ඉංග්‍රීසියෙන් ඉගැන්වීම හීනමාන කළු සුද්දන්ගේ වැඩක්.. රනිල් වික‍්‍රමසිංහත් මොවුනට වඩා ඉදිරියෙන්.. කන්නන්ගර සොහොනේ සිට සාප කරාවි..- වසන්ත බණ්ඩාර

June 6, 2021 at 12:00 pm | lanka C news
ඉංග්‍රීසියෙන් ඉගැන්වීම හීනමාන කළු සුද්දන්ගේ වැඩක්.. රනිල් වික‍්‍රමසිංහත් මොවුනට වඩා ඉදිරියෙන්.. කන්නන්ගර සොහොනේ සිට සාප කරාවි..- වසන්ත බණ්ඩාර

මෙරට පාසැල් වල පාසල් වල ප්‍රාථමික පංතිවල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසාදීමට නිසා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් කපිල පෙරේරා මහතා විසින් කළ ප්‍රකාශයකට ජාතික සංවිධාන එකමුතුව විරෝධය පලකරයි.

එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ හීනමානයෙන් පෙලෙන කළු සුද්දන් මේ ආකාරයෙන් කටයුතු කරන බවයි.

මෙවන් කටයුතුවලට සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා තම සොහොනේ සිට සාල කරනු ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

‘දැනට ලෝකයේ පිළිගත් මතය වන්නේ තමන්ගේ මව් භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීම මගින් දරුවන්ගේ මානසික සංවර්ධනයට ප්‍රභල ධනාත්මක බලපෑමක් සිදුවන බවයි.හීනමානයෙන් පෙළෙන කළු සුද්දන්ට ඒවා අදාල වන්නේ නැහැ.

ඉංග්‍රීසි භාෂාවක් ලෙස අපේ රටේ දරුවන්ට ඵල්දායි ලෙස ඉගැන්වීමට අසමත්ව තිබෙන අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෝරා ගත් ළමුන් පිරිසකට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රාථමික අධ්‍යාපනය දීමට සැරසෙන්නේ සද්භාවයෙන් නම් නොවෙයි. මේ අය නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් පුද්ගලයන් නොවෙයිද?.

සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා මොවුන්ට තම සොහොනේ සිට ශාප කරනවා නොඅනුමානයි. මේවා කරන්නේ දරුවන්ට ආදරයෙන් නම් නොවෙයි. නිදහස් අධ්‍යාපනයේ පදනමම විනාශ කිරීමයි මෙවැනි අමනෝඥ ක්‍රියා කිරීමට පෙළඹෙන අයගේ බලාපොරොත්තුව.

රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමතිවරයාව සිටින කාලයේදී මෙවැනි මහා පරිමාණ ප්‍රතිසංස්කරණ කිරීමට පෙර මහජන සංවාදයක් ඇති කරලීම පිණිස අඩුම තරමින් ධවල පත්‍රිකාව හෝ ගෙන ඒමට කටයුතු කළා. එහෙම බලන කොට මේ අය ඉන්නේ රනිල් වික්‍රමසිංහට ගව් ගණනක් පිටුපසින්.”

43,980 views

72 Comments to “ඉංග්‍රීසියෙන් ඉගැන්වීම හීනමාන කළු සුද්දන්ගේ වැඩක්.. රනිල් වික‍්‍රමසිංහත් මොවුනට වඩා ඉදිරියෙන්.. කන්නන්ගර සොහොනේ සිට සාප කරාවි..- වසන්ත බණ්ඩාර”

  1. සමනා says:

    ලෝකයේ දියුණුම කියලා උඹලා ම කියන රටවල් තමන්ගේ මව් භාෂාවෙන් නේද කටයුතු කරන්නේ. උඹලා ම නේද ඒ රටවල් ආදර්ශයට ගන්න කියන් නේ. කවුරුවත් ඉංග්‍රිසි ඉගෙන ගන්න එපා කියන් නේ නෑ නේද

  2. Sam - Canada says:

    ඉරිසියාකාර යකෙක් මූ.

    • නුවන් says:

      මූ පිස්සෙක් තමයි.. හැබැයි ළමයින්ට native language එකෙන් උගන්වන්න කියන එක ඇත්ත. ඒක බටහිර රටවල encourage කරනවා. මේ වගේ ගොං යක්කු ඒවා කියන්න ගිහාම වෙන්නේ ඒවා බොරු කියල මිනිස්සු හිතනවා.

  3. Radeep says:

    Learning English and studying all the subjects in English are two different things. The best medium of instruction in primary grades is the child’s mother language as it helps build higher intelligence in him.

