ඉංජිනේරු පොහොට්ටුවෝ අද සිට කරලියේ…

October 17, 2018 at 8:40 am | lanka C news
ඉංජිනේරු පොහොට්ටුවෝ අද සිට කරලියේ…

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිතව පිහිටුවන ලද ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ එළි දැක්වීමේ සමාරම්භක උළෙල අද (17) ප.ව. 5.00 ට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී ආරම්භවීමට නියමිතයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වේ.

විවිධ ක්ෂේත‍්‍රයන්හි ඉංජිනේරුවරුන්ගෙන් සැදුම්ලත් ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් සතු ප‍්‍රථම සහ එකම ඉංජිනේරු සංවිධානයයි. වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් සතුව ඉංජිනේරුවන්ගෙන් පමණක් සැදුම්ලත් සංවිධාන ව්‍යූහයක් දැනට ස්ථාපිත කර නැත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් සහ ම`ග පෙන්වීම් අනුව පක්ෂයේ අනුසංවිධානයක් ලෙස පොදුජන ඉංජිනේරු පෙරමුණ පිහිටවනු ලැබීය. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විවිධ ක්ෂේත‍්‍රයන්හි සේවයෙහි නියුතු ඉංජිනේරුවන් සහ රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාලයන්හි ආචාර්ය, මහාචාර්යවරුන් විශාල පිරිසක් දැනටමත් මෙම පෙරමුණෙහි සාමාජිකත්වය ලබා ගෙන ඇත.

”වඩා යහපත් අනාගතයක් ස`දහා ඉංජිනේරුවන්ගේ කාර්යභාරය” යන තේමාව යටතේ අද පැවැත්වෙන සමාරම්භක උත්සවයේ දී ඉංජිනේරුවන්ගේ කාර්යභාරය පිළිබ`ද විද්වත් කථිකාවතක්ද පැවැත් වේ. ”වඩා යහපත් අනාගතයක් ස`දහා ඉංජිනේරුවන්ගේ කාර්යභාරය” යන මැයෙන් උළලේ ප‍්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ මහාචාර්ය රංජිත් දිසානායක මහතා විසිනි.

ප‍්‍රවාහනය සහ ගමනා ගමනය පිළිබ`ද අනුමාතෘකා කිහිපයක් ඔස්සේ දේශන පැවැත්වෙන අතර ගුවන් සහ නාවික ගමනා ගමනය පිළිබ`ද දේශනය ආචාර්ය ලලිත් සමරක්කොඩි මහතා විසින් ද, දුම්රිය ගමනා ගමනය පිළිබ`දව ඉංජිනේරු ගයාන් අධිකාරි මහතා විසින් ද, මහා මාර්ග සහ ගමනා ගමනය පිළිබ`ද දේශනය ආචාර්ය ටෙරන්ස් මොහාන්රාජ් මහතා විසින් ද ගමනා ගමනය පිළිබ`ද පාරිසරික ඉදිරි දැක්ම පිළිබ`ද දේශනය ආචාර්ය නීතා ජයන්ති මහත්මිය විසින් ද පැවැත්වීමට නියමිතව ඇත.

නාවික, ගුවන්, මහා මාර්ග සහ දුම්රිය ගමනා ගමනය පිළිබ`ද ලෝකය සහ ශ‍්‍රී ලංකාව තුළ පැවැති සහ පවතින තත්වයන් සාකච්ඡුා කරමින් ශ‍්‍රී ලංකාවේ ගමනා ගමනය සම්බන්ධයෙන් සිදු විය යුතු අනාගත වෙනස්කම් පිළිබ`ද පු`ඵල් ජාතික කථිකාවතක් නිර්මාණ කිරීම ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ සිය සමාරම්භක උළෙල තුළින් අපේක්ෂා කරයි. ශ‍්‍රී ලංකාව සංවර්ධිත දේශයක් ලෙස ඔසවා තැබීමෙහිලා සියලූ ඉංජිනේරුමය විෂයන් තුළින් ලැබීය යුතු දායකත්වය වෙන් වෙන් වශයෙන් ඉදිරියේදී රට හමුවේ සාකච්ඡුා කිරීමටද ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ සැලසුම් සකස් කර ඇත. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛව බිහිවන අනාගත රජය යටතේ රටේ යහපත වෙනුවෙන් ඉංජිනේරුවන් ලෙස උපරිමයෙන් දායක වීම ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ සමස්ත සාමාජිකත්වයේ ප‍්‍රමුඛ අභිලාෂයයි.

