ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සටහනේ දෝෂ.. සිංහලට පරිවර්තනය කරන්න බෑ..- පරිවර්තක කියයි.
February 8, 2019 at 4:40 pm | lanka C news
2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තු විසුරුවීමට අදාල ජනාධිපති විසින් නිකුත් කළ ගැසට් නිවේදනය 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් නඩු තීන්දු ලබා දී ඇති අතර එකී ගැසට් නිවේදනය නීතියට පටහැනි බව දක්වමින් සහන අයද නීතිඥ ලක්සිරි උණවටුන විසින් ද පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
එම පෙත්සමට සමගාමීව තවත් පෙත්සම් කිහිපයක්ද ගොනු කර තිබූ අතර ඒ සියලු පෙත්සම් විනිසුරුවරු 07 දෙනෙකුගේ විනිශ්චය පීඨයක් ඉදිරියේ කැදවා තිබූ අතර එම පෙත්සම්වල තීරණය දීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය බිදවැටෙන ආකාරයට කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කර ඇති බවටද පෙත්සම්කරු විසින් පෙත්සමක් ගොනු කර තිබුණි. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීම වැරදි බවට 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ලබා දී ඇති අතර එකී තීන්දු සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා ගැනීමට පෙත්සම්කරු පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දක්වා ඇත.
එකී නඩුවේ සියලු කාර්ය සටහන්වල සත්‍ය සහතික පිටපත් පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙතින් ලබා ගෙන ඇති අතර එකී ලේඛන ඉංග්‍රීසි භාෂාවෙන් ඇති හෙයින් පෙත්සම්කරු නිලලත් භාෂා පරිවර්තකයෙකු මගින් සිංහල භාෂාවෙන් පරිවර්තනය කර ගැනීමට උත්සාහ දරා ඇත.
ඉංග්‍රීසි භාෂා පාඨවල අන්තර්ගතයේ පවතින ඉංග්‍රීසි භාෂා දෝෂ හේතුවෙන් එම ලේඛන සිංහල භාෂාවට පරිවර්තනය කර ගැනීමට නොහැකි බව භාෂා පරිවර්තක විසින් පෙත්සම්කාර නීතිඥවරයාට ලිඛිතව දැනුම් දී ඇත.
එම නීතිඥවරයා එකී ලිපිය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමින් සිංහල භාෂාවට පරිවර්තනය කර ගැනීමට හැකි ආකාරයට නිවැරදි ඉංග්‍රීසි භාෂාවෙන් එකී නියෝග ලබා ගැනීමට මෝසමක් ගොනු කර ඇත.
– ලක්සිරි උණවටුන
සමහර විට ඉංග්‍රීසියෙන් ලියල තියෙන්නෙ ජනාධිපතිවරය ගත්ත තීරණය හරියි කියලද දන්නෙත් නැහැ. හුදී ජනය අනිත් පැත්තට තේරුම් ගත්තට?
එම නඩු තීන්දු වෙ තැන් 120ක ඉංග්‍රීසි වැරදියි. ඒ නිසා පරිවර්තනය කරන්නේ නෑ
Make the decision null and void.
No validity in the Judgement.
Dissolve parliament immediately.
හා හා අපි කළු කෝට් සුද්දෝ බන්. සිංහල මතක නැහැ මය් ලෝඩ් පැනගි කාලෙදිම අපේ අච්චිලා සුද්ද කලේ බටහිර උන් තමා.
ජනාධිපති මෛත්‍රීට ඉංග්‍රීසි බෑ කියල කලු සුද්දො ටික බෙරිහන් දෙනවා. ඒත් ඉහළම අධිකරණයටත් ඉංග්‍රීසි බැරි නම් කාට කියන්නද රටේ තත්ත්වය.මේ යන විදිහට ගියොත් මුළු රටම ප්‍රපාතයට යන එක නතර කරන්න සක්කරයටවත් බෑ. නොදන්න ඉංග්‍රීසියට යන්නේ නැතිව දන්න සිංහලෙන් නඩු අහන්න කියල ජනතාව බල කරන්න ඕන.
ඉංග්‍රීසි නොදන්න කම නෙවෙයි…. බොරු නඩු තීන්දු ඉංග්‍රීසියෙන් දුන්නට ඒවායෙ තියෙන දෝෂ කියන්නෙ, නඩු තීන්දුව මොකක්ද කියල කියන්න බැරි බව නේ…! සිංහලට පරිවර්තනය කලාම වෙනත් තීන්දුවක් දැක ගන්නත් පුලුවන් වෙයි…?
කලු සුද්දන්ට අපහාස කරන්න එපා. අල්ලල දානව හිරේ. නඩුත් හාන්දුන්ගෙ බඩුත් හාන්දුන්ගෙ බොල
නඩුකාරයන්ටත් ඉන්ගිරිසි හරියට ලියාගන්ට බැරිනං ඉන්ගිරිසි හරියට කියවන්ටත් බැරුව ඇති. නඩු යන්නනට දෙය්යනගේම පිහිටයි !