ඇස්ට්‍රාසෙනිකා හිසරදය නිමා වෙයි.. එන්නත් මහ තොගයක් එයි…

July 28, 2021 at 6:36 pm | lanka C news
ඇස්ට්‍රාසෙනිකා හිසරදය නිමා වෙයි.. එන්නත් මහ තොගයක් එයි…

ඇස්ට්‍රා සෙනිකා පළමු මාත්‍රාව ලෙස ලබා ගෙන දෙවන මාත්‍රාව ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වූ 540,000 ජනතාවගේ බලාපොරොත්තු සඵල කරමින් ජපානය මගින් කොවැක්ස් (COVAX) වැඩසටහන ඔස්සේ ලබා දෙන ඇස්ට්‍රා සෙනිකා මාත්‍රා 728,460 ලබන සෙනසුරාදා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

ජපානය ලබා දෙන මුළු මාත්‍රා ප්‍රමාණය 1,470,000 වුව ද ගුවන්යානා වෙන්කර ගැනීමේ අපහසුව හේතුවෙන් ඉන් අඩක් ලබන සෙනසුරාදා දිනයේත් ඉතිරිය තවත් දින කිහිපයකිනුත් ලඟා වනු ඇත.

මේ වන විට 540,000 පමණ ජනතාවක් දෙවන මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින අතර ඉන් 526,000 ක්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ පදිංචිකරුවන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

එන්නත ලැබී දින කිහිපයක් ඇතුලත දෙවන මාත්‍රාව ලබා දීම අවසන් කරන බව පැවසු අමාත්‍ය ජයසුමන ඉතිරි මාත්‍රා ප්‍රමාණය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩ සටහනට යොදවීමට බලාපොරොත්තු වන බව පැවසීය.

38,213 views

15 Comments to “ඇස්ට්‍රාසෙනිකා හිසරදය නිමා වෙයි.. එන්නත් මහ තොගයක් එයි…”

  1. වයි දිස් කොලවෙරි says:

    යුරෝපය, ජපානය නිකම් දෙනවා. අපේ භාන්ඩ මිලදී අරන් අපව ශක්තිමත් කරණවා. හැබැයි මානව හිමිකම් කැඩුවොත් කෝටු පාර දෙනවා. හරියට තාත්තා වගේ.

    චීනෙ ගිනි පොලියට දෙනවා. අපේ භාන්ඩ ගන්නෙත් නෑ. මොන වැරැද්ද කලත් අවුලක් නෑ. හරියට නිකම් පොලී මුදලාලි වගේ.

    • Ajith says:

      Very good comment.

    • Thilak says:

      මොන වැරැද්ද කළත් අවුලක් නෑ මොකද චීන්නුත් ඒ වගේම වැරදි එහේ කරනවනෙ😀😀

    • චීනෙ තමා ලෝකෙටම ණය දෙන පොලී කාරය. කයිවාරු ගැහුවට ඇමරිකන් කාරයොත් ඌට ණයයි. හැබැයි අපිට වැඩිම වැක්සීන තොගයක් නිකං දුන්නෙත් චීනෙ. මිලියන 2.6 ක්. ඒ ආදරේට නෙවෙයි ණය කාරය මලොත් පොලී කාරය අනාතයිනෙ සහෝ

    • dev says:

      china tamai ape hondama yaluwa
      nikan dunna 27 laks
      dan lajjawata batahira denawa
      kalakanni un

    • Noel says:

      @වයි දිස් කොලවෙරි,

      යුරෝපා රටවල් අවුරුදු 500 ක් තිස්සේ ශ්‍රී ලංකාවේ ධනය සූරාගෙන ඔවුන්ගෙ රටවල්වලට ගෙනිච්චා, වහල් වැඩට ගෙනා ආපූ දෙමලුන් සහ මුස්ලිමුන් ලංකාවෙම අත ඇරලා ගියා. දැන් ඒ අතහැරලා ගිය වහල්ලු සිංහලයාගේ රටේ කෑලි කඩාගන්න හදනවා, ත්‍රස්තවාදීන්වී සිංහලයන්ව මැරුවා (උදා: සහරාන් සහ ප්‍රභාකරන්). ජපානය දෙවන ලෝක යුද්දයෙදී ලංකාවට බෝම්බ දැම්මා, එහෙම කරලත් ලංකාව දෙවන ලෝකයුද්දයෙන් පසු ජාපානය වෙනුවෙන් පෙනීසිටියා. නැත්නම් බටහිර රටවල් හැදුවේ ජපානයට ලොකු බිලක් දෙන්නයි යුද්දයෙදී ඔවුන් කරපු මහා විනාශයට. එපමනක් නොව ලංකාව වසරකදී මෝටර් රථ සහ විදුලි භාණ්ඩ වෙනුවෙන් ඩොලර් මිලියන ගණන් යවනවා. මානව හිමිකම් වැඩියෙන්ම කඩන්නේ බටහිර රටවල්, හැබැයි අනුන්ගේ තුන්වන ලෝකේ රටවල්වල. නමුත් ඔවුන් මේ වසන්ගතය වෙලාවේ අත්‍යාවශම එන්නත් ලංකාවට එවීම ගැන කෘතගුණ වෙමු.

      • Ahmed says:

        Suddata awurudu 1000 kata kalin muslim awe. Ithihasaya hariyata iganaganna

        • Weerasinghe says:

          දැන් ලාංකීය මුස්ලිම් කියාගන්න අය 1850 විතර සිට ලංකාවට දකුණු ඉන්දියාවෙන් සංක්‍රමනය වෙමින් සිටින අයයි. ඔවුන් කුල පීඩනයෙන් මිදෙන්න ඉස්ලාම් වැලදගත් උදවියයි. මුස්ලිමුන් අවුරුදු 1000 සිට ලංකාවේ සිටිනවා කීම ලොකු බොරුවක්.

  2. Sumudu says:

    කොමද වැඩ? නියමයි සර්

  3. Jude perera says:

    Cheenu kohomath wasangathayak thamai

  4. aniwa says:

    aniwa sir !
    this is great, we are the first to do again !
    jaya wewa sir !

  5. Felix says:

    Let’s hope for the best, hope to recive a confirmation from Japan Embassy or any official.

  6. MD says:

    මේවා ඇහෙනකොට 69 ට සතුටුයි.ප්ලැකනිල් නන්නත්තාර වෙලා.යන්න තැන් නැතුව හරීන් ඵක්ක CID ඵකට ගිහින්.බොරුවට ආයුෂ අඩුයි.ගෝඨාභය දැන් තමයි වැඩ පටන්ගත්තේ.ඵයාට රිද්දන්න ගොඩක් අමාරුයි හොඳේ.

  7. Ada Nowei Heta says:

    “Baalagiri dhoshaya iwarai wagey?”

Main News