ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ නඩුව අවසන් කරයි.. චෝදනා නැති බව නීතිපති කියයි..

October 27, 2021 at 12:40 pm | lanka C news
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ නඩුව අවසන් කරයි.. චෝදනා නැති බව නීතිපති කියයි..

ගාල්ල වරායේ නැංගුරම්ලා තිබු එම්.වි. මහනුවර නෞකාවේ තිබි සොයා ගන්නා ලද පාවෙන අවි ගබඩාව සම්බන්ධ නඩු කටයුත්ත අවසන් කිරිමට ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය.

මහේස්ත‍්‍රාත්වරිය මෙම නඩු කටයුත්ත මෙසේ අවසන් කරනු ලැබුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක සුගත් කුමාර මහතා විසින් මෝසමක් මගින් කරණ ලද කරුණු දැක්විමෙන් පසුවය.

ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ මෙහි අපරාධ චෝදනාවක් ගොනු කිරිමට චෝදනා නොමැති බැවින් නඩුව අවසන් කිරිමට නිතිපතිවරයා විසින් උපදෙස් ලබාදි ඇති බවය.

සියලූ‍ කරුණු සලකා බැලූ‍ මහේස්ත‍්‍රාත්වරිය නඩු කටයුත්ත අවසන් කිරිමට තිරණය කොට ඡායා පිටපත් තබාගෙන මුල් ලේඛන මුදා හැරිමටද නියෝග කළාය. ගාල්ල වරායේ නැංගුරම්ලා තිබු එම්.වී. මහනුවර නැවේ ඇවන්ගාඞ් සමාගම විසින් කන්ටේනර් විසි දෙකක ගබඩා කර තිබු මෙම පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ගාලූ‍ දිසාබාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුන තොරතුරක් අනුව වරාය පොලිසිය විසින් එය 2015 ජනවාරි 18වනදින අත් අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලදි.

එහිදි කරන ලද විමර්ශන අනුව කන්ටේනර් 22ක තිබි ටී.56 ගිනි අවි,මැෂින් තුවක්කු, 84එස්.රයිෆල්,ඇතුලූ‍ ආයුධ 3000කට අධික ප‍්‍රමාණයක් සොයාගෙන තිබින. පසුව මේ සම්බන්ධ නඩුව ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේදි පළමු වරට කැඳවු අවස්ථාවේ නැව අයත් සමාගම වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අවසර ලබාගෙන මුහුදේ යාත‍්‍රා කරන නැව්වලට ආරක්ෂාව සැපයිම සඳහා ඇවන්ගාඞ් සමාගම විසින් මෙම අවි ගබඩාව පවත්වා ගෙන ගිය බවය.

– ADA

28,350 views

22 Comments to “ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ නඩුව අවසන් කරයි.. චෝදනා නැති බව නීතිපති කියයි..”

  1. Lol says:

    Kohomada mee vena winaasaya. Nadu kaarayo lawyers kiyanne Kamba horu. Mun danne podi minihek pol gediyak ahula gaththoth ehh minihawa pathuru gahanna witharai

  2. 69 MIN BAIYOO says:

    නිදොස් කොට නිදහස් නේ? Sir ගේ නීතිය . හොරාගේ අම්මගෙන් පේන අහන නිතිය.. මේතරම් අගව්රවයක් රටේ නීතියට කරපු වකවානුවක් ඉත්හසයේම නැහැ අන්තිම හිරිකිතයි… 🤭🤭🤭 ජඩන්ගේ පාලනය උඹලට වැඩි දුරක් නැහැ..

  3. මැදමුලනෙ මුත්තා says:

    උදේ ඉඳන් රෑ වෙනකමි ගෝල්ෆේස් ඉදිරිපිට පැරැණි මන්දරේ ලැගල ඉන්න ඇවන්ගාඩිකාරයට මෙිව මොන නඩුද? හැක්…….හැක්……හැක්……..

  4. මෝ says:

    හැමෝටම එකම නීතීයක්.විරුවාගේ පොරොන්දු .මූ ආවෙ ඔයටික කරල බත්බැලයන් බේරගන්න.

  5. Demuni Uduwara says:

    Who is going to re-imburse due state funds lost ?

  6. 3% ට බය බයියා. says:

    බොරු නඩු දාපු අදාල පුද්ගලයන්ට විරුද්ධ දඩුවම් කලයුතුය.

  7. One Law.. one Country.. System change..🤪🤪🤪🤣🤣🤣🤣
    Dan sapadaaa…. kiribath kamudaaa

  8. Dilini says:

    Me magula digatama karagena giyanam me wenakota ratata widesha winimaya sahenna labila.Ekek nagitinakota thawa ekek kakulen adala. Hamoma eka walaka bahagena hullanawa.

Main News