ඉඩම් නිදහස් කරන්නැයි මුලතිව්හි විරෝධතා.. විරෝධතා කරුවන් අතර විදේශකයිනුත්…

March 1, 2018 at 8:02 am | lanka C news
ඉඩම් නිදහස් කරන්නැයි මුලතිව්හි විරෝධතා.. විරෝධතා කරුවන් අතර විදේශකයිනුත්…

යුද්දය අවසන් වීමෙන් පසුව වසර 9 ක් ගත වුනද මෙතෙක් උතුරු නැගෙනහිර විශාල ඉඩම් ප්‍රමාණයක් මුල් අයිති කරුවන් වෙතට නොලැබීම හේතුවෙන් එම ඉඩම් වහාම ලබා දෙන ලෙස ඉල්ලා මුලතිව්හි විරෝධතා පා ගමනක් සංවිධානය කොට තිබුණි.

ජාතික ධීවර සහයෝගිතා පදනම මගින් සංවිධානනය කොට තිබූ මෙම විරෝධතා පා ගමනට උතුරු නැගෙනහිර ඉඩම් අහිමි වූ ජනාතව විශාල ප්‍රමාණයක් සහබාගී වී සිටි අතරම ස්විස්ටර් ලන්තයේ මහජන සංවිධානයක සාමාජිකයින් පිරිසක්ද මෙම විරෝධතාවට සහභාගී වී සිටියහ.

මුලතිව් පොදු වෙළඳ මධ්‍යස්ථානයෙන් ආරම්භ කරන ලද මෙම විරෝධතා පා ගමන මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා පැමිණ එහි විරෝධාවක් පැවත්වීමෙන් අනතුරුව අවසන් විය.

විරෝධතාවයේ නිරත වූවන් කියා සිටියේ,

‘යුද්දය නිමා වී වසර 9 ක් ගත වුනද පැවති රජයන් හා වත්මන් රජයද ඉඩම් නොමැති ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීම දිනෙන් දින කල් අරින් බවටත් උතුරු නැගෙනහිර යුද්දය හේතුවෙන් අහිමි වූ සාමාන්‍ය ජනතාවට අයත් ඉඩම් වල අයිතිය නොලැබුනු බොහෝ පිරිසකට අද වන විට උන් හිටි තැන අහිමි වීම හේතුවෙන් මෙම ඉඩම් ගැටලුව අද වන විට ජාත්‍යන්තරයේද ගැටලුවක් වී ඇති බවටයි.

මෙම විරෝධතා ව්‍යාපරයට එක් වූ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු වනහර්මන් කුමාර මහතා කියා සිටියේ,

‘මේ වන විට උතරු නැගෙනහිර ඉඩම් අහිමි වූ ජනතාව දින 365 කට අධික කාලයක් තමන්ගේ ඉඩම් ඉල්ලා අරගල කරනවා මේ අරගලයට සහය දීමක් වශයෙන් නැගෙනහිරින් වගේම දකුණින් ඉඩම් අහිමි වූ ජනතාව ඇවිත් ඉන්නවා මේ ඉඩම් අහිමි වූ ජනතා ගැටලුව වෙනුවෙන් අපි අධ්‍යන වාර්ථාවකුත් සිදු කරා ඒ අධ්‍යන වාර්ථාව මගින් අපි පෙන්වා දෙන්නේ ඉඩම් අහිමි වූ ජනතාව මෙන්ම ඉඩම් ලැබුනු ජනතාවට කිසිදු පහසුකමක් නොමැතිවීම හා එම වැසියන්ට නිවසක් හෝ ජීවන ආර්ථික ක්‍රමයක් ලැබිය යුතු බවටයි මේ නිසා මේ ගැටලුව ගැන බලධාරීන් සංවේදී වෙලා මේ ඉඩම් ගැටලුව විසඳා දෙන ලෙසටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21 views

2 Comments to “ඉඩම් නිදහස් කරන්නැයි මුලතිව්හි විරෝධතා.. විරෝධතා කරුවන් අතර විදේශකයිනුත්…”

  1. David Milli-banda says:

    Rajaye idam………………………….nodenu.
    This are crown lands and not their father’s properties.
    DO NOT RELEASE OR GIVE AN INCH OF LAND

    These people are having letters issued by TULF Amirthalingam, in 1977.
    THESE ARE NOT VALID LETTERS.

    NO GOVERNMENT PROPERTIES FOR ANYONE

  2. mali says:

    There are large amount of priceless sinhalese lands have been grabbed by these indian tamils by telling their lands .They do not settle and they have barbed wired them and just keeping them for their future sons and daughters .They have already got their lands to live .What about so many numbers of sinhalese who do not have the land to live or house warm them up .Only tamils need to be kept cosy and comfortable.
    everyone who do not have lands or houses should go to street ask for the lands in the north and east because there are a lot available in the north and the east and they are fertile as well, these lands are belong to ancient sinhala civilization which was abandoned due to dutch cruelty and british invasion.

Main News