ඉක්මනින් ඩොලර් හොයන්න…- ජනපති

June 16, 2022 at 5:30 pm | lanka C news
ඉක්මනින් ඩොලර් හොයන්න…- ජනපති

කඩිනමින් විදේශ විනිමය උපයා ගැනීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉඩප්‍රස්ථා පුළුල් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

දීර්ඝ කාලයක සිට පවතින නීති – රීති ආයෝජන සඳහා දැඩි බාධාවක්ව පවතී. ආයෝජන දිරිගැන්වීම වෙනුවෙන් නව උපායමාර්ග අනුගමනය කර කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කිරීමට ඇති බව ජනාධිපතිතුමා කියා සිටි.

කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගතිය සමාලෝචනය සඳහා අද (16) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

විදේශ විනිමය ඉපැයිය හැකි කර්මාන්ත හඳුනාගෙන ඒවායේ උන්නතිය වෙනුවෙන් ගත යුතු ඉදිරි වැඩපිළිවෙළ කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය. විදේශ විනිමය අර්බුදය හමුවේ කර්මාන්තකරුවන් මුහුණ දෙන අභියෝග සහ පිළියම් පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ. අපනයන කර්මාන්ත ආශ්‍රිතව උපයන විදේශ විනිමය සෘජුව අමුද්‍රව්‍ය ආනයනය සඳහා යොදා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට පැවසීය.

දේශීය කර්මාන්ත සඳහා නව ප්‍රතිපත්තියක් සකස් කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය. එහි ප්‍රධාන කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර ඉතා කෙටි කාලයකදී එය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා කියා සිටි. මැණික් කර්මාන්තයෙන් ඉපැයිය හැකි විදේශ විනිමය ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පැවතුණ ද පවතින නීති – රීති හේතුවෙන් මැණික් සඳහා නිසි ලාභයක් මෙරටට හිමි නොවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නව කර්මාන්ත ඇති කිරීමේ දී සහ අරඹා ඇති කර්මාන්ත පවත්වාගෙන යාමේ දී බොහෝ රාජ්‍ය ආයතනවල ඇති නීතිරීති ඒවා අධෛර්යවත් කරන බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් දයා රත්නායක මහතා සඳහන් කළේය. මේ නිසා විදේශ ආයෝජකයන් රැසක් රටට අහිමි වූ බව ද දයා රත්නායක මහතා පැවසීය.

කර්මාන්ත සඳහා අනුමැතිය ලබාදෙන සියලු ආයතන එකම මේසයක සිට පවතින ගැටලු සඳහා විසඳුම් සෙවීමට පියවර නොගත හොත් ආයෝජකයන් දිනාගත නොහැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. රටේ ආර්ථිකය වෙළඳාම මත සැකසී තිබේ. එය නිෂ්පාදන ආර්ථිකයක් බවට පත් කරගැනීම කාලීන අවශ්‍යතාවක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, කර්මාන්ත අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල නිලධාරිහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

67,067 views

59 Comments to “ඉක්මනින් ඩොලර් හොයන්න…- ජනපති”

  1. Buddhist says:

    Ai aiyala, banala hoarakam karapu $$ Billions genenna barida? Barinam Sarath Fonseka Minister of Law and Order kranna eya gennagani.

  2. සවාධීන says:

    නිරූපමා, බැසිල් ශිරන්ති නාමල් යෝෂිත චීචීමහින්ද නඩේසන් චමල් ශෂීන්ද

    • LION says:

      ජාතික වැඩට මරු‘ගුල් අටවමින් සි ට
      නායක කමට දඟලන නිවටයන් හ ට
      මේ ල ක එකම අමු සොහොනක් කරන්න ට
      සාතික වෙන්න තරුණය! අද පටන් කො ට
      කාමුක කුහක ලොකු අයගේ නපුරු කමින්
      බාගෙට මැරී ඉන්නා දුගියාගේ නමින්
      මාරක විපත් හැම එකට ම මුහුණ දෙමින්
      පෝර ක හතක නො ව දහසක නඟිමි පෙමින්
      හෙළයිනේ ,රට ජාතිය ආරක්ෂා කිරීමට පෙරට වරෙව් .පොහොට්ටුව රට විනාශකරනවා .උබලා ඒ දෙස බලා සිටින්නේ මන්ද ? ජනතාව පත්කළ ආණ්ඩුවක් රට ජාතියට කරන්නේ විනාශයක් නම් ඔවුන් නෙරපා දැමීමට ජනතාවගේ යුතුකමක් වගකීමක්..
      අපේ රට ජාතිය බේරාගැනීමට පෙරට වරෙව් තරුණ තරුණියනි ,රටේ පුරවැ සියෙනි ..පාට පක්ෂ ජාති බේද ඉවතලා එක්වෙයව්

  3. Silva says:

    කලිසම පාත් කරපන්, ඉක්මනටම

    • මහදැනමුත්තා says:

      GOTA . why not resign and go home ..Enough is enough ..GOTHABHYA & RANIL BOTH ARE FAIL ..Please resign and go home

  4. Modaya says:

    ක්‍රම කියෙනව. මුන්ට හිතෙන්නැ. උදාහරන, මගෙ යාලුවෙක්ගෙ ද්විත්ව පුරවැසි අයදුම් පත්ත්‍රයට වසර දෙකකට ආසන්නයි. තවම එහෙමමයි. එතනම $2,000ක් විතර. අයදුම් පත්‍ර තව කියක් ඇතිද ඒවගෙ.

