‘ඇස්ටසෙනිකා එන්නත් හයලක්‍ෂයකට ජපානයෙන් යහපත් ප්‍රතිචාර’ පුවත ජපානය තහවුරු නොකරයි..

June 11, 2021 at 10:00 am | lanka C news
‘ඇස්ටසෙනිකා එන්නත් හයලක්‍ෂයකට ජපානයෙන් යහපත් ප්‍රතිචාර’ පුවත ජපානය තහවුරු  නොකරයි..

ඇස්ටසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකාව ජපානයෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි පළ වන වාර්තා තහවුරු කිරීමට කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කරයි.

ඩෙිලි මිරර් පුවත්පත විසින් කොළඹ සිටි ජපාන තානාපති කාර්යාලයෙන් කළ විමසීමකදී අදාළ ප්‍රකාශය තහවුරු කිරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළ බව වාර්තා කර තිබේ.

නමුත් ජපානය නිපදවන එන්නත් මාත්‍රා මිලියන 30ක පමණ ප්‍රමාණයක් වෙනත් රටවලට වෙන් කරන බවද තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා වාර්තා කරන ලද්දේ මේ රටට අවශ්‍යව ඇති ඇස්ටසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක ප්‍රමාණයක් ලබා දෙන්නැයි ජපානයෙන් කරන ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරට සිටින ජපාන තානාපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී මෙම යහපත් ප්‍රතිචාර ලද බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබිණි.

30,337 views

21 Comments to “‘ඇස්ටසෙනිකා එන්නත් හයලක්‍ෂයකට ජපානයෙන් යහපත් ප්‍රතිචාර’ පුවත ජපානය තහවුරු නොකරයි..”

  1. rew says:

    anadarege media gahuwoth pachayak ariyoth nayek..wili lajjai nandasena…uba mulu likenma kujitha wela inne…

  2. Susantha says:

    Me aanduwa therum ganda one wenath ratawala bayyo nathi bawa. Ape rata haalluwata path karanawa

  3. ධර්මපාල තුමා says:

    ධර්ම පර්යායක් නැතුව තර්කයෙන් දක්ෂකම් දක්වන අහිංසකයන් හය දෙනෙක් කියන්නම්
    1 ජොන්ස්ටන්
    2 විමල් විරවංශ
    3 පාඨලි
    4 ගම්මන්පිල
    5 රතන හිමි
    6 ඤාණසාර හිමි

  4. ශ්‍රියානි මල්ලිකා දොඩංගස්ලන්ද says:

    අනේ ස දවස ගානෙම මෙහම අරින්න එපා. ස ට චන්දෙ දීපු ගොන් වස්සෝ උනත් උන්ට ආත්ම ගරුත්වයක් කියල එකක් තියනවනේ. අපේ ගෙවල් ළඟ පුට්ටුවට ඉහලින්ම දීපු උන් දැන් ගෙදරින් එලියට බහින්නේත් නැහැ , අඩුම ගානේ කනට ඇහෙන්න කතා කරන්නෙත් නැහැ. උන් ඒ තරම් අජපල් රෙද්ද ත් ගැලාවිල.
    අනේ ස මිට පස්සේ ළඟ ළඟ නැතුව ඉඳල හිටලා විතරක් අරින්න ස, උන් පවුනේ ස, ප්ලස් ස.

  5. ශ්‍රියානි මල්ලිකා දොඩංගස්ලන්ද says:

    අනේ ස දවස ගානෙම මෙහම අරින්න එපා. ස ට චන්දෙ දීපු ගොන් වස්සෝ උනත් උන්ට ආත්ම ගරුත්වයක් කියල එකක් තියනවනේ. අපේ ගෙවල් ළඟ පුට්ටුවට ඉහලින්ම දීපු උන් දැන් ගෙදරින් එලියට බහින්නේත් නැහැ , අඩුම ගානේ කනට ඇහෙන්න කතා කරන්නෙත් නැහැ. උන් ඒ තරම් අජපල් රෙද්ද ත් ගැලාවිල.
    අනේ ස මිට පස්සේ ළඟ ළඟ නැතුව ඉඳල හිටලා විතරක් අරින්න ස, උන් පවුනේ ස, පිලිඉස් ස.