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

148 views

20 Comments to “ඉංජිනේරු පොහොට්ටුවෝ අද සිට කරලියේ…”

  1. Seelawathi says:

    It is so sad and funny why our professional Engineers need political patronage to practice their careers.This is the starting point for all the corruption as politicians use them as willing tools to abuse the system.
    It is sad we have to live in a such society we have become so feeble and can’t even fart without politicians.

    • amda says:

      මේ මොන මගුල් සීලවතියක්ද ? මෙ තරම් හොද දෙයක් කරන්න මුලපුරලත් ඒකෙත් ඇද ?මේ වගෙ උන් නිසඉ මේ රට හදන්න බැරි

  2. Bandara says:

    jayawewa !!

  3. Nishantha says:

    Good moove.our enjo are among the best.as well as docs .if someone wishes to develop this country it should be the initial step

  4. Politico says:

    Claiming to be among the best and controlling the monopoly is the curse that the country has faced after liberalism. See and learn from other countries what they have done and how well the countries have progress

  5. RW says:

    ඉංගිනේරුවන් විසින් ආරම්බ කරන ලද සියයට දහයේ පගාව වෛශ්‍යා වුර්ථිය ආරම්භ වූ කාලයේ සිට පැවත එන්නකි . කොන්දක් නැති ඉංජිනේරු වුර්ථිය නිසා අද සැලැස්මකින් තොර යටිතල පහසුකම් සඳහා මුදල් ආයෝජනය කර ඇත. මෙය වැරදි බහෙත් ක‍ර ලෙඩා මියයනවාට වඩා භයනයකය .අනාගත පරම්පරා විසින් මේ ණය ගෙවිය යුතු වේ .

    • Somapala says:

      RW,
      Do not compare majority of educated engineers with your ‘10% gods’ like Basil, Namal, mahindnanda and the other losers.

      • RW says:

        No . I am not comparing. Engineers are the approving authority to take share for each parties.

      • RW says:

        දැනට ලංකාවට අවශ්‍ය වන්නේ උගත් ඉංජිනේරුවන් නොව රටට ආදරය කරන හා අවංක පිරිසකි .විශ්ව වීධ්යාල වලීන් කොපැමන උගත් ඉංජිනේරුවන් බිහි වුවත්‍ වැ ඩි වනූයේ දුශනය පමනකි , ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ හි ආරම්බය හවුල් වී ගසා කෑ මය.

  6. Manel says:

    RW is wrong. I am well aware of many engineers who have serve the country more than 40 years. They never taken a cent as bribes or not engaged in corruption.Truly, I have not come across anyone who asked for bribes. Seelawathi should know that let alone engineers, every one has a political affiliation.

  7. Tikiri says:

    රටට ආදරය කරන සියලුම වෘත්තිකයන් මෙ අන්දමට සංවිධානය වි රට බේරාගතයුතූයි.

  8. රජින්ද says:

    මේවා තනිකරම ලෝකේ හිනස්සන ගොන් වැඩ. මේ ලෝකේ දියුණු වූ කිසිම රටක් වෘතිකයින්ව දේශපාලන පක්‍ෂවල පාක්‍ෂිකයින් කරගන්නේ නැහැ. ඔවුන්ට ඔවුන්ගේ නිදහස දී ජාතිකත්වය සහ රට ගැන හැගීමක් ඇතිකරනවා පමණයි කරන්නේ. ඒත් මේ තකතීරු රටේ ඇති දියුනුවකුත් නැහැ ඒත් නිදහස ලැබුණු දා ඉදන් මේ දක්වාම කලේ ත්‍රීවීල් පාක් එකේ ඉදන් පාර්ලිමේන්තුව දක්වා සංගම් පිහිටුවලා… මිනිස්සුන්ව පටන් ගන්න තැන ඉදන්ම කරන්නේ දේශපාලුවන්ට ඕන ඕන විදිහට බෙදන එකයි. වෘතිකයින් කිසිදා දේශපාලන පාට හෝ පක්‍ෂයක වහළුන් නොවිය යුතුයි.

  9. Design Department says:

    Jayawewa

  10. Jagath says:

    Good news, patriotic brainy professionals, Congratulations !
    Who are allergic to the educated professionals will be jealous !

Main News