ඇවන්ගාඩ් නඩුවට විරුද්දව ගෝටා දැමූ පෙත්සම අභියාචනාධිකරණය පිලිගනී..

September 12, 2019 at 12:40 pm | lanka C news
ඇවන්ගාඩ් නඩුවට විරුද්දව ගෝටා දැමූ පෙත්සම අභියාචනාධිකරණය පිලිගනී..

ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් නඩු පවරා ඇති ආකාරය නීති විරෝධී බැවින් එම නඩුවෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීති විරෝධී යැයි පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගැනීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයේ ගොනු කර තිබෙන ප්‍රතිශෝධන ප්‍රථම තුළින් සඳහන් කර තිබුණේ ඇවන්ගාඩ් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි.

අල්ලස් කොමිසම එම නඩුව ගොනු කර තිබෙන ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට නඩුව ඉදිරියටත් විභාග කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණි.

– adaderana

51,354 Viewers

15 Comments to “ඇවන්ගාඩ් නඩුවට විරුද්දව ගෝටා දැමූ පෙත්සම අභියාචනාධිකරණය පිලිගනී..”

  1. Gamini says:

    මේකට අභියාචනා කර එහිදී වැරදිකරු කරන තෙක් නඩුව පවත්වාගෙන යන්න.

  2. parakum says:

    ohoma yan , PANNARAYA

  3. ඇවන්ගාඩ් ව්‍යාප්ෘතිය ලෝක නාවික ප්‍රජාවේ ඉහළ ඇගයීමට ලක්වූ, ලංකා ආර්ථිකයට විශාල ආදායම් මාර්ගයක් වූ, දුර දිග බලා සැළසුම් කළ ව්‍යාප්ෘතියකි. එය කඩාකප්පල් කර එහි නිර්මාත්ෘවරුන්ට අමූලික බොරු චෝදනා කර හිරිහැර කරනුයේ වර්තමාන මෝඩ රැළේ හුදු කුහකත්වයත් ඉරිසියාවත් නිසාම මිස අන් කිසි හේතුවක් නිසා නොවේ.

    එහෙත් මෙම බොරු චෝදනා සියල්ල පුස්සක් වී සත්‍යය ජය ගන්නවා සිකුරුයි. කුහක ඉරිසියාකාර ජාති භ්‍රෂ්ඨයන් භංග වී යන දිනය ද වැඩි ඈතක නොවේ.

    • Superman says:

      හොර අප්පලා හා උන්ගේ හොර පුත්තු…
      මොවුන් ගැන දැනගන්න කියවන්න How Ranil Squashed 2015 Currency Smuggling Allegations Against Gota’s Son

      • Me3 says:

        කියවන්න හොර පත්තරේ.
        සාක්ෂි නැතිවුනාට කමක් නෑ
        බොරු කියන්න ලැජ්ජ නැති අෑයො

    • Neil says:

      ඉතින් බන් ඔච්චර කෙකර ගාන්නෙ නැතිව නඩුව අහල නිවැරදිකරු උනා නම් ඉවරයි නෙ… මොකද ඔච්චර බය

      • Me3 says:

        ඒ ගොනා විකුණල
        හොර පැමිණිලි වලට ඉඩක් දෙන්නෙම නෑ

  4. Jayantha says:

    Me yodaya nadu walata hari bayayi wagene

  5. pisa says:

    awan … eken rajayata padu una kiyanna baha. rajaya sayhuwa thibuna wiyaparayak nowe. rate nothibuna wiyaparayak aluthi arabima nisa rajjayata padu wanne kohomada, onna ranila rajaya sathuwa thibuna waraya cinata wikunapu ekana rajayata kala paduwa. nadu danna one.

  6. Superman says:

    The following articles are for your attention…It is up to you to be human or not to be
    1.Prime Minister, You Protect Gotabaya Rajapaksa, Will My Father Ever Receive Justice: Ahimsa Writes To Ranil
    2.The Gota-Ranil Pact: Revealed :
    Prime Minister Ranil Wickremesinghe helped ex Defence Secretary Gotabaya Rajapaksa to obtain a new passport through the intervention of his Internal Affairs Minister Wajira Abeywardena
    3.Gota To Return After Dappula Assures He Will Be Dropped As First Accused In D.A. Rajapaksa Trial
    The decision to advance his return to Colombo by a few days came after Attorney General Dappula De Livera reportedly sent Rajapaksa a private assurance that the indictment filed against him in the D.A. Rajapaksa museum case would be amended.

  7. Gotaimbara says:

    I fully agree with Hela Gamaya. Avenguard was the world’s best maritime security agency. India wanted the work for themselves. Yahapalanaya and Anura Disanayake paid their dues to India by stopping Avengard.

  8. PULATHISI says:

    “ඇවන් ගාඩ්” ව්‍යාපෘතිය දීර්ඝකාලීන සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන ලද අපේ දේශයේ යහපත අරමුණු කරගත් විශේෂ ව්‍යාපෘතියකි.
    2 මෙය අප දන්නා පරිදි, ඉන්දීය සහ පැසිෆික් සාගර කලාපයන් ආශ්‍රිත ප්‍රදේශයන්හි සිදුවන විවිධාකාරයේ ත්‍රස්ත සංවිධාන පදනම් කරගත් “මුහුදු කොල්ලකරුවන්ට” එරෙහිව ක්‍රියා කරන මුහුදු ආරක්‍ෂණ හමුදාවකි.
    3. එසේම මෙය කලාපීය, මෙන්ම අන්තර් කලාපීය රටවල ඉල්ලීම මත ක්‍රියාත්මක කරන ලද්දකි. ඒ අනුව එම ආරක්‍ෂක සේවය සැපයීම අදාල රටවලින් සේවා ගාස්තුවක් ගෙවන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා රජයට ආදායමක් ලබා දී ඇත.
    4. ඉතා සැලසුම් සහගතව සහ ක්‍රමානුකූලව පසුගිය රජය මගින් ක්‍රියාත්මක කරන ලද මෙවැනි මහාපරිමාණ ව්‍යාපෘති අවබෝධකර ගැනීමේ නොහැකියාව සහ රාජපක්‍ෂ පාලනයේ ක්‍රියාකාරිත්වයට ඊර්‍ෂ්‍යාව මෙන්ම ද්වේශ කිරීම හේතුවෙන් වර්තමාන පාලකයන් සියල්ල විකෘති කරමින් පලිගැනීමේ පරම චේතනාවෙන් පසුගිය රජයේ සැමට එරෙහිව අභූත චෝදනා මත නඩු පැවරීම හා ඔවුන් සිරගත කිරීමට දරණ නීච ප්‍රයත්නයන් දැඩි සේ හෙලා දකිමු.

  9. Buruputha says:

    ,ඇව්න්ගාඩ් සමාගමට විරුද්දව නඩු පවරා ,ලංකාවේ ,රජයට ලැබෙන ආදායම නැතිකල මුසල රනිල් ඇතුලු රජයට සාප වේවා.ගෝටාබය මාහාතට ජයවේවා .

Main News