    • sutin says:

      ඉතාම හොඳ උත්සාහයක්. ලක්ෂ 69ක් ජනතාව එදා මෙන් අදත් අවබෝධයෙන් අවධානයෙන් සංයමයෙන් ක්‍රියාකරමින් සිටී. මේකත් නිකං පොරොන්දු වෙලත් සැමදා කඩකල පක්ෂ නායකකම වගේ. බැරිම තැන වෙන නමකින් ඉල්ලන්න තීරණේ කරා.. රාජාලිය, ඉබ්බා, හංසයා.. ඔක්කොම රිජෙක්ට් උනානෙ.. මේ ජපානෙ ප්‍රංශෙ වගේ. ඔහොම ගිහින් ටෙලිෆෝන් එක වගේ එකක් ඇස්ට්‍රසෙනෙකා 2වන එන්නතටත් එයි. ඉතින් ඉන්දියාවත් රනිල් වගේ මෙයා සත පහකට විස්වාස කරන්න බෑ. නියෝජ්‍ය නායකකම දුන්නට නායකකම දෙන්නෙ නෑ. 1වෙනි එන්නත දුන්නට දෙවෙනි එක දෙන්නෙ නෑ.. ඇම්බියුලන්ස් දුන්නට ඒකෙ කන්ටොල් සිස්ටම් එක දෙන්නෙ නෑ. පව් උඹලා..

      • ඉස්සෙල්ල තමන්ගේ අමුඩේ හෝදගනින් says:

        රනිල් හිටන් මේක නනන්තාර කරපු නිසා උන්ට දුන්නා වැඩේ 2019. එකයි ස ව ඉම්පෝට් කරේ. අඩුම ගානේ හර්ෂ එහෙම හරි අම්බුලන්ස් ගෙනාපු නිසා තමයි පහුගිය අවුරුදු කීපයේ මිනිස්සු ලක්ෂ ගානක් ඉස්පිරිතාල වලට ගියේ. නැතුව කන්න බොන්න ඉන්ජෙක්ෂන් ගන්න වත් සල්ලි නැති වෙලාවක ප්‍රාඩෝ වී 8 ජීප් 225 ක් ගෙන්න හොරෙන් එල් සී ඕපන් කරපු තොපේ පුට්ටු ආණ්ඩුව වගේ නෙමේ.

        • Truth says:

          Well said

        • sutin says:

          අමුඩේ ගහන්නෙ නිරුවත වහගෙන ගොවිතැන් කරන්න නෙ බොල. මේ ටොයියන්ට සිංහලත් බෑ.. කලු සුද්දොනෙ. ඇම්බියුලන්ස් නරකයි කිව්වෙ නෑනේ.. ඇයි ඔයා පොට පටලවාගෙන ටොයි-3% ලක්ෂණ පෙන්නුම්කරන්නේ. ඇම්බියුලන්ස් පාලන මෘදුකාංග පද්ධතිය ගැනයි කිව්වේ. හර්ෂගෙන් ඕක ඇහුවත් ඔයා වගේ ආයෙ ඇම්බියුලන්ස් ගැන විතරක් කතාකරනවා. කෙනෙක් සාර්ථක තර්කයක් උදාහරණ එක්ක ගෙනාවම ඒකට උත්තර දෙන්න පුරුදුවෙයන්.. මාතෘකාව “පොල් ගහ”. ඇයි උඹ ‘ගොනා” ගැනම ලියන්නේ. උඹේ අමුඩේ කවුරු හරි මොනා හරි ගෑවද?

  6. Sanka says:

    මුන් ටික පච වෙනවා කියන එකේ ඉවරයක් නෑ.

    ලංකාවේ උන්ටත් බොරැ කියනවා….අනිත් රටවල් ගැනත්.බොරැ කියනවා….

    ඊට පස්සේ කියනවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ ලු…

    පුදුම කරැමයක් තමයි…

  7. A Sri Lankan says:

    Forget our political differences. This type of repeated lies by the PHD is not good for the Office of the HE.

  8. Kalpa says:

    සිරි ලන්කාවෙ අතුලේ විතරක් හෙලුවත් හිටියාට ලොකේ ඉස්සරහට ගිහින් හෙලුවත් ඉන්න එපා…

  9. Gamaraala says:

    I think Rohan Walivita did a much better job

  10. Lucky wijemannage says:

    අද ජපානය. ලංකාවට හැකි ඉක්මනට එවන බව නිව්ස් වලට කිවිවා.

Main News