ඉඩම් අක්කර එක් ලක්‍ෂ විසිපන් දහසක් විදේශීය ව්‍යාපාරිකයකුට.. කැබිනට් අනුමැතිය…

October 15, 2021 at 11:20 am | lanka C news
ඉඩම් අක්කර එක් ලක්‍ෂ විසිපන් දහසක් විදේශීය ව්‍යාපාරිකයකුට.. කැබිනට් අනුමැතිය…

කෝමාරිකා වගාවකට යැයි පවසමින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අක්කර එක් ලක්‍ෂ විසිපන් දහසක භූමි ප‍්‍රමාණයක් කැබිනට් අනුමැතිය ද ඇතිව විදේශීය ව්‍යාපාරිකයකුට පවරා දී ඇතැයි ‘‘සුරකිමු ශ‍්‍රී ලංකා’’ සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

අදාළ ඉඩම් පවරා දීම සිදුකර ඇත්තේ ඉඩම් හඳුනා ගැනීමකින් තොරව සහ ඉඩම් පටිපාටිය ද උල්ලංඝනය කරමින් මෙරට නීතිය ද අබිබවා යමින් බවද උන්වහන්සේ සඳහන් කළහ.

කෝමාරිකා වගාවට යැයි පවසමින් රජයේ ප‍්‍රබල ඇමැතිවරුන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත මෙම ඉඩම් පවරා දීම සඳහා 2021.08.31 දා පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇතැයි ද ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

අනුරාධපුර යාය 18, රාජාංගණය ප‍්‍රදේශයේ අදාළ කෝමාරිකා ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට මේ දක්වාකර ඇති වන සහ පාරිසරික විනාශයන් හේතුවෙන් අලි මිනිස් ගැටුම් සහ ජල අර්බුද ද පැන නැඟීමෙන් දිස්ත‍්‍රික්කයේ ජනතාව ගැටලූ රැුසකට මුහුණ පා ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

කෝමාරිකා ව්‍යාපෘතියක් පවත්වාගෙන යෑමට යැයි පවසමින් මීට වසර ගණනාවකට ප‍්‍රථම මෙරටට පැමිණ ඇති අදාළ ව්‍යාපාරිකයා වත්මන් රජයේ ප‍්‍රබල දේශපාලකයන්ගේ රක්‍ෂණය මැද මෙම වන සහ පාරිසරික විනාශයන් සිදු කරමින් පැවැතියත් ඔහු මේ දක්වා එකඳු කෝමාරිකා පැළයක් හෝ මෙරට සිටුවා නැති බවත් පාහියංගල ආනන්ද සාගර හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

සුජීව තත්සර
– divaina

42,458 views

9 Comments to “ඉඩම් අක්කර එක් ලක්‍ෂ විසිපන් දහසක් විදේශීය ව්‍යාපාරිකයකුට.. කැබිනට් අනුමැතිය…”

  1. Susantha says:

    ඉතිං පලයන්කො උසාවි එහෙම නැත්නම් මානව හිමිකම් කොමිසමට

  2. 3% ට බය බයියා. says:

    ලක් මවගේ ඇස්,මස්,ලේ විරුවා විසින් විජාතිකයන්ට විකුණන දෙස බලා 69 ලක්ෂයේ දේශප්‍රේමී වහල්ලු කිරිබත් කමින් ප්‍රීති ඝෝෂා පවත්වයි.

  3. චන්දරේ says:

    මේ වෙනුවෙන් දුක් මහන්සි උනු දේශපාලකයන්ට කෝටි ගණනින් සල්ලි ලැබෙන්න ඇති

  4. cobra says:

    පොහොට්ටුව කරුණාකර අපේ රටේ ඉඩම් විදේශිකයින්ට විකිණීම /බදු දීම නතර කරව්

  5. Spirit says:

    ඇමරිකන් පුරවැසියකුට රටේ මුදල් ඇමතිකම බාරදී මුළු රටේම ඉඩම් විදේශිකයින්ට විකුනනවා ..MCC කළු තරුව ට අවශ්‍ය ඉඩම් ජනතාව ට නොදැනෙන්න ලබා දෙනවා ,බැසිල් මුළු රටම විකුණා රටේ ධනය අරන් වසර 5 ඉවරවන විට රටින් පැනලා යයි ..කුරහන් සාටකේ සාමාජිකයින්ගේ දැනට ගසා කෑ මුදල් ගැන දැන ගැනීමට නිරුපමා රාජපක්ෂගේ පැන්ඩෝරා මගඩිය හොදටම ප්‍රමාණවත් ..තවත් මේ කුරහන් සාටක පවුලේ සාමාජිකයින් ගැන විශ්වාසයක් තැබිය නොහැක ..හෙළයිනි . අපේ රටේ දුෂිත දේශපාලුවන්ට විරුද්ධව ඔවුන් සිදුකරන ජාතික අපරාධ වලට විරුද්ධව නැගී සිටිව් ..බලා සිටීමට කාලයක් නැත
    අන්තිමේදී මේ ආණ්ඩුවේ 5 වසර ඉවර වන විට මුළු රටේම ඉඩම් විදේශිකයින් සතුකර ඔවුන් රටින් පිටවී යයි

  6. කැපුවත් පොහොට්ටුවට says:

    විදේශ ආයෝජකයෝ එනකොට මේ බුදුදහම කන හොර ගනයන්ට ඇහේ කටු අනිනව වගේ.

  7. SAMAN says:

    ඇමරිකන් පුරවැසියකුට රටේ මුදල් ඇමතිකම බාරදී මුළු රටේම ඉඩම් විදේශිකයින්ට විකුනනවා ..MCC කළු තරුව ට අවශ්‍ය ඉඩම් ජනතාව ට නොදැනෙන්න ලබා දෙනවා ,බැසිල් මුළු රටම විකුණා රටේ ධනය අරන් වසර 5 ඉවරවන විට රටින් පැනලා යයි ..කුරහන් සාටකේ සාමාජිකයින්ගේ දැනට ගසා කෑ මුදල් ගැන දැන ගැනීමට නිරුපමා රාජපක්ෂගේ පැන්ඩෝරා මගඩිය හොදටම ප්‍රමාණවත් ..තවත් මේ කුරහන් සාටක පවුලේ සාමාජිකයින් ගැන විශ්වාසයක් තැබිය නොහැක

  8. Athula says:

    හරි යන්නෙ නැහැ මේ තක්කඩි අපිට මහා පොළවත් අහිමකරලා තමයි ඇමරිකාවට යන්න හදන්නෙ.. ඊට පෙර මුන්ව පන්නා දමමු

  9. Kalu Albot says:

    “Kura Han Saatake”? Kura + Han = Kura saha Han thibenne Harakun weni sathuntaya! E nisaa me saatakayata sudusu namak yodamu!

Main News