ඉටි පන්දම් මිල විශාල ලෙස ඉහලට.. ඉල්ලුමට සරිලන සැපයුම නෑ…
January 25, 2022 at 8:02 am | lanka C news
හැටන් ඇතුළු වතු ආශ්රිත ප්‍රධාන නගර වල ඉටි පන්දම් මිල ඉහල ගොස් ඇත.
කුඩා ප්‍රමාණයේ ඉටි පන්දමක තොග මිල රු 7.50 වන අතර , සමාන්‍ය ප්‍රමාණයේ ඉටි පන්දමක් රු 37.50 කට තොග වෙලදුන් විසින් අලෙවි කරනු ලබයි.
ඉටි පන්දම් පැකට්ටුවක ඉටි පන්දම් 40ක් ඇති බවත්,එය මාසයක් වැනි කෙටි කාලයක් තුල රු 100 කින් පමණ ඉහල ගිය බවත්, ඉටි පන්දම් නිෂ්පාදනය සදහා අවශ්‍ය ඉටි චිනයෙන් ආනයනය නොකරන නිසා වෙලදපොලේ ඉටි පන්දම් හිගයක් පවතින බවයි වෙලදුන් කියා සිටින්නේ.
මේ දිනවල පාරිභෝගිකයන්ගෙන් ඉටි පන්දම් සදහා විශාල ඉල්ලුමක් පවතින බවද වෙලදුන් කියා සිටියි.
– හැටන් රංජිත් රාජපක්ෂ
තයව වසර 3නක් ජනතාවට අපායේ ඉන්න වෙනවා.