ඉඩම් ඉල්ලා මුලතිවුහි විරෝධතා.. විග්නේෂ්වරන් මහ ඇමතිත් එයි..
July 11, 2017 at 12:40 pm | lanka C news
යුද්දෙන් පසුව නැවත පදිංචියට ගිය තමන්ගේ මුල් ඉඩම් මේ වන තුරු නොලැබුනු බව පවසමින් මුලතිව් කේපාපිලව් නැවත පදිංචි වැසියන් පිරිසක් මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
කේපාපිලව් ඉඩම් අහිමි වූ වැසියන් විසින් උද්ඝෝෂණය සංවිධානය කොට තිබූ අතර එම අවස්ථාවට කේපාපිලව්හි මුල් ඉඩම් අහිමි වූ වැසියන් පිරිසක් සහභාගී වී සිටයහ.
උද්ඝෝෂණ අවස්ථාවට සහභාගී වු වැසියන් කියා සිටියේ යුද්දෙන් පසුව නැවත පදිංචියට පැමිණි තමන්ට සිය මුල් ඉඩම් වෙනුවට විකල්ප ඉඩම් ලැබී ඇති බවටත් එම විකල්ප ඉඩම්හි නැවත පදිංචි වූ තමන්ට මේ වන වට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති හෙයින් වහාම සිය මුල් ඉඩම් ලබා දීමට බලධාරීන් කටයුතු කළ යුතු බවටයි.
මෙම උද්ඝෝෂණය සිදු වන අවස්ථාවේදී මුලතිව් දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමද මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී පැවති අතර එම අවස්ථාවට සහභාගී වූ උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂවරන් මහතා උද්ඝෝෂකයින් හමු වී සාකච්ඡා කල අතර එහිදී උතුරු පලාත් ප්‍රධාන අමාතය වරයා විසින් උද්ඝෝෂකයින්ට දැනුම් දී සිටියේ අදලා ගැටලුව සම්බන්ධයෙන් මධ්‍යම රජයේ බලධාරීන් සමග සකාච්ඡා කොට විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවටයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