‘ඇස්ටසෙනිකා’ සෞඛ්‍ය අමාත්‍යංශයේ තොග අවසන්.. GMOA තොග සගවාගෙන… ඊයේත් පවුල්වල අයට එන්නත් කරලා…

June 7, 2021 at 4:40 pm | lanka C news
‘ඇස්ටසෙනිකා’ සෞඛ්‍ය අමාත්‍යංශයේ තොග අවසන්.. GMOA තොග සගවාගෙන… ඊයේත් පවුල්වල අයට එන්නත් කරලා…

පළමු මාත‍්‍රාව ලබා ගත් ලක්‍ෂ 5 ඉක්වමූ පරිසකට සපයා ගැනීම අර්බුධයක් වී තිබෙන ‘ඇස්ටසෙනිකා’ එන්නත් ඊයේ දිනයේ ගාල්ල ප්‍රදේශයේ ස්ථානයක එන්නත්කරණය සිදුකර ඇතැයි වාර්තා වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

කොළඹ සිට ගිය ව්‍යාපාරික පවුල් වල කිහිප දෙනෙක් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල සාමාජිකයන්ට මෙසේ එන්නත්කරණය සිදුකර ඇතැයිද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

ඇස්ටසෙනිකා එන්නත් තොග අවසන් යයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් දැනුම් දී තිබියදී රජයේ වෛද්‍ය නිලධාරීන් සතුව එම තොග රටපුරා සඟවාගෙන සිටින බවට ද ඔහු චෝදනා කළේය.

මෙය රජයේ මුදල් අවභාවිතාවක් බවත් ඒ ගැන වහා පරීක්‍ෂණ ඇරඹිය යුතු බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

35,562 views

23 Comments to “‘ඇස්ටසෙනිකා’ සෞඛ්‍ය අමාත්‍යංශයේ තොග අවසන්.. GMOA තොග සගවාගෙන… ඊයේත් පවුල්වල අයට එන්නත් කරලා…”

  1. ALkanu4 says:

    Doca la free education nisa kalla mare dagena pissu kelinawa. Man nam mage lamayinta dostharala wenna denne ne

  2. Piyarathne Gamage says:

    සමන්ලාල් හිරේ ගියෙත් මේ දොස්තරලා හොරෙන් රිංගවන තමන්ගෙ එවුන් ගැන ප්‍රශ්න කරල වෙන්න බැරිද ..

  3. බයියා says:

    වයස 20-30 අතර සියල්ලන් ද එන්නත් ලබාදීම හෝ එන්නත මුදලට හෝ ලබා ගැනීමට ඉඩ කඩ ලබා දෙන්නේ නම් වටිනා තීරණයකි

Main News