ඉගෙන ගන්න රට ගිය මොරටු සරසවි ඇදුරන් 35ක් කෝටි 5ක පොලු තියලා….
June 12, 2022 at 6:13 am | lanka C news
මොරටුව විශ්වවිද්‍යාලයේ පමණක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වූ විශ්වවිද්‍යාල අාචාර්යවරුන් 35 දෙනකු ගිවිසුම් හා බැඳුම්කර කඩ කිරීම හේතුවෙන් 2021 දෙසැම්බර් 31 දින වන විට අය විය යුතු මුදල රුපියල් කෝටි 5කට අධික (රුපියල් 51,649,961) බවට කෝප් කමිටුවේදී අනාවරණය විය.
ගිවිසුම් හා බැඳුම්කර කඩ කොට වසර 8ක් තිස්සේ නොගෙවූ අාචාර්යවරුන් 16 දෙනකුගෙන් අය විය යුතු මුදල කෝටි 2කට අධික (රුපියල් 23,190,595) බව ද එහිදී හෙළිදරව් විය.
ගිවිසුම් හා බැඳුම්කර කඩ කළ ආචාර්යවරුන්ගෙන් බැඳුම්කර වටිනාකම් අය කර ගැනීම පිළිබඳ සඳහන් කළ උපකුලපතිවරයා සඳහන් කළේ ඉහත සඳහන් ආචාර්යවරුන්ගෙන් පස් දෙනකුගෙන් දැනට අය කරගෙන ඇති බවත්, 12 දෙනකුගෙන් වාරික වශයෙන් අය කර ගැනීමට කටයුතු කරන අතර 11 දෙනකු වෙනුවෙන් නීතිමය පියවර ගෙන ඇති බවයි.
මේ කරුණු අනාවරණය වූයේ කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (8) පාර්ලිමේන්තුවේදි රැස් වූ අවස්ථාවේදීය. මොරටුව විශ්වවිද්‍යාලයේ 2019 සහ 2020 වර්ෂවලට අයත් විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය විමර්ශනය කිරීම සඳහා කෝප් කමිටුව හමුවට කැඳවා තිබිණි.
මොරටුව විශ්වවිද්‍යාලය මූලික වශයෙන් ගණිතය, විද්‍යාව, ඉංජිනේරු සහ තාක්ෂණ විෂයයන් මූලික කර ගත් උපාධි පාඨමාලා පමණක් පවත්වන බව උපකුලපතිවරයා දැනුම් දුන්නේ කෝප් සභාපතිවරයා කරන ලද විමසීමකට පිළිතුරු දෙමිනි.
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මේ වන විට අධ්‍යයන වර්ෂ දෙකක සිසුන් අධ්‍යාපනය ලබන බවත් ඊළඟ අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට නියමිත නමුත් පීඨය සඳහා කිසිදු ගොඩනැඟිල්ලක් මේ වන තෙක් ඉදිකොට නැති බවත් උපකුලපතිවරයා සඳහන් කළේය. වෛද්‍ය පීඨයේ තුන්වැනි සහ අවසාන අධ්‍යයන වර්ෂ සඳහා නියමිත අධ්‍යයන කාර්ය මණ්ඩලය නියමිත පරිදි දෙන ලෙස ද උපකුලපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
පීඨයේ මහාචාර්ය ඒකකය නාගොඩ රෝහල ආශ්‍රිතව පිහිටුවීමට තීරණය කොට ඇති නමුත් එහි අවශ්‍ය ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා දැනට තෝරාගෙන ඇති අක්කර 15ක කළුතර නාගොඩ ඉඩම අත්පත් කර ගැනීම පිණිස ප්‍රතිපාදන ලැබී නැති බව ද හෙතෙම සඳහන් කළේය. ඒ සඳහා බැංකු ණයක් ගැනීමට රජය විසින් උපදෙස් දී ඇති නිසා ඒ අනුව කටයුතු කරමින් පවතින බව ද මහාචාර්යවරයා පැවසීය. මෙහිදී කෝප් සභාපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දුන්නේ මේ පිළිබඳ සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
ඒ ඒ කාලවලදී කටයුතු කරන දේශපාලන අධිකාරි විසින් තම අභිමතය මත විශ්වවිද්‍යාල සඳහා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට සේවකයන් පත් කිරීම විශාල ගැටලුවක් වී ඇති බව ද කෝප් සභාපතිවරයා සඳහන් කළේය.
ස්වර්ණා විජේකෝන්
නුවන් කොඩිකාර
සන්ධ්‍යා කරුණාරත්න
කෝප් කමිටුව ඉතා අනර්ඝ සේවයක් කරනවා. මහාචාර්ය චරිත හේරත් ගේ සභාපතිත්වය අසමසමයි. COPE committee does an excellent service and the chairmanship of Prof Charitha Herath is incomparable..
ඔහොම පොලු තිබ්බ දොස්තර ලා කීදෙනෙක් ඉන්නවාද?
ඉංජෝ තමයි දසම දස දසයෝ.බහුතරයක් හෙන හොරු.
දැක්කනේ විදුලි ඉංජිනේරු හිවලා.. මේ කිව්ව එක ආයෙමත් රිවර්ස් කරනවා මම ජනාධිපතියට එහෙම දෙයක් කිව්වේ ආතතිය නිසා වූ වැරදීමක් කියලා.
