ඉඩම් නිදහස් කරන්න ජනපති මෛත්‍රී අපට පොරොන්දු වුණා.. ඉදිරියේදී තවත් දේ..- TNA
July 4, 2017 at 4:40 pm | lanka C news
යුද සමයේදී අධිආරක්ෂිත කලාප වශයෙන් නම් කෙරුනු යාපනය වලිකාමම් මයිලිඩ්ඩි ප්‍රදේශය නදහස් කොට මුල් අයිති කරුවන් වෙතට දීමෙන් පසුව මුල් ඉඩම් හා ආගමික ස්ථාන පරික්ෂා කල වැසියන් ආරක්ෂක අංශ වෙතට ප්‍රශංශ කොට ඇත.
27 වසරකට පසුව මයිලිඩ්ඩි ප්‍රදේශයේ නැවත පදිංචියට ගිය මුල් පදිංචි කරුවන් වෙතට දැක ගත හැකි වූවේ සිය මුල් ඉඩම්හි පිහිටි නිවාස යුද්දයෙන් විනාශ වී ගියද පුරාණ හින්දු කෝවිල් ආරක්ෂක අංශ විසින්ද සිය ආගමික වතාවත් සිදු කරමින් එම ස්ථාන ආරක්ෂා කර ඇති හෙයින් එම වැසියන් යුද හමුදාවට හා නාවික හමුදාවට සිය ප්රශංසාවන් පල කර සිටියේ නැවතත් සිය ධීවර කර්මාන්තය ආරම්භ කිරීමට හැකි වනු ඇති බවට පවසමිනි.
ඊට අමතරව ප්‍රදේශයේ පිහිටි පොදු ළිං ආගමික ස්ථාන පිලිසකර කර දීමද යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් අදාල නිලධාරීන් වෙතට උපදෙස් ලබා දී ඇත.
මයිලිඩ්ඩි ප්‍රදේශයේ අක්කර 54 ක භූමි ප්‍රදේශය මුල් අයිති කරුවන් වෙතට ලබා දීමේ උත්සව අවස්ථාව ඇමතූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරම් මහතා කියා සිටියේ,
‘ආණ්ඩු මාරුවේදී අපි කිසිදු එකගතාවයකට පැමිණීයෙ නැතත් ජනතාවගේ මුල් ඉඩම් නිදහස් කිරීම ගැන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අපිට පොරොන්දුවක් වුනා මේ මුල් ඉඩම් නැවත ලබා දෙන එක ගැන මේ ඒ පොරොන්දුවේ එක් ජයග්රහනයක් නමුත් මේ එක් පියවරක් පමණයි ඉදිරියේදී මේ අයුරින් අනෙක් ප්‍රදේශත් නිදහස් කරගත යුතුයි විශේෂයෙන්ම මේ ප්‍රදේශයට පිවිසෙන ප්‍රධාන මාර්ගය ඒ පිළිබඳවත් ඉදිරියේදී යුද හමුදාව අවශ්‍ය පියවර ගනියි කියල මම හිතනවා’ යනුවෙනි
– වන්නි රොමේෂ් මධුෂංඛ