ඇස්බැස්ටත් තහනම ඉවත් කලොත් ජනපතිට විරුද්ද ජන බලයක් හදනවා..- රතන හිමි
December 21, 2017 at 2:16 pm | lanka C news
කලින් සැලසුම් කර තිබූ පරිදි ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක නොකරන්නේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා යහපාලන රජයට විරුද්දව ජනබලයක් ගොඩ නගන්නේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.
ශ්‍රී ලංකාව තුල ඇස්බැස්ටස් තහනම් කල යුතු යයි විහාල හඬක් තමන් වහන්සේද නැගූ බව උන් වහන්සේ සදහන් කරති.
2018 ජනවාරි මාසයේ සිට මෙරට තුල ඇස්බැස්ටස් තහනම් කරන බවට ජනාධිපතිවරයා කලින් කියා තිබුනද ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ එම තීරණය ක්‍රියාත්මක නොකිරීමටයි.
රුසියාව විසින් ශ්‍රි ලංකා තේ තහනමක් පනවන ලද්දේ ඇස්බැස්ටස් තහනම නිසා බව ඇමති නවීන් දිසානායක මහතා සදහන් කලේය.
Hamuduruvane, Obata Sathutuida Den?
රතන හිමි කල දේවල් වලට කම්පා වෙනව ඇති. ඉතින් අර ” සරන” වගේ අසරන වෙන්නෙ නැතිව දන්මම ප්‍රතිපත්තියක් හදා ගෙන ආපසු හැරෙන්න අන්සක 180 කට .
තමුන් වහන්සේට අපි කියාදෙන්නේ හොද සිංහලෙන්..සිවුර ගලෝලා පුලුවන් නං දේශාපාලනේට එන්ඩකෝ..නිකං පොර වහන්සේ වෙන්නැතුව…ස්වාමින් වහන්සේ නමක් වෙලත් මේ වගේ තුප්පහි වැඩ කරන්ඩ එපා…නොදන්න මගුල් කථා කරන් නැතුව ඉන්ඩ..
එතකොට ලංකාවේ තේ කර්මාන්තයෙන් ජීවත් වෙන මිනිස්සු ජීවත් වෙන්නේ උඔ වහන්සේගේ සිවුරැ විකුණළද???? නිකං කුණුහරප කථා කරන්ඩ එපා එන් ජී ඕ රතන..
‘The’ Waththakatath Wadinne.
ජන බලය හදන්ඩ එයි කොක්කු
wasa visa nathi govithanak kiwwa neda? dan ethakota oya pita ratin genwana sahal walatath wasa visa nadda? evata mona mona rasaayanika pohora, krumi naashaka, palibodha naashaka gahanawada kiyala me wahanse dannawada?
ඇස්බැස්ටෝස් විෂවීම බොහෝ දෙනා සිතන පරිදි ක්ෂණිකව සිදු වන්නක් නොවෙයි. ඕනෑම රසායන ද්‍රව්‍යයක්, හෝ විෂක් ශරීර ගතවීම දෙආකාරයකින් සිදු වනවා. ඉතා කුඩා ප්‍රමාණයක් දීර්ඝ කාළයක් තිස්සේ ශරීර ගතවීම නිදන්ගත (Chronic) තත්ත්වයක් ලෙසින් හඳුන්වන්නට පුළුවනි. මෙවිට ශරීරයේ රෝග ලක්ෂණ පෙන්වීමට සමහරවිට අවුරුදු 10 ක් හෝ 20කටත් වැඩි ගණනක් ගත වන්නට පුළුවනි. මෙයට හොඳම උදාහරණය වන්නේ රජරට වකුගඩු රෝගයයි. ආසනික්, කැඩ්මියම්, ග්ලයිෆොසේට් හෝ වෙනත් කිසියම් හෝ කරුණක් නිසා ශරීරයේ එකතු වන ද්‍රව්‍යයක බලපෑමෙන් දීර්ඝ කාලීනව සිදුවන බලපෑමක් නිසා වකුගඩු රෝගී තත්ත්වය ඇති වීමයි. අනෙක් ක්‍රමය වන්නේ ඉතා ඉහළ සාන්ද්‍රණයකින් යුතු රසායන ද්‍රව්‍යයක් ඉතා කෙටි කාළයක් තුළ ශරීරගත වීම නිසා සිදුවන ක්ෂණික මරණය හෝ අනතුරුදායක තත්ත්වයක් (Acute). මේ ක්‍රම දෙක අතරින් ඇස්බැස්ටෝස් විෂවීම සිදු වන්නේ දීර්ඝකාලීනවයි. එය සමහරවිට අවුරුදු 10 ක් හෝ 40 ක් වන්නට පුළුවනි. මෙම තත්ත්වය ඇස්බැස්ටෝසිස් (Asbestosis) යනුවෙන් හඳුන්වනවා. මෙහිදී සිදු වන්නේ ඇස්බැස්ටෝස් කෙඳි දීර්ඝකාලීන ආශ්වාසය නිසා පෙනහළුවල පටකවලට සිදුවන හානියයි. මෙසේ හානි වන පටක පසුකාලීනව පිළිකා තත්ත්වයන් දක්වා දුරදිග යා හැකියි.
ඇස්බැස්ටෝස් නිශ්පාදනය කරන්නේ ස්භාවික ඛණිජ වර්ග වලින් මෙහි වැඩිපුරම ඇත්තේ සිලිකන් අඩංගු ෆයිබර් හා සංයොගයන්. කල්පැවැත්ම, තාපයට ගින්නට ඔරොත්තු දීම, විදුලිය ගමන් නොකිරීම වැනි හේතු නිසා විශාල වශයෙන් මේවා භාවිතා කිරීම ලොව පුරා ප්‍රචලිත වුණා.
එහෙත් පසුව සොයා ගැනුණේ ඇස්බැස්ටෝස් වල ඇති සමහර රසායනික සංඝටක මිනිසාගේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් හානිදායක වන බවයි. මේ හේතුවෙන් එංගලන්තය, ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, ඩෙන්මාර්කය, පෘතුගාලය, ස්වීඩනය, ස්පාඤ්ඤය, දකුණු අප්‍රිකාව ඇතුලු රටවල් ගණානවක්ම මේ වන විටත් ඇස්බැස්ටොස් නිශ්පාදනය භාවිතය තහනම් කර තිබෙනවා.
ඇස්බැස්ටොස් වලට යොදාගන්නා අමුද්‍රව්‍ය වල ඇති ෆයිබර් හේතුවෙන් පෙනහළු ආශ්රිත රෝග ඇතිවන බවයි පැවසෙන්නේ. විශේෂයෙන් පෙනහළු පිළිකා වර්ධනය වීමට මෙහි සංඝටක ප්‍රධාන හේතුවක් බවට මේ වන විටත් සොයාගෙන තිබෙනවා.
හැබැයි ඇස්බැස්ටස් කුඩු පරිසරයට එකතුවන ප්‍රධාන මාර්ගය සෙවිලි තහඩු නෙමෙයි, එය වාහන වල තිරිංග පලු හා ක්ලච් පතුරු මගිනුයි වෙන්නෙ. ලංකාවෙ දුවන වාහන වලින් 75% කම තියෙන්නෙ ඇස්බැස්ටස් අඩංගු ඉහත උපාංගයි. ධාවනයේදී ඒවා නිතරම ගෙවෙමින් කුඩු පරිසරයට මුදාහරිනව.
ඔයා මතක බණ නොකිය හිටියා නම්. ලංකාවට කෙලෙව්වේ මේ සාදුගේ පිනත් එක්ක.අරහන්.