ඇලෝසියස් හමුවේ කොමිසම නැමේ.. සාක්ෂි විමසීමේ බලයක් නැතැයි කියයි..
September 13, 2017 at 12:03 pm | lanka C news
බැදුම්කර මංකොල්ලය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දෙන්නැයි බල කිරීමට හැකියාවක් නැති බව එම කොමිසම සදහන් කරයි.
අද දිනයේ කොමිසම කියා සිටියේ ස්ව කැමැත්තෙන් කොමිසම ඉදිරියේ සාක්ෂි දිය හැකි වුවත් සාක්කි ලබාදෙන්නැයි බලකිරීමේ හැකියාවක් කොමිසමට නැති බවයි.
බැඳුම්කර වංචාවට අදාල කාරනා 13ක් ගැන දන්නේදැයි අර්ජුන් ඇලෝසියස්ගෙන් සාක්ෂි විමසීමට බලාපොරොත්තු වන බවද කොමිසම කියා සිටියේය.