  4. බොහෝවිට මෙම අදහස LankaCnews වල පල නොකරනු ඇත.
    මෙතුමා මේ කියන දෙය සම්පූර්ණ සත්‍යකි. එහෙත් මෙවැනි දේ අමන ඔලුව කුරුවල්වී ගිය මෝඩ රැලක් වෙසෙන සමාජයකට අදහසක් ලෙස ඉදිරිපත් කිරීමටවත් කැමැත්තක් නැත. මෙම ලියන පුද්ගලයා අමු සිංහල භාෂාවෙන් අධ්‍යාපනය හදාරා ලැබිය යුතු සියලුම ඉහල උපාධි ලබා පිළිගත් විශ්වවිද්‍යාලයක ජේෂ්ඨ මහාචාර්ය වරයෙකු ලෙස සේවය කරන්නෙකි. ඉංග්‍රීසි ය යනු තවත් භාෂාවක් මිස ආභරණයක් නොවේ. අද ලංකාවේ මෝඩ තරුණ සමාජය සහ හුදු බටහිර මානසිකත්වයෙන් බිහිවුණු ඔවුන්ගේ දෙමව්පියන් ගේ හීනමානය නිසා සිංහල භාෂාවට ගරහමින් ඉංග්‍රීසි භාෂාවේ 1% සමග ජීවත් වීමට දගලමින් සිටී. හොදම උදාහරණය නම් මෙම ලිපියට දැඩිලෙස ධෝෂරෝපනය කරමින් අදහස් යොමුකරන අයගෙන් කීදෙනෙක් නිවැරදි ඉංග්‍රීසියෙන් තමාගේ අදහස් ඉදිරිපත් කරතිබේද. රටේ සියලුම උන්ද ස්මාර්ට් ෆෝන් ඇත, ඉන් කීදෙනෙකුට පැහැදිලි ඉංග්‍රීසි භාෂාවෙන් වාක්‍යක් ලියාගත හැකිද. සියලුම යවන කෙටි පනිවුඩයක උවද ඇත්තේ කිසිවෙකුට තේරුම්ගත නොහැකි ඉංග්‍රීසි අකුරු සමුහයකි. අධ්‍යාපනය ලැබීමට සුදුසුම භාෂාව තමාගේ මව් බසය. දෙමල සමාජය මෙය ඉතා හොදින් දැනසිටියේය. මේ හේතුවෙන් ඔවුන් දෙමල භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීම සදහා වෙනම පාසල් පද්ධතියක් ඇතිකර ගත්තේය. අපි සුද්දාටත් නැත සිංහලයටත් නැත. හොදම වචනය දෙමුහුන් ජාතියක් යන්නය.

  5. jehan says:

    සිංහලෙන් විතරක්ම ඉගෙනගන්න කියන මෙතුමාගේ සුදුසුකම් , සිංහලෙන් තමයි මේවා ගන්න ඇත්තේ
    https://www.ird.lk/team/dr-wasantha-bandara/

    Qualifications: BDS, Austrailian Diploma in Financial Management, Post Graduate Diploma in Financial Management (ICASL), Post Graduate Diploma in Health service management (Massey University NZ), Post Graduate Diploma in Quality Management (quality Council NZ), Diploma In Personal Management (CPM-UK)
    Position 1: Dental Surgeon
    Position 2: Certified Quality Manager

    • Sam - Canada says:

      ඉරිසියාකාර යකෙක් මූ.

    • sena says:

      You have scored an own goal! You proved what he has said.

      He has studied in mother toungue, but obtained all the qualfications in English.

      He has proved that what is important is the ability for higher education and getting the opportunity for it.

      The proposal as I understand is to provide education in English only at one school for pupils in Colombo area.

      It will not give the claimed opportunities to any students in any rural areas; the only
      time some level of opportunity for students in provincial locations was available was when there were government central colleges with facilities and teachers.

      I believe that the ability to use English is extremely important for higher education and it as a subject must be made compulsory for any university education, but studying in English is not necwssary for that.

  6. Sanjaya says:

    මොහුගේ මේ ප්‍රකාශයත් , එදා කන්නන්ගර නිදහස් අධ්‍යාපනය දෙන්න හදන විට D .S .සේනානායක -“ගෙඩියක කඩාගන්න කොල්ලෙක් නැතැයි කියමින් විරුද්ධ වීමත් අතර කිසිම වෙනසක් නොමැත. මේ ඉරිසියාව සහ කුහක කම අපේ ජාතියේ හැටිය. දියණු රටවල ක්‍රම ගැන කතා කරන යට යමක් කියමි. අපේ රට නොදියුණුය , එයට හේතුව ඇමෙරිකානු කුමන්ත්‍රණ නොව අපේ නොදියුණු කමය. එය නැති කිරීමට නවීන දැනුමට අඩුම ගනේ ඊලඟ පරමපරවවත් විවර කිරීමයි. එයට ජාත්‍යන්තර භාෂාව අවශ්‍ය . එමගින් මව බස නැසේ යයි යන්න නිකන් පහු තර්කයකි. වසර 13 නම සිංහලෙන් ඉගනගත් එවුන් ගුවන් විදුලි වල සිංහල බස මරණ හැටියෙන් එය තේරුම් ගත හැක.

Leave a Comment

Main News