ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් නිසා වඳ වෙනවාද..
March 9, 2021 at 3:25 am | lanka C news
කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාගත් මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය.
මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පෙන්වා දෙන්නේ එන්නත ලබා ගැනීමෙන් පසු වඳ භාවය ඇතිවෙන බවට අසත්‍ය මතයක් සමාජ ජාල මාධ්‍ය හරහා සමාජගත කර ඇති බවය.
“මේ එන්නත්වලට ලංකාවේ ජනතාවගේ ප්‍රතික්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් අපි පරීක්ෂණ කරගෙන යනවා. ඒ කියන්නේ ප්‍රතිදේහ කොහොමද හැදෙන්නේ කියලා. සෞඛ්‍ය සේවකයින් 2,000කගේ විතර රුධිරය අරගෙන ඒ ගැන පරීක්ෂණ කරගෙන යනවා. ඔවුන්ට එන්නත ලබාදීලා දැන් මාසයක් ගිහින් තියෙන්නේ. දැනට හොඳ ප්‍රතිඵල තියෙනවා කියලා තමයි අපිට කියන්න පුළුවන්. නමුත් එන්නත්කරණය ගැන සමාජ ජාල මාධ්‍යවල ඉතාමත්ම වැරදි මත පැතිරෙනවා. එකක් තමයි වඳ භාවය ඇති වෙනවා කියලා. ඒ වගේ කතාවක් කොහෙන් ආවද කියලා හිතාගන්නත් බෑ. ඒකෙ කිසිම සත්‍යතාවයක් නෑ,” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත 07 දිනයේදී මෙරට පුද්ගලයින් 5,284 දෙනෙකුට එන්නත් කර තිබුණි.
කොවැස්ක් පහසුකම යටතේ ඊයේ මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් 264,000 අද සිට කොවිඩ් ව්‍යාප්තියේ වැඩි අවදානමක් පවතින ප්‍රදේශවල වෙසෙන වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි ජනතාව වෙත ලබාදීම සිදු කෙරේ.
ඒ අනුව අද නාරාහේන්පිට කිරුල පාර, බටහිර බෙහෙත් ශාලාවේදීත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හා ආබාධිත පුද්ගලයින්ට එන්නත්කරණය සිදුකෙරුණි.
ඒ අනුව මේ වනවිට එන්නත ලබාදී ඇති මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 729,562 කි.
– adaderana
‘මිහිපිට ඇති බහුඡාතික සමාගම් සතු ඵකම සඡීවී
‘පරීකෂණාගරය’ ..!
නොහොත් ..
වඳුරන්ගේ පාලනයට නතුවනලද අවාසනාවන්ත දිවයින.!
‘වදවිමට’ නියමිත ‘මියන්’ ‘වඳුරන්’ ‘චිම්පන්සියන්’ සිටින ලොකය් ඵකම සඡවී බම්කඩ..!
Oluwa wadunada umbe kohewath? Ikmanatama pala pissan kotuwata.
වඳ වෙනවා කියල අවිශ්වාසයක් තියෙනවානම් මේ එන්නත අවුරුදු 50 අඩු පුද්ගලයින්ට දෙන්න එපා.
ඇයි 50 ට වැඩි අයට… කෙලින් වෙන්නේ නැහැ කියල හිතුවද.
ඔල්ඩර් ද බුල් හාර්ඩර් ද හොර්න් කියන එක දන්නේ නැතුව ඇති මගේ හිතේ.
ඉන්දියාව පැනලා නොමිළේම එන්නත ලක්ෂ තුනක් ලංකාවට දුන්නේ ඇයි කියලා දැන් තේරෙනවා ඇති. ඇස්ට්‍රා සෙනිකා එන්නත ලෝක සෞඛ්‍ය සංවිධාන ය සම්පූර්ණ අනුමැතිය දීලා නැහැ. දැනට තියන එකම විශ්වාස වන්ත එන්නත ෆයිසර් බයෝටෙක් විතරයි. ඒකට ඉල්ලුම ඉතා ඉහළයි. ගබඩා කරන්න ඉතා පහළ උෂ්ණත්වයක් ඕන. ඒක නිසා එක අපිට ලැබෙන එකක් නැහැ.
අපේ රටේ දේශපාලුවන්ට ඕන පිස්සු බලු එන්නත විදලා හරි වැඩේ ගොඩ යනවනං එච්චරයි.
Wada wenawada danne naha. Habai naginne nathi gathiyak nam aththatama thiyenawa. Mamath baye inne.