අනික මුන් පට්ට හොරු, කැම්පස් ඉන්නකන් ජෙප්පන්.
ඇයි බොට High-school එකෙන් එහාට යන්න බැරි වුනාද?
මගේ යටතේ ලෝකල් ඉංජෝ 25ක් තිහක් වැඩ යකෝ.
හැබැයි උන් බහුතරය වැඩ බැරි දාසලා.ඉන්දියන්ස්ලා එක්ක මුන්ට හැරෙන්නවත් බෑ.
ඉතින් උන්ගේ ලන්කාවෙ වත්කම් පවර ගන්න..
මීට පස්සෙ ඇපයට මුකුත් නැතුව ඕව දෙන්න එපා.
කරපු උන්ගේ පවුල්වල දරුවන් වත් බ්ලැක් ලිස්ට් කරන්න…එච්චරයි.
මේ රටේ හතර අතට නැවෙන්නේ නැතුව කෙලින් තීරන නැති නිස තමයි මේ ඔක්කොම එවුන් ඔලුවෙ පහරලා යන්නෙ
මුන් මෙහෙම හොරා කන ගමන් තමයි කොල්ලොන්ට උගන්වන්නේ අරගල කරන්න හොරකමට එරෙහිව. තමන්ගේ වැරදි තියාගෙන කෑගහන ගොඩක් මේ රටේ ඉන්නවා. මුන් වැඩි හරියක් ජවිපෙට සපෝර්ට් දෙන්නේ මේකට තමයි.
These guys have gone to other countries and have not returned back as agreed. The people who are teaching as lecturers are the people who actually came back so they can teach the next generations.
Don’t let your political view cloud your judgement and insult people who are serving the country. Most of the lecturers in Engineering faculty can easily go to another country and work. So appreciate their work. Don’t act like a parliament member.
ඉංජෝ මොනවගේද කියලා අදහසක් ගන්න නම් පාඨලී චම්පික රණවක තමා හොඳම උදාහරණය,දර්ශීය ශ්‍රී ලාංකික ඉන්ජා.
මූලික ලක්ෂන : අතීතයේ ජේප්පන්, අයින්ස්ටයින් සහ පයිතගරස්ටත් වඩා තමනා පොරවල් කියලයි හිතාගෙන ඉන්නේ, හැබැයි මුන්ට පාරේ පදින්න පුළුවන් බයිසිකලයක්වත් හදා ගන්න බෑ,හෙන ආත්මාර්ථකාමීයෝ, ගල් ටිකෙන් වැලි ටිකෙන් ටෙන්ඩරයෙන් ගහන පට්ට හොරු, කුහකයි, අති පණ්ඩිතයි, සුද්දට ජපනට පශ්චාත් භාගය දෙන්න පුදුම ආසාවක් තියෙන්නේ. තව එකෙක් කපාගෙන වලට දාලා උඩට එන්න හෙන හපන්නූ.බොරුද? සංවාදයට විවෘතයි.
Are you an Engineer?
කතාව නං ඇත්තයි. කෙල කෝටියක් ඉංජිනේරැවෝ හිටියට බයිසිකලයක්වත් හදාගන්න බෑ කියන තර්කයයි මෙතන තියෙන්නෙ. ඒ ප්‍රශ්නෙ අහන්න තමන් ඉංජිනේරැවෙක්ම වෙන්න ඕනෙ නෑ. එහෙමනං දේශපාලුවන්ගෙ අඩුපාඩු කියන්න තමනුත් |ෙද්ශපාලුවෙක්ම වෙන්න ඕනෙද කියන ගැටලුව මතු වෙනවා.
If you have a bicycle which is broken, you have to take it to a mechanic not to an Engineer.
මෙතනම කී දෙනෙක් ඇද්ද මහින්ද හොරා කියලා කියන උන්?
උනුත් (රාජපක්ෂලා) එකයි මුනුත් එකයි.
ඒ වුනාට “උන්”ට විතරනෙ අපි ප්‍රසිද්ධියෙ හොරා කියන්නේ, ගෝ හෝම් කියන්නේ. ඒ නිසා දෙකම එක නෑ වගේ නේද ලාවට?
මේ සිස්ටම් චේන්ජ් කරල ඉල්ලන කට්ටිය තමා මහජනතාව ගෙ මුදල් වලින් පිනට ඉගෙන ගෙන අන්තිමට මහ ජනතාව ම අරිනවා
Moratu sarasaviye me aparadaya hemadama siduwenawa.
Ma ehi sevaya karaddi. Priyani soyzage diyaniya ethulu keepa denakuta Nadu denma . V.C. G.T.F unanduwak gatta. Prabala emathiyek ma maranna heduwa. Sahathika thibunata un ugathum nowe. Eyi Nadu danne nette? Bonds and agreements nedda?
Mung thamai aragala karanne.
Nathi kamata thamanta wada diyunu unta jealous karala, free education eken thamange wada okkoma karagena rata panala ratata polu thiyela. Private university genakota irisiyawe ewa danna denne naha.Niyama kala kanni thamai.
check all the doctors who left the country for postgraduate education. Vast number esp tamils/muslims are residing in the UK ,Australia Canada. They come back take the government position in the rural hospital and disappear with the help of the Ministry of health staff by displacing their personal files