ඇසටසෙනිකා මදි… කොක්ටේල් කර එන්නත් විදින්න පරීක්‍ෂණ ඇරඹේ..

May 17, 2021 at 10:40 am | lanka C news
ඇසටසෙනිකා මදි… කොක්ටේල් කර එන්නත් විදින්න පරීක්‍ෂණ ඇරඹේ..

කොරෝනා එන්නත් කරණයේ දී පළමු මාත්‍රාව ලෙස එක් එක් වර්ගයකින් හා දෙවෙනි මාත්‍රාව තවත් වර්ගයකින් ලබාදීමේ හැකියාව ගැන වසංගත රෝග පිළිබඳ උපදේශන කමිටුව හා ඖෂධ නියාමන අධිකාරිය අධ්‍යනයක් අරඹා තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ එවන් කටයුත්තක් සුදුසු යැයි නිවැරදිව නිර්දේශ කරන තෙක් එසේ එන්නත් ලබා දීමක් සිදු නොකරන බවයි.

එන්නත් වෙනස් මාත්‍රාවන් දෙකක් ලබාදීමේ හැකියාවක් ඇත්දැයි ලෝකය පුරා මේ වනවිට පරීක්ෂණ ගණනාවක් සිදු කර ඇති බවත් එහි දත්ත පිරික්සමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

මෙරට ඇස්ටසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ලක්‍ෂ 6ක පමණ පිරිසකට දෙවැනි මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබා දීම සඳහා රජයේ අවධානය යොමුවී ඇත්තේ ඇස්ටසෙනිකා එන්නත් ලබා ගැනීමේ දුෂ්කරතාවය නිසාය.

37,157 views

6 Comments to “ඇසටසෙනිකා මදි… කොක්ටේල් කර එන්නත් විදින්න පරීක්‍ෂණ ඇරඹේ..”

  1. dev says:

    mama danan un innawa ennath 2k gatta

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    අනික් රටවල ඇස්ට්‍රසෙනිකා දෙවන මාත්‍රාව සති දහයක කාලසීමාවක විදිනව ඒකෙ හොදම ප්‍රතිපලේ ගන්න මෙහේ වැක්සින් එක කරන්නෙ පොලිටිකල් ප්‍රොපගැන්ඩා එකේ කොටසක් විදිහට නෙ.තමුන්ගෙ බැරි බැරියාව වහ ගන්න අන්තේවාසික ගොම සන්ගමේ ලව්ව කියෝනව දෙවැනි එකට මාස හතරක් උන්නත් අවුලක් නෑ කියල.දැන් උන් ලව්වම කියවයි එකක් හතර පහට සැන්ඩි කරල ගැහුවම කොරෝනා හැදෙන්නෙම නෑ කියල.විද්‍යාව වෙනුවට වැපිරුව මිත්‍යාව දැන් කෙලවුනාම විද්‍යාව දේශපාලනීකරණය කර ගන්නව.පුදුමෙ කියන්නෙ මේ හැම මගෝඩියටම හුරේ දාන වහල්ලු ටික.

    • සිමියොන් says:

      “නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ එවන් කටයුත්තක් සුදුසු යැයි නිවැරදිව නිර්දේශ කරන තෙක් එසේ එන්නත් ලබා දීමක් සිදු නොකරන බවයි”

      ඒ කියන්නෙ, තව මාස 2-3 කටවත් තීරනයක් නැහැ, එතකොට පලමු එක ගහලා මාස​ 5-6ක් ගිහිල්ලා??? නැගලම යනවා

  3. කැප්පෙටිපොළ says:

    කොක්ටේල් කර එන්නත විදිය හැකි වුවත් එය ලංකාවේ කවදාවත් සිදුනොවේ
    මිනිස් සිරුරේ ප්‍රතිශක්ති කරණය කියා දෙයක් නැ තියෙන්නෙ හේතුව ඇතුවුවිට ඇතිවිමත් හේතුව ඇති විට තිබිමත් හේතුව නැති වුන විට නැති විමත් හේතුව නැති විට නැති බවත්. අපි බටහිර ගැති ලංකාවේ මිනිහෙකුට තිරණයක් ගන්න දෙන්නෙ නැ මෙය කවදාවත් සිද්ධ වෙන්නෙ නැ මෙයට කමල් නෙවෙයි කිරිබත්ගොඩ මහ රහත් හිමි

  4. බේබද්දා says:

    කෝවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගත්තු අයත් නව ප්‍රභේද වැලැඳිලා සෙත්තපෝච්චි වෙලා තියෙනවා. ඒ නිසා මෙහෙම කරන එක හොඳ උනත් කොක්ටේල් එක විදීමෙන් පසුව දැවිල්ල ඇති කටගැස්මක් රසබලන්නත් ඉඩ සලසන්න..

  5. Fruit Salad Vaccine says:

    Pareekshana karanne minissuntama vidala wenna athi? Deviyangema pihitai!

Main News