ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ නඩුව අවසන් කරයි.. චෝදනා නැති බව නීතිපති කියයි..

October 27, 2021 at 12:40 pm | lanka C news
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ නඩුව අවසන් කරයි.. චෝදනා නැති බව නීතිපති කියයි..

ගාල්ල වරායේ නැංගුරම්ලා තිබු එම්.වි. මහනුවර නෞකාවේ තිබි සොයා ගන්නා ලද පාවෙන අවි ගබඩාව සම්බන්ධ නඩු කටයුත්ත අවසන් කිරිමට ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය.

මහේස්ත‍්‍රාත්වරිය මෙම නඩු කටයුත්ත මෙසේ අවසන් කරනු ලැබුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක සුගත් කුමාර මහතා විසින් මෝසමක් මගින් කරණ ලද කරුණු දැක්විමෙන් පසුවය.

ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ මෙහි අපරාධ චෝදනාවක් ගොනු කිරිමට චෝදනා නොමැති බැවින් නඩුව අවසන් කිරිමට නිතිපතිවරයා විසින් උපදෙස් ලබාදි ඇති බවය.

සියලූ‍ කරුණු සලකා බැලූ‍ මහේස්ත‍්‍රාත්වරිය නඩු කටයුත්ත අවසන් කිරිමට තිරණය කොට ඡායා පිටපත් තබාගෙන මුල් ලේඛන මුදා හැරිමටද නියෝග කළාය. ගාල්ල වරායේ නැංගුරම්ලා තිබු එම්.වී. මහනුවර නැවේ ඇවන්ගාඞ් සමාගම විසින් කන්ටේනර් විසි දෙකක ගබඩා කර තිබු මෙම පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ගාලූ‍ දිසාබාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුන තොරතුරක් අනුව වරාය පොලිසිය විසින් එය 2015 ජනවාරි 18වනදින අත් අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලදි.

එහිදි කරන ලද විමර්ශන අනුව කන්ටේනර් 22ක තිබි ටී.56 ගිනි අවි,මැෂින් තුවක්කු, 84එස්.රයිෆල්,ඇතුලූ‍ ආයුධ 3000කට අධික ප‍්‍රමාණයක් සොයාගෙන තිබින. පසුව මේ සම්බන්ධ නඩුව ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේදි පළමු වරට කැඳවු අවස්ථාවේ නැව අයත් සමාගම වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අවසර ලබාගෙන මුහුදේ යාත‍්‍රා කරන නැව්වලට ආරක්ෂාව සැපයිම සඳහා ඇවන්ගාඞ් සමාගම විසින් මෙම අවි ගබඩාව පවත්වා ගෙන ගිය බවය.

– ADA

28,462 views

22 Comments to “ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ නඩුව අවසන් කරයි.. චෝදනා නැති බව නීතිපති කියයි..”

  1. Kalu Albot says:

    Okkoma Kana pita. Neethipathith Kanaita harawapu porak wageyi!! “Chaura Raajyaya”!!

  2. Jude perera says:

    Hurray api dinna dan kiribath kamu

  3. Jagath says:

    ඕවා ඉතින් අමුතු දේවල් නෙමෙයි නේ.අපි කලින්ම ඕක දන්නවා. 😄

    • Dilith says:

      ඇත්ත බොරැ නඩු පටලපුහාම වෙන්නේ ඔීක තමා

      • Athula says:

        ඔහෙලා වගේ මිනිස්සු ඉන්න රටකනේ අපිත් ජීවත් වෙන්නෙ… මෙතරම් නීතී විරෝදී දෙයක් සාදාරනය කරන්න ඔබ‍ට තියෙන දැනීම කුමක්ද ? මේ වංචාව දීර්ග කතාවක් නමුත් අදටත් ගමක මිනිහෙකුගේ බඳින තුවක්කුවක්‌ අහු උනොත් ඇපත් නැහැ… රටේ කිසිම කෙනෙකුට ස්වයංක්‍රීය අවි බාවිතා කරන්න අවසර නැහැ මේවා තමුන්ට මහජන ධනය මංකොල්ල කන්න හදාගත්ත දේවල්. මේ ඇවන්ට් ගාර්ඩ් එක තිබුණේ අපේ නාවික හමුදාව යටතේ මෙයින් වසරකට මහා බහන්ඩාගාරයට රුපියල් කොටි 1300 ක්‌ වැනි ඇති විශාල ධනයක් සොයා දුන්න ගෝටාභය එදා මේක අය්යාගේ ජනාධිපති බලය අරගෙන කොල්ල කෑවා මේ සමග නීතී විරෝදී ආයුද ජාවාරම කරගෙන ගිය 2015 ඔය අල්ලපු ආයුද නැවේ අහුවුනා සියළුම අවි නීතී විරෝදී ඒවා එදා ඕක පරීක්ෂණ කල නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරය වාර්තා කලේ ව්හුදිතයින්ට කරුණු 5 ක්‌ යටතේ අත්අඩංගුවට ගෙන අදිචෝදනා ඉදිරිපත් කල හැකි බව එහෙත් එදත් එදා අලුත් ඇන්දුවේ දුෂිත අගමැති ඇමතියෝ මේක යට ගැහුව්වා. ගාල්ලේ වජිර අබේවර්දන. රනිල්, මේවා හැංගුව අන්තිමට දැන් ආයුධ එකිනෙක ඇතිල්ලී අංක මැකිලා 😜 හිතා ගන්න පුළුවන්.. ඩේසි ආච්චිගේ මැනික්මල්ල වගේ තමයි.. හැබැයි මේවා නැවත ජනසතු කලයුතුයි මෙහි සැබෑ විත්තිකරු ජනාධිපති මේක ඔහුගේ නමුත් මංකොල්ලයක්‌..

