ඇෆලටොක්සීන් පිළිකාකාරක අඩංගු පොල්තෙල් වෙලදපලේ… තත්වය අනතුරුදායකයි, භයානකයි…
April 3, 2021 at 4:40 pm | lanka C news
අද වන විට වෙළෙඳ පොළේ ඇති පොල්තෙල් පරිභෝජනය සඳහා ඉතා භයානක හා අනතුරුදායක බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මේ බව සඳහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වෙයි.
2021 මාර්තු මස 25 සහ 26 යන දිනවල ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පාරිභෝගික සේවා අධිකාරිය විසින් විවෘත වෙළෙඳපොළෙන් ලබාගන්නා ලද පොල්තෙල් සාම්පල් 55 ක් පොල් සංවර්ධන අධිකාරිය වෙත භාරදුන් අතර එම සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි ප්‍රථිපල අප්‍රේල් මස පළමු වැනි දින පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලබාදී ඇත.
එසේ පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලැබී ඇති සාම්පල් පරීක්ෂාව milligrams per kilo (10 PPB) එනම් අංශු බිලියනයකට ඇෆලටොක්සීන් කොටස් ගණනය කිරීමේ ක්‍රමය මගින් සිදුකර ඇත.
ඉහත කී පරීක්ෂණ ක්‍රමවේදයට අනුව පොල් තෙල්වල අංශු බිලියනයකට ඇෆලටොක්සීන් අංශු 10කට වඩා වැඩිනම් එය ඉතා බරපතළ ගණයේ මිනිස් සිරුරට පිළිකා කාරක සපයන්නක් වේ.
එකී පරීක්ෂණය අනුව අංශු 17.9 ක් වැනි ඉතාමත්ම භයානක මට්ටමකට පිළිකා කාරක අන්තර්ගත වූ පොල් තෙල් සාම්පල් ද පැවැති බවට නිගමනය කොට ඇත.
සාම්පල 55 අතුරින්,
* ඇෆලටොක්සීන් අගය 10 ඉක්ම වූ සාම්පල් 06ක්
* ඇෆලටොක්සීන් අගය 05 ඉක්මවූ සාම්පල් 4ක්
* ඇෆලටොක්සීන් නොතිබූ බවට තහවුරු කළ සාම්පල් 08ක්
ඉහත කරුණු අනුව පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එම්.එල්.ඩී. නිරෝෂන මහතා අප්‍රේල් පළමු වන දින මාධ්‍ය අමතමින් එම සාම්පල්වල මිනිස් සිරුරට අහිතකර ඇෆලටොක්සීන් නොමැති බවට කළ ප්‍රකාශය ඉතා බරපතළ අසත්‍යක් බවත්, ඔහු හිතාමතාම පිළිකා කාරක අඩංගු පොල් තෙල් මහජනතාවට පරිභෝජනය කිරීමට පොළඹවා ජනතාවගේ ජීවිත විනාශ කිරීමට තැත්කරන බවත් පැහැදිලිය.
එකී සාම්පල ලබාගෙන තිබුණේ පිටරටින් ආනයනය කරන ලද පිරිපහදු නොකළ පොල් තෙල් ( crude coconut oil) තොගවලින් නොවන බවත්, දැනටමත් රටපුරා බෙදාහැර ඇති සිල්ලර කඩවලින් ලබාගෙන ඇති සාම්පල්වලින් බවත් පැහැදිලි වේ.
ඒ අනුව දැනට වෙළෙඳපොළේ ඇති පොල්තෙල් පරිභෝජනය ඉතා භයානක සහ අනතුරුදායක බව ජනතාවට අවධාරණය කර සිටිමි.
විජයදාස රාජපක්ෂ
පාර්ලිමේන්තු මන්ත්‍රී
මේ කියන local පොල් තෙල් අපි කොච්චර කාලයක් කන්න ඇද්ද ? දැන්වත් මේ ගැන රජය සොයා බැලීමට කටයුතු කිරීම ජනතාවගේ වාසනව. විජේදාස මහතා ජනතාවගේ ආරක්ෂාව ගැන අවදියෙන් සිටීම අපේ පැත්තෙන් ලොකු දෙයක්.
අනාවැකි කරුවෙක් දෙසැම්බර් මාසයේ කීවා විජේදාස මහතාගේ නම නොකියා ඔහුට සිදුවන ඛේදවාචික නැතිවීම.. එදාම ඔහු පස්සර මාරක බස් අනතුර අනාවැකියත් හරියටම කිව්ව කෙනෙක්..!
කසල තේ හොර පාරෙන් ආයිත් වෙළඳසැල් වලට ගියා වගේ ඔය පිළිකා කාරක තෙලත් හොර පාරෙන්ම
වෙළඳසැල් වලට යවයි..!
එහාට මෙහාට පනිමින් වෙලාවට ඇමති පට්ටන් ගන්න තමුන්නහෙලා කියන එව්වා මහජනයා ගණන් ගන්නේ නෑ ආයුබොවන් දැන් ඇත්ත කිව්වත් ………දැන් නිකම් අවලංගු කාසි වගෙයි…….
කව්රුහරි ඇත්ත කිව්වත් පිළිගන්නේ නැතුව ඉන්නවා කියන්නේ රැවටෙන එක නෙවෙයිද?
රජයන් මාරුවෙන් මාරුවට වසර 72ක් අපි කාලා තියෙන්නේ මේ වද?
06 + 04 + 08 = 55 ???????
නිලධරියා බොරු කිව්වා කියන එක සම්පුර්ණ වැරදියි.
ඇඵලටෝක්සින් 30 ට අඩු නම් ප්‍රශ්නයක් නැති බව ගැසට් මගින් නීති ගත කර තියෙන්නේ.
නිලධාරීන් වැඩ කරන්නේ ඒ අනුව.
විඡයදාස රාඡපකෂ’ කසිප්පු කාරයන් සමග ‘නන්නත්තාරවි’ සිටින ආන්ඩුවේ පහත් ක්‍රියාවන් සඳහා දැඩිවසිටිය යුතුයි..! කසිප්පු කාරයන් රඡකරන ආන්ඩුව තුල ඔබහට වගකීම් රහිත වුවත්.. බුද්ධිමත් ඡනතාවගේ නියොඡනය උදෙසා නොසැලි දැඩිව සෘඡුව සිටියයුතුයි..! බුද්ධිමත් ඡනතාවගේ රැකවරණය සැමදා ඔබසමගයි., නිරන්තරනයෙන් නොබියව ශෘඡු නිවැරදි තීන්දු සමග සිටගනිමින් වැරදිකරැවන් වංචනිකයන් පන්නාදමන තුරැ ඵක්ව සටන් කරමු..!
හැම එකටමමොනා හරි කියන්න ගියාම ගද ගහන්න පටන් ගන්නවා,
According to Toxicological guidance value
(CODEX/JECFA 1988/2011) Maximum in edible oil allowed is 0.1mg/Kg which is 100ppb
From where did he get 10ppb?