  5. Dengu Nona says:

    Palamuwath Mawubima ! Dewanuwath Mawubima !! Thunwanuwath Mawubima !!! kiyala meeharakunwa rawataagena Raajaaksala Mawubimamata Puke Ariya !!!

  6. Trump says:

    The easiest way. is to print dollar notes.

  7. nuwan,w says:

    ane berinam daala palayang bang nikan minissunwa merennethuwa paw dhuppath minissun kanna nethuwa bonna nethuwa jeewath wena ratak thamai lankawa!!!

  8. කෙෙයිරාටික බොල් මිනිසුන්ගේ හිරිකිත පාළණය අවසන් කිරීමට සමස්ථ මහඡනයා වහා පෙළ ගැසෙනු,.! says:

    වචන පහක් ඵකදිගට හෙළබස හැසිරවීමට නොහැකි ”ටයිපොළු බඳිනා ඉංගිරිස් මෝඩ හැතිකරේ වහාම හැකි ඉක්මනින් හැදීගෑවී යායුතුයි,.!

    පොළවේ පයගසා ඡීවත්වන දේශීය සබුද්ධික ඡනතාවට වහා පෙළ ගැසෙනු,.!
    වටිනාකමක් නොමැති ඉංගිරිස් තප්පුළන,. දේශීය දැනුමක් නොමැති මෝඩ වංචනික කෙෙයිරාටික බොල් මිනිසුන්ගේ හිරිකිත පාළණය අවසන් කිරීමට සමස්ථ මහඡනයා වහා පෙළ ගැසෙනු,.!

  9. On the spot says:

    විදෙස් ශ්‍රමිකයින්ගෙන් විශාල පිරිසක් සිය ගිණුම් හරහා ලංකාවට විදෙස් මුදල් එවති.එහෙත් කරුමයකට මෙන් ශ්‍රී ලංකාව තුල හා විදෙස් ගතව පෞද්ගලික නාලිකා පවත්වාගෙන යනු ලබන බහුශ්‍රත​,අති පණ්ඩිත ,සියල්ල දත්,තම සෙවනැල්ලට පවා අභියෝග කරන සම-හරක් පුද්ගලයින් පුන පුනා කියන්නේ මව් රටට විදෙස් මුදල් නොඑවන ලෙසය.මෙය වැරදි පූර්වාදර්ශයකි.එයින් සම-හරක්ගේ දරුවන් ජීවත් වන්නේද විදෙස්ගතවය​.ඔව්හු ද්වීත්ව පුරවැසියෝය​.එසේ කියන්නේද ඔවුහුය​.එසේ කියමින් පම්පෝරි ගසනා උන් අහිංසක විදෙස් ශ්‍රමිකයින්ගේ මොල සෝදති.රටේ ආර්ථික පරිහානියට මෙතෙක් රට පාලනය කල උන් තනි තනිව හා සාමූහිකව වග කිව යුතු බව සැබෑය​.එය අවිවාදයෙන් පිළිගත යුතුය​.එසේ වූවා කියා වැටුන රට ගොඩ ගන්නට අපෙන් යම් හෝ උදව්වක් අවශ්‍ය වන මොහොතක එයටද අකුල් හෙලන උන් ගැන කවර කථාද​?මේ මෝඩ පණ්ඩිතයින් දැන්වත් මේ වහසි බස් නතර කල යුතුය​.තමනට හැකි පමණින් මේ මොහොතේ දායක වීම වටනේය​.යමෙක් සිය පවුලේ සාමාජිකයෙකුට විදෙස් මුදල් නීත්‍යානුකූලව එවන්නේ නම් තමන්ගේ අයත් යැපෙන අතර තම රටටද ඉන් වැඩදායක යමක් සිදුවන බවත් මතක තබා ගත යුතුය​.මේ ලියන මාද මාස්පතා මගේ පවුලේ අයට විදෙස් මුදල් එවන්නෙකි.මොල සෝදන්නෙනි,මේ මොහොතේ නුඹලා කල යුත්තේ ජනතාව නිවැරදි තැන පෙල ගැස්වීම මිස නුඹලාගේ ඇරියස් කවර් කර ගැනීම නොවේ.මා කිසිදු දේශපාළණ පක්‍ෂයක ගැත්තෙක් නොවන බව විශේෂයෙන් සඳහන් කරන්නේ මෙහි අකුරු අමුණන අයගෙන් වැඩි කොටසක් කිසිදු පදනමකින් තොරව අන් අය ගරහන නිසාත් බව දන්වනු කැමැත්තෙමි.

Main News