        • මරා says:

          ඇයි ඨ්හාජුඩීන් 160km වේගෙන් ගිහින් වාහනේ හප්පගෙන අතපය කඩාගෙන ගිනිතියාගෙන මැරුන එක ….ඒකත් ලඟදිම ඉවරයි….

  4. Chanchala says:

    යහපත් සිතින් කළ දේටත් නඩුදාන
    අනුර, රනිල්, මෛත්‍රී බොරු යහපාලනය
    රටකට අමතකව නැත ඒ බව සහතිකය
    එහෙව් චෞරයින් යළි දෙස්පාලනයෙ රඟයි

  5. බිංකුණ්ඩා says:

    හරි… ඒකත් හරි. ඊළඟට…?

    • මරා says:

      ඊළඟට තාජුඩීන් නඩුව….. තාජුඩීන් 160km ගිහින් හප්පගෙන අතපය කඩාගෙන වාහනේ ගිනි තියාගෙන සියදිවි හානි කරගත්තා කියලා තීන්දුව දෙයි….චැප්ටර් ක්ලෝස්…

  6. Sena says:

    දේශපාලන බලපෑම මත සාක්ශි නොනොමැතිව පවරනු ලැබූ තවත් නඩුවක ඉරනම.නැව අත් අඩංගුවට ගත් මොහොතේ ම එවකට සිටි ආරක්ෂක ලේකම් එම ආයුධ නීත්‍යානුකූල බැව් ප්‍රකාශ කලා.එහි ප්‍රතිඵලය වූයේ වහාම ඔහුව ධූරයෙන් පහකිරීමයි.ඉතින් නඩුව ඉල්ලා අස්කර ගන්න වා මිසක් වෙන මොනවා කරන්න ද?

  7. Boo says:

    තවත් ජඩපාලන බොරැවක අවසානය. අපරාදෙ බදු ගෙවන්නන්ගෙ සල්ලි, මදෑ රත්තරං අස්සයින්ට රැවටිලා කිඹුල්ලු , බැංකු හොරැ ගෙනෙල්ලා කරගත්තු දේ. මේවායෙ වියදම් ඔය බොරැ චෝදනා දාපු උන්ගෙන් අයකර ගත යුතුයි.

  8. වජිර අබෙිවර්ධන says:

    කොහොමද අපේ වැඩ මල්ලි? දිල්රැක්ෂි ඩයස්ගෙ call එකත් රෙකෝඩිකරල දීපුගේම ඉස්තරමි නේද? රනිල් එක්ක නොහිට මෙිව කරන්න බෑ.

  9. Athula says:

    නිදොස් කොට නිදහස් නේ? Sir ගේ නීතිය . හොරාගේ අම්මගෙන් පේන අහන නිතිය.. මේතරම් අගව්රවයක් රටේ නීතියට කරපු වකවානුවක් ඉත්හසයේම නැහැ අන්තිම හිරිකිතයි… 🤭🤭🤭 ජඩන්ගේ පාලනය උඹලට වැඩි දුරක් නැහැ..

  10. ජෙප්පා says:

    මේක තමා හරි තීන්දුව. යහපාහර ගස්බල්ලන් පලිගන්නා අරමුණු ඇතුව බොරු නඩු පටලවන්න ගියේ දිගටම බලයේ ඉන්න හිතාගෙන. නමුත් ඒක පාරාවලල්ලක් වෙලා උන් ටික කම්බස් උනා. දැන් තියෙන්නේ පෙලපාලි යන නීච ගුරු බල්ලන් කීප දෙනාටත් බරපතළ දඬුවමක් දෙන එකයි. මේ අමන රැල ශිෂ්ඨ සම්පන්න ගුරුවරුන්ගේ ගෞරවයත් විනාශ කර ලමුන්ගේ අධ්‍යාපනය අඩාල කර දැම්මා. මුන්ට දකින දකින තැන් වලදී ගහන්ඩ ඕනෑ.

Main News