ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට කුරුමිනියෙකුට හැකි නම් අපේ රටට පාලකයන් කුමකටද..

December 20, 2017 at 1:20 pm | lanka C news
ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට  කුරුමිනියෙකුට හැකි නම් අපේ රටට පාලකයන් කුමකටද..

‘ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට කුරුමිනියෙකුට හැකිවීනම් අපේ රටට පාලකයන් කුමකටද’යි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ප‍්‍රශ්න කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට  කුරුමිනියෙකුට හැකිවීනම් අපේ රටට පාලකයන් කුමකටද?

2018 වසරේ සිට ඇස්බැස්ටෝස් තහනම් කරන බවට රජය 2016 වසරේ  සිට ප්‍රකාශ කරන ලදී. එහෙත් 2017 දෙසැම්බර් 19 දින රජය පැවසුවේ ඇස්බැස්ටෝස් 2018 සිට තහනම් නොකරන බවයි.

ඇස්බැස්ටෝස් තහනම් කිරීමට හේතු වූයේ ඇස්බැස්ටෝස් මගින් පිලිකා ඇති කරන බව රජයේ මතය වූ බැවිනි.

අප අසනුයේ දැන් ඇස්බැස්ටෝස් මගින් පිලිකා ඇතිවෙන්නේ නැද්ද යන්නය.

රුසියාව විසින් අප රටේ තේ සදහා තහනමක් පැනවූයේ මෙම ඇස්බැස්ටෝස් තහනම නිසා බව බොහෝ අයගේ මතය වී ඇත.

එය එසේනම් පොලිතින් තහනමටත් මෙසේම විය හැක. අප තවමත් අධිරාජ්‍ය ගැත්තන් වී ඇත.

ජනතාවට පිළිකා  සැදුනත් කමක් නැත. රුසියාව හොදින් තබා ගතයුතුය. අපේ පාලකයන් සිතන්නේ එසේය අහෝ! රටකට ගිය කල අපට කීමට ඇත්තේ එපමණකි.

රංජිත් විතානගේ
සභාපති

156 views

8 Comments to “ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට කුරුමිනියෙකුට හැකි නම් අපේ රටට පාලකයන් කුමකටද..”

  1. Maduwaligaya says:

    අනේ මුන්ට තවමත් හරියනවා ලු. පොලිතින් තහනමටත් මෙසේම විය හැක ………………

    කුරුමිනි….කුරුමිනි.

  2. Pina says:

    හලෝ , අපේ ලොක්කට එක එක සත්තුන්ගෙ නම් දාල සවුත්තුව දාන්න එපා හරිද. කැතයි වැඩේ …ඔයාල අප්පච්චි ඉන්න කාලෙ ඔහොම කලාද ….

  3. lion says:

    සිංහලේට ඕනේ පුටින් ට්‍රම්ප් වගේ නායකයෙක් පබයෙක් නොවේ

  4. "බින්දුමතී" says:

    වේයාට පුලුවන් මහරුක වනසන්න
    දිලීරයට පුලුවනි ඔබකාපු බඩයන්න
    පක්‍ෂ මාරුවට පුලුවනි චන්ද රවටන්න
    කතිරයට පුලුවනි මන්ත්‍රී ගෙදර යවන්න!!!

  5. Gorilla says:

    Gon pol buruwo russiawa ape the nogathoth thoge kate pas thama. Ehenam tho deepiya usd million ganak ratata

  6. Lanka says:

    ඇමෙරිකාවට වගේම රුසියාවටත් ලංකාව නටවන්න පුලුවන් කියල කලු සුද්දො හිතුවෙ හිතුවෙ නෑ….

  7. sds says:

    ඔච්චර නොන්ජල් වෙන්න, මේ රටේ දේශපාලනයට අලුත් දෙයක් නෙවේ !!!?, දැන් ජනතාවට කියන්නේ ඇස්බැස්ටෝස් විස බව දරාගන්න , මේක සාපරාධි අපරාධයක් නෙවේද ?

  8. Ranjith Silva says:

    කොන්ද පන නැත්ද අනේ?

Main News