‘ඇස්ටසෙනිකා එන්නත් හයලක්‍ෂයකට ජපානයෙන් යහපත් ප්‍රතිචාර’ පුවත ජපානය තහවුරු නොකරයි..

June 11, 2021 at 10:00 am | lanka C news
‘ඇස්ටසෙනිකා එන්නත් හයලක්‍ෂයකට ජපානයෙන් යහපත් ප්‍රතිචාර’ පුවත ජපානය තහවුරු  නොකරයි..

ඇස්ටසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකාව ජපානයෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි පළ වන වාර්තා තහවුරු කිරීමට කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කරයි.

ඩෙිලි මිරර් පුවත්පත විසින් කොළඹ සිටි ජපාන තානාපති කාර්යාලයෙන් කළ විමසීමකදී අදාළ ප්‍රකාශය තහවුරු කිරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළ බව වාර්තා කර තිබේ.

නමුත් ජපානය නිපදවන එන්නත් මාත්‍රා මිලියන 30ක පමණ ප්‍රමාණයක් වෙනත් රටවලට වෙන් කරන බවද තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා වාර්තා කරන ලද්දේ මේ රටට අවශ්‍යව ඇති ඇස්ටසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක ප්‍රමාණයක් ලබා දෙන්නැයි ජපානයෙන් කරන ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරට සිටින ජපාන තානාපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී මෙම යහපත් ප්‍රතිචාර ලද බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබිණි.

30,335 views

21 Comments to “‘ඇස්ටසෙනිකා එන්නත් හයලක්‍ෂයකට ජපානයෙන් යහපත් ප්‍රතිචාර’ පුවත ජපානය තහවුරු නොකරයි..”

  1. RNY says:

    Thanks ජපානය.

  2. ඩේලිමිලර් කොහොමත් මේ ආණ්ඩුවට විරුද්ධයි. මේක මුන්ගෙ තවත් පචයක් විතරයි. දැන් කීයක් නම් ඇල්ලුවද?

    මේ ඇමරිකා ඉන්දියා හෙන්චයියො. මානව හිමිකම් කියල එකක් අටවගෙන පොඩි රටවල් වල බෙදුම් ඇති කරනව. මෙයාල මාධ්‍ය නිදහස අවභාවිත කරමින් ආණ්ඩුවට විරුද්ධව බොරු ප්‍රචාරයන් කරනව. UNP JVP දෙමල ඊලාම් එකමුතුව.
    1. ජනාධිපති තුමාගෙ වෙබ් අඩවිය හැක් කලා කීව
    2. චීන එන්නතට විරුද්ධව බොරු ජන මතයක් හදල කොරෝනා පැතිරෙව්ව
    3. කැලෑ කපනව කියල බොරු ෆොටෝ දාල ප්‍රචාර ඇරිය.
    වහාම මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

  3. Banana says:

    “Horaata issella kesel kena wata panna wage”

  4. Felix says:

    Yes, we know that. These people are very famous to release any press saying the final decision favorable for them (as there are fools to accept the news) sooner the subject matter is initiated.

  5. කපයා says:

    හොක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්

  6. Citizens of Lankan says:

    You cannot read Mind set of Japanese. Japan is ally of USA UK and western hegemonies .
    Do know that 50,000 US Army personal in Okinawa Island? How can that Japs support for us?

Main News