුන් කවුරුන්දැයි රට ඉදිරියේ තැබීම ඔබලාගේ අද දිනේ වගකීම බව සලන්න…

  6. බන්ඩා says:

    බැඳුන්කර හොරකම (මංකොල්ලයට) මුලින්ම හෙලිකරලා දැන් අවුරුදු තුනකට වැඩිය්. හොර කල්ලිය කිසිම කරදරයක් නැතුව එලිපිටම ඉන්නවා. ඉස්සෙල්ලම සිරිසේන පාර්ලිමේන්තුව විසිරුවල රනිල්ගෙ සම්බන්දය වැහුවා/බේරුවා. යහපාලනය තියන තාක් කල් ඉස්සරහටත් එච්චර තමය්.

    • Asaranaya says:

      මගෙ නම් අදහස ජොනි බට්ටන්ගෙ පිහිටම තමයි, පතියා සහා මැටියාට

  7. දුදනන් බස් අසා නොයෙක් බරපතල අකුසල් says:

    පව් මිස පිනකැයි නොකරන හැම කල
    මුනිබණ නොපැවති නා පිටසක් වල
    නිසි ලෙස උපනත් ලැබ දන මන කල
    කිසි කලෙකත් කුසලක් නොකළැකි බල

  8. gamarala says:

    mahindananda, jonstan, kirella,mahinda namal marapana sujeewa, wimal mun rata kapu horu alosiusta wada horu

  9. Raawana says:

    Ithin oya tika ahaganna neda komisamata gennuwe?. Ara salliwalata kahina goda perakadoruwa neda saakshi wimasanna balayak nehe kiyala wede goda demme?

  10. duminda says:

    balalunn lawa koss ata baweema……………..

Main News