ඉඩම් අත්පත් කර ගැනිමට දඹුල්ලෙන් ආ පිරිසක් පලවා හරී.. නෝර්වුඩ් උණුසුම්..

January 12, 2021 at 4:30 pm | lanka C news
ඉඩම් අත්පත් කර ගැනිමට දඹුල්ලෙන් ආ පිරිසක් පලවා හරී.. නෝර්වුඩ් උණුසුම්..

නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් වතු යාය යටතේ පාලනය වන නිව්වැලි වත්තේ විශාල ඉඩමක් අත්පත් කර ගැනිමට දඹුල්ල ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් පලවා හැරිමට වතු පාලන අධිකාරිය සහ වතු කම්කරුවන් (12) දින කටයුතු කලහ.

නොර්වුඩ් නිව්වැලි වත්තේ පිහිටි තේ කර්මාන්ත ශාලාවට යාබදව කාසල්රි ජලාශ ඉස්මත්තේ යුකෙලෙප්ස්ටික් වන වගා සහිත අක්කර 03 ක පමණ ඉඩම් කොටසක් තමන්ට නිතියානුකුල ලියකියවිල්ලක් ඇති බව පවසමින් දඹුල්ල ප්‍රදේශයෙන් පිරිසක් තම වතු යායට පැමිණි බවත්,එම පිරිස කාසල්රි ජලාශයට යාබදව පිහිටි ඉඩම මින් ඉදිරියට තමන්ට අයිති බව පැවසිමෙන් අනතුරුව තමන් ඒ පිලිබදව වතු පාලන අධිකාරිය සහ නොර්වුඩ් පොලිසිය දැනුවත් කල අවස්තාවේ එසේ පැමිණි පිරිස පලා ගිය බවයි එම වතු යායේ වතු කම්කරුවන් කියා සිටියේ.

එම වතුයායේ තේ වත්තේ වැඩකරමින් සිටි වතු කම්කරුවන්ද තේ දළු නෙලිමේ කටයුතු නතර කර තම තේ වත්තේ ඉඩම් බේරා ගැනිම සදහා එම ස්ථානයට පැමිණි සිටිහ.

ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයෙකුගේ පුර්ණ සහයෝගය ඇතිව කාසල්රි ජලාශයට යාබදව පිහිටි තම වතු යායට අයත් ඉඩම් පිටතින් පැමිණි පුද්ගලයන්ට අත්පත් කර ගැනිමට විවිධ අයුරින් කටයුතු කරන බවත් ,වසර ගණනාවක් ඉඩම් කැබැල්ලක් හෝ නොමැතිව වතු නිවාස වල තවදුරටත් ජිවත් වන තමන් පිටතින් පැමිණෙන පුද්ගලයන්ට තම වතු යායේ තේ ඉඩම් අත්පත් කර ගැනිමට ඉඩ ලබා නොදෙන බවයි විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

රජයේ තේ ඉඩම් පුද්ගලික අංශය වෙත ලබා දිමේදි නොර්වුඩ් නිව්වැල් වත්තේ ඉඩම්ද වසර 99 බද්ධකට ලබාගෙන ඇති බවත් , එම ඉඩම් යලිත් බදු කාලය අවසන් විමෙන් පසු රජයට භාර දිමට තම වතු සමාගම කටයුතු කල යුතු බවත් , එවන් තත්ත්වයක් මත ව්‍යාජ ලියකියවිලි සකස් කර ගනිමින් තම වතු යායේ ඉඩම් අත්පත් කර ගැනිමට පිටතින් පැමිණෙන අයට කිසිසෙත් ඉඩ ලබා නොදෙන බවයි නොර්වුඩ් වතු යායේ ජෙෂ්ට සහකාර කලමණාකරු සුපුන් සෙනවිරත්න මහතා කියා සිටියේ.

වතු කම්කරුවන් විරෝධය දැක් වු ස්ථානයට නොර්වුඩ් පොලිසියේ නිලධාරින්ද පැමිණ සිටිහ.

– හැටන් රංජිත් රාජප-ක්ෂ

23,525 views

4 Comments to “ඉඩම් අත්පත් කර ගැනිමට දඹුල්ලෙන් ආ පිරිසක් පලවා හරී.. නෝර්වුඩ් උණුසුම්..”

  1. Rosh says:

    අනිවාර්යෙන්ම හොරාකන දේශපාලකයෙක් ගෑවිලා ඉන්නවාමයි ඕකට… මෙන්න කැට!!

    • Sumudu says:

      නුවර එළියේ රජයේ ඉඩම් ප්‍රධාන වශෙයන් අත් පත් කරගන්නේ නුවර එළියේ හිටපු නගරාධිපති දොඩම්පේ හා ඔහුගේ සහෝදරයා . දැනටමත් ඔවුන්ට නුවර එළියේ හෝටල් (ඇල්පයින්, කොලින්වුඩ් ඇතලු හෝටල් 13කට වඩා ඇත ) https://ikman.lk/en/shops/mahindanuwaraeliya

      යහපාලන රාජ්‍ය සමයේ ඩඩ්ලි සිරිසේනගේ ගජ මීතුරා ලෙස නුවර එළියේ ශ්‍රීලංකා එකේ බලය මය්ත්‍රී වෙනුවෙන් රැකලා දැන් හෙමිට ශ්‍රීලංකා එකේ බලය වෙනුවෙන් පෙනී සිටි දැනට සංවර්ධන කමිටු ප්‍රධානි මන්ත්රිවර්යේකුත් එක්ක නැවත පොදු පෙරමුණ අන්දලා නුවර එළියේ බලේ ගන්න ප්ලැන් කරන ගමන් රජයේ ඉඩම් ටික අල්ල අල්ලා විකුනනවා .

  2. බන්ඩා says:

    උසාවියට අපහාස කලා කියල එස්බීත් හිරේ හිටිල පසුව ජනාධිපති සමාව ලැබුනා. ගොංජට එහෙම සමා නැහැ. 🤗

    • සිරා හිටං says:

      ගොංජට තව නඩු පෝලිමක් මග එනවා. 🤑